blogImage

“ඩොක්ටර් මගේ ලේ වර්ගය B නෙගටිව්. ඒකෙන් බබාට ප්‍රශ්නයක් වෙනවද

“ඩොක්ටර් මගේ ලේ වර්ගය B නෙගටිව්. ඒකෙන් බබාට ප්රශ්නයක් වෙනවද?😢
ගර්භනී මව්වරුන්ගේ සායනයේදී නිතරම අම්මලා අහන ප්රශ්නයක් තමයි මේක🤔
ලේ වර්ගය නෙගටිව් වන අම්මලාට බලපාන Rh Incompatibility තත්ත්වය ගැන තමයි අම්මලාට මේ ගැටළුව තියෙන්නේ😐
📍ඇයි සමහර අයගේ ලේ වර්ගය නෙගටිව් වෙන්නේ?🤔
අපේ ලේ වර්ගය එහෙම නැත්නම් රුධිර ගණය තීරණය වන්නේ රතු රුධිර සෛල වල පවතින ප්රතිදේහජනක අනුවයි.😶 A, Ab, B, සහ O ලෙසට ප්රධාන රුධිර ගණයන් හතරක් පවතී.🤗
ඊට අමතරව Rh කියන ප්රතිදේහජනකය පවතින පුද්ගලයන් Rh පොසිටිව් ලෙසත් Rh ප්රතිදේහජනක නැති පුද්ගලයන් Rh නෙගටිව් ලෙසත් සලකනවා.🙂
📍ගර්භනී මව්වරුන්ට මෙහි ඇති බලපෑම මොකක්ද?
Rh නෙගටිව් අම්මලා, ඒ කියන්නේ ඔබේ රුධිර වර්ගය,
A නෙගටිව්
B නෙගටිව්
O නෙගටිව්
AB නෙගටිව් නම්
ඔබේ ස්වාමිපුරුෂයාගේ රුධිර ගණය Rh පොසිටිව් නම් දරුවා Rh පොසිටිව් වීමට අවස්ථාවක් තියෙනවා.🤨 ඉතිං ඔබේ දරුවා Rh පොසිටිව් නම් ගර්භනී සමයේදී දරුවාගේ කළල අවස්ථාවේදී එම Rh පොසිටිව් රුධිරයට ඔබ නිරාවරණය වූහොත් මවගේ ශරීරයේ ප්රතිදේහ වර්ධනය වෙනවා.😦
📍කොහොමද කළල රුධිරයට මවක් නිරාවරණය වෙන්නේ?🤔
මෙවැනි අවස්ථාවක අපි fetomaternal hemorrhage කියලා කියනවා🙄
👉• ස්වාභාවික හෝ උත්ප්රේරිත ගබ්සාවකදී
👉• උදර ප්රදේශයේ සිදුවූ අනතුරකදී
👉•ස්වභාවික දරු ප්රසූතියකදී
👉• ගර්භනී සමයේදී සිදුකර ඇතැම් ප්රතිකාර (Inviasive obstetrics procedures)
📍අම්මගේ රුධිරයේ Rh ප්රතිදේහ ඇති වූහොත් මොකද වෙන්නේ?.🤔
සාමාන්යයෙන් බොහෝ අවස්ථාවලදී මෙහි බලපෑම ඇතිවන්නේ දෙවන දරුවාටයි.😐 ඉන්පසු පිළිවෙලින් පසුව උපදින දරුවන්ට මුලින් දරුවන්ට සාපේක්ෂව මෙහි අවදානම වැඩි වෙනවා🙁
යම් අවස්ථාවකදී මවගේ රුධිරයේ ඇතිවූ Rh ප්රතිදේහ ගර්භනී අවස්ථාවේදී දරුවාගේ රුධිරයට ඇතුළු වූ විටදී දරුවාගේ රුධිර සෛල විනාශ වීමෙන් දරුවාට රක්තහීනතාවය ඇතිවෙනවා😰
මෙය fetal alloimmune induced haemotytic anemia ලෙසට හඳුන්වනවා.
