blogImage

ලිංගික ඉන්නන්

📌 ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳව දැනුවත් කිරීම යටතේ මෙවර අප සාකච්ඡා කරනුයේ ලිංගික ඉන්නන් සම්බන්ධවයි.

 

📌 ලිංගාශ්‍රිත රෝග සායනයේ වෛද්‍යවරයා සහ රෝගියා අතර සංවාද මෙසේ දිග හැරේ.

 

ඩොක්ටර් ලිංගාශ්‍රිතව බෝවන ඉන්නන් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වන්නේ කොහොමද ? 🤔

 

සාමාන්‍යයෙන් ලිංගික ඉන්නන් බෝවන්නේ HPV කියන වෛරස කාණ්ඩයේ වෛරස ලිංගික ප්‍රදේශ වල ආසාදනය වීමෙන්.

 

එය යෝනි මාර්ග සංසර්ගය, ගුද මාර්ග සංසර්ගය, මුඛ සංසර්ගය සේම ලිංගික ප්‍රවේශයකින් තොරව සිදුවන කලව ආශ්‍රිත සංසර්ගය සිදු කිරීම මගින්ද බෝවිය හැක. 🥺

 

ඩොක්ටර්, මගේ මහත්තයා සමග මම හිටියේ කොපුවක් පැළඳගෙනයි. එම සහකරු හැර වෙනත් අයෙකු සමග ලිංගික සම්බන්ධතා මම පවත්වලා නෑ. මහත්තයාගේ ලිංගික අවයව වල මේ විදියේ ගැටිති දකින්නත් නෑ. 😕

 

ඇතැම් රෝගීන් ඉන්නවා පැපිලෝමා වෛරසය ආසාදනය වුනත් රෝග ලක්ෂණ නොපෙන්වන අය. එයාලා වාහකයන් ලෙස ක්‍රියා කරනවා. 😢

 

උපත් පාලක කොපු පැලඳුවත් ලිංගික ප්‍රදේශය අවට ප්‍රදේශ ස්පර්ශ වන නිසා වෛරසය බෝවෙන්න පුළුවන් 🙁

 

මගේ බෙල්ලේ, අතේ කොහොමත් ඉන්නෝ තියෙනවා. ඒවත් ලිංගිකව සම්ප්‍රේෂණය උන ඒවද? 🙄

 

ලිංගික ප්‍රදේශ අවට, ගුද මාර්ග විවරය අවට හා මුඛ කුහරය තුල හැරුනාම අනිත් ප්‍රදේශවල ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරස ප්‍රභේදයන් ඉන්නන් ඇතිවෙන්නේ නෑ. හියුමන් පැපිලෝමා වෛරසයේ ලිංගික නොවන අනෙකුත් ප්‍රභේද වලින් සමේ අනික් ප්‍රදේශ වල ඉන්නන් ඇතිවිය හැක. 🙁

 

ඩොක්ටර් මම pregnant උනාම මෙම රෝගය වැඩි වෙයිද?

 

ගර්භණී කාලයේ කාන්තාවකගේ ශරීරයේ සිදුවන වෙනස්කම් නිසා ප්‍රතිශක්තිය හීන වීමෙන් ඉන්නන් නැවත නැවත මතු වීමේ අවදානමක් පවතිනවා. 🥺

 

දරුවා උපදින කාලය වන විට යෝනි මාර්ගය අවහිර වනසේ ඉන්නන් පවතින විට සීසර් සැත්කමකින් දරුවා ප්‍රසූත කල හැක.

 

ඉපදෙන බිළිඳාට පවතින්නේ ඉතාම සුළු අවදානමක්. 🙂

 

ඒ වුනාට ඩොක්ටර් මට මගේ මහත්තයව විශ්වාසයි. මේ රෝගයමද කියලා මට තහවුරු කරගන්න ඕන. ඒක කොහොමද කරන්නේ ? 🙁

 

සාමාන්‍ය වෛද්‍යවරයකු ඔහුගේ සායනික දැනුම මත එම විනිශ්චය ලබා දෙනවා. නමුත් මෙවැනි අවස්ථාවක අදාල ගැටිත්තෙන් කොටසක් ලබා ගෙන අන්වීක්ෂ පරීක්ෂාවකට ලක් කරලා තහවුරු කරගන්න ඕන. 😊

 

අදාල biopsy වාර්තාව සමග පසු දිනක රෝගියා නැවත සායනයට පැමිනිවිට පෙර සංවාදයේ ඉතිරි කොටස දිග හැරිනි.

 

දැන් ඩොක්ටර් මං කොහොමද මේ ඉන්නන් අයින් කරගන්නේ? 🙁

 

ලබා දෙන ප්‍රතිකර්මය, පවතින ඉන්නන් සංඛ්‍යාව සහ පවතින ස්ථානය මත තීරණය වෙනවා.

 

• ශල්‍යකර්මයකින්.

• ද්‍රවිකෘත නයිට්‍රජන් භාවිතය.

• TCA වැනි ආලේපන භාවිතය. වැනි විවිධ ප්‍රතිකර්ම තියෙනවා. 😊

 

එහෙම අයින් කලාම වෛරස් එක

සම්පූර්ණයෙන්ම ඇඟෙන් ඉවත් වෙනවාද? 🤔

 

නැහැ. කිසිම ප්‍රතිකර්මයකින් වෛරසය ශරීරයෙන් ඉවත් කරන්න බෑ. නමුත් ඉන්නන් ඉවත් කිරීම විතරයි සිදුකල හැක්කේ.

 

මේ රෝගයෙන් පසු කාලීනව මොනවගේ තත්වද ඇතිවෙන්න පුළුවන් ? 🙁

 

ලිංගික ඉන්නන් බෝ කරන රෝගකාරකය ගැබ්ගෙල ආශ්‍රිතව ආසාදනය උනොත් කලාතුරකින් පසු කාලීනව ගැබ්ගෙල පිළිකා ඇති විය හැකියි. ඒ නිසා වයස 35 න් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල සුවනාරී සායනයකින් ගැබ්ගෙල පරීක්ෂාවක් කරගැනීම සුදුසුයි. 😊

 

සාමාන්‍ය ජනගහනයේ තරමක් සුලභ රෝගයක් වන ලිංගික ඉන්නන් පිළිබඳ අප ඉදිරිපත් කල සංවාදය මෙයින් අවසන්. තවත් ලිංගාශ්‍රිතව බෝවන රෝගයකින් ඉදිරි දිනකදී හමු වෙමු. 😊

 

✍️ සටහන

 

Dr.Bharatha Dissanayake

Medical officer

STD unit

Base Hospital Mahiyanganaya

blog_image
blog_image