📍Rh නෙගටිව් ඔබ කල යුත්තේ කුමක්ද? 🤔
විවාහ වීමට බලාපොරොත්තු වන හෝ ගර්භනී භාවයට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් නම් ඔබේ රුධිර ගණය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්🧐
ඔබ Rh නෙගටිව් කාන්තාවක් නම් ඔබගේ සහකරුගේ රුධිර ගණය පරීක්ෂා කරගන්න.👫
ඔබ දෙදෙනාම නෙගටිව් නම් දරුවාගේ රුධිර ගණය නෙගටිව් වන නිසා Rh Incompatibility තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ ඉතා අඩුයි.🙂
නමුත් ඔබේ සහකරුවා පොසිටිව් රුධිර ගණය ඇත්තෙක් නම් ගර්භනී කාලයේදී සැලකිලිමත් වීම ඉතා වටිනවා🤰🏻
ගර්භනී කාලයේදී ඔබගේ රුධිර ප්රතිදේහ නිපදවී ඇත්දැයි පරීක්ෂා කිරීම සිදු කරයි🙂
• පළමුව සායනයට පැමිණෙන විටදී
• ගර්භනීභාවය සති 28ක් වන විටදී
• සති 34-36 අතර කාලයේදී
මෙසේ ඔබේ රුධිරයේ ප්රතිදේහ පරීක්ෂා කිරීම සාමාන්යයෙන් සිදු කරයි.🤗
මේ පරීක්ෂණ නොවරදවාම නියමිත දිනට සිදුකරගන්න.
ගර්භනී කාලයේදී සාමාන්යයෙන් 28 වන සතියේදී Rh නෙගටිව් මව්වරුන්ට ප්රතිදේහ නාශක ඖෂධ ලබා දීම සිදුකරයි.🙂
ඇතැම් අවස්ථාවලදී වාර දෙකකදී 28 වන සතියේදී හා 34 වන සතියේදී ඒවා ලබාදීම සිදුකරයි. නොවරදවාම ඒවා ලබා ගන්න.☺️
ගර්භනී කාලයේදී යම් හෙයකින් ප්රතිද්රෙහ වර්ධනය වී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වීමක් සිදුවුවහොත් ඒ සඳහා ඖෂධ ලබාදීම සිදු කරනවා.☺️ එමෙන්ම කළලයේ වර්ධනය පිළිබඳව ස්කෑන් පරීක්ෂණය මඟින් ක්රමානුකූලව නිරීක්ෂණය කරයි.
Rh නෙගටිව් මවක් ගර්භනී සමයේදී කළල රුධිරයට නිරාවරණය වන අන්දමේ සිදුවීමකට මුහුණ දුන්නොත් එම අවස්ථාවේදී අවශ්ය පරිදි ප්රතිකාර සිදුකරයි.😊
යම් ආකාරයකින් දරුවාට ප්රතිදේහ ඇතුළු වී ඇත්නම් ඒ සඳහා විශේෂිත ප්රතිකාර ක්රම පවතී.🙂
*විශේෂ අවධානයට->
ඔබේ රුධිර ගණය නෙගටිව් අයෙක් නම් මේ පිළිබඳව අනවශ්ය බියක් හෝ චකිතයක් ඇතිකර ගත යුතු නැහැ.🙃 නවීන වෛද්ය විද්යාත්මක ක්රම අනුව මේ තත්ත්ව මගහරවා ගෙන නීරෝගී දරුවකු බිහිකරගැනීම වර්තමානයේදී ඉතා සාර්ථකව සිදුවන ක්රියාවලියකි☺️
ඒ නිසා දැනුවත් වීම යහපත් වන අතර බියවීම අනවශ්ය කාරණාවක්.🤗
✍ Dr. Prabath Kavinde
Senior House officer
Gynecology and Obstetrics unit
PGH Badulla.
blog_image
blog_image