blogImage

ඔබට සිසේරියන් සැත්කමක් 🤱 අවශ්‍ය වන්නේ ඇයි??

ඔබට සිසේරියන් සැත්කමක් 🤱 අවශ්ය වන්නේ ඇයි??
සිසේරියන් සැත්කම් වර්ග දෙකයි.
💊පෙර සැලසුම් කල සැත්කම් .
💊හදිසි සැත්කම්.
🤰පෙර සැලසුම් කල සිසේරියන් සැත්කම් කිරීමට හේතු;
1.පෙර සිසේරියන් සැත්කම්.
2.කළලයේ අසාමාන්ය පිහිටීම.(breech, transverse, oblique)
3.අධික රුදිර පීඩනය.
4.අසාමාන්ය ලෙස විශාල කළල.
5.පෙර සිදුවූ ගබ්සාවීම්, පෙර මළ දරු උපත්.
6.බහු කළල අවස්ථා.( නිවුන්,තුන් නිවුන්,සිව් නිවුන්...)
7.HIV හෝ syphilis අසාදිත මව්වරුන්.
8.IVF ,IUI වැනි ප්රථිකාර ක්රම වලින් සෑදුන කළල( මද සරුභාවය සදහා ප්රතිකාර ලබාගත් මව්වරුන්)
9. Placenta previa , placenta accreta වැනි වැදෑමහ ආශ්රිත ප්රශ්න ඇති මව්වරුන්.
10. වර්ධනය ඉතාම අඩු කළල( Intra unterine growth restriction)
11. මවගේ වෙනත් රෝග.
හර්ද රෝග, වලිප්පුව, වකුගඩු ආශ්රිත රෝග, ඇදුම,දියවැඩියාව( මෙහෙදී සිසේරියන් සැත්කමක් අත්යාවශ්ය නොවන අතර එය ඔබේ ප්රසව හා නාරීවේදී විශේෂඥ වෛද්යවරයා විසින් තීරණය කරනු ලබයි)
🤰හදිසි සිසේරියන් සැත්කම්
(මවගේ හා කළලයේ ජීවිත අවධානම තකා ඉක්මනින් සිදු කරන සැත්කම් )
1. Cord prolapse, cord presentation
( සාමාන්ය දරු උපතකදී හෝ ඊට පෙර කළල තරලය පිටවීම නිසා පෙකණිවැල මවගේ ගැබ් ගෙලින් එලියට පැමිනෙන අවස්තා)
2. Failed Induction, post dates
( සාමාන්ය දරු ප්රසූතියකට සූදානම් වුවත් දින පසුවීත් දරු ප්රසූතිය සිදු නොවන අවස්තා)
3. Antipartum heamorrhage, placental abruption
( ගර්භනී අවදියේදි සිදුවන අධික රුදිර වහනය, මෙහෙදී වැදෑම ගර්භාශයෙන් ගැලවී යාම හෝ එසේ නොවී සිදුවන රුධිර වහනයද අදාල වේ)
4.Eclampsia
( අධි රුධිර පීඩනය නිසා සිදුවන වලිප්පුව වැනි අවස්ථා)
5. Fetal Distress
ගර්භාශය තුලදී කළලයේ සිදුවන මිකෝනියම් ( මල අපද්රවය්) පිටවීම හා එවැනි වෙනත් අවස්ථා නිසා කළලයේ සිදුවන වෙනස්කම්.
(මෙය බොහෝවිට CTG පටියක් මගින් තහවුරු කරගනු ලබයි.
6. Uterine rupture
( හදිසියේ සිදුවන ගර්භාශය පුපුරා යාම්)
මෙය බොහෝවිට පෙර සිසේරියන් සැතකම් දෙකක් හෝ ඊට වැඩි ප්රමාණයක් සිදු කල මව්වරුන් අතර දකින්නට ලැබේ.
දැන් අපි කතා කරමු සිසේරියන් සැත්කමකින් පසුව සිදුවිය හැකි සංකූලතා.........
මේ සංකූලතා අපි කොටස් කීපයකට බෙදනවා.
1. Intra oparative complications.
අනෙකුත් හැම සැත්කමකව වගේ මෙකෙදිත් සැත්කම සිදු කරන අවස්ථාවේ සිද්ද වෙන්න පුලුවන් මේ දේවල්
🩸අධික රුධිර වහනය( ඇතැම් අවස්තාවල මවගේ ජීවිතය බේරා ගැනීම ගර්භාශය පිටින්ම ඉවත් කරන්න සිදුවෙනවා)
🩸අධික රුදිර පාරවිලයනය හා ආශ්රිත සංකූලතා( ලේ විසවීම්, ලේ කැටි ගැසීම්)
🩸අනෙකුත් අවයව වලට සිදුවන හානි( බඩවැල්, මුත්රාශය, මුත්රා නාල)
🩸සෑම සැත්මකම්ක්ම ඇග තුලට විශබීජ හදුන්වාදීමක්.
🩸සිහි නැතිකිරීම, හිරිවැට්ටවීම සම්බන්ද සංකූලතා.
2 Post oparative complications.
(සැත්කමෙන් පසුව)
🩸රුධිර කැට ගැසීම හා සම්බන්ද රෝග( thrombosis, embolism)
🩸ගර්භාශය හා බඩවැල් ඇලීයාම නිසා සිදුවන adhesions සහ ඒ සමග ඇතිවන අධික වේදනාව.
🩸තුවාලය පැසවීම සහ වෙනත් විශබීජ ඇතුලුවීම සමග ඇතිවන සංකූලතා.
3. In later pregnancies
පසුකාලීන ගර්භනී අවස්තාවලදි,
🩸 ectopic pregnancy
ගර්භාශයෙන් පිටත් දරුගැබ පිහිටීම
🩸uterine rupture
ගර්භාශය පුපුරා යාම
🩸Subfirtility
මද සරුභාවය
🩸Placenta accreta, percreta
වැදෑමහ පෙර සැත්කම සිදුකල ස්ථානයෙන් පිටතට වැඩීම නිසා ගර්භාශයම ඉවත්කිරීමට සිදුවීම.
🩸Adesions
ගර්භාශය හා බඩවැල්, මුත්රාශය ඇලීයාම නිසා පසුව සිදුකරන සැත්කම් වලදී ඒ අවයව වලට හානි සිදුවීම්
4. Spinal anesthesia complications
99% ක් සිසේරියන් සැත්කම් කොන්දට බෙහෙත් විද හිරිවැට්ටීමකින් සිදුකරන නිසා මෙවැනි සංකූලතාද ඔබට ඇති විය හැක.
💉හිසේ කැක්කුම
💉කොන්ද කැක්කුම
💉මුත්රා රදවා තබා ගැනීමේ අපහසුතා
💉Meningitis වැනි මොලයේ ඇතිවන අසාත්මිකතා
මෙන්න මේ හේතු නිසා ඔබට ප්රසූතිය සිදුකිරීමට ඉතාමත් ගැලපෙන ක්රමය ඔබේ ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරයා හමුවී කතා කර තීරණය කල හැක.
blog_image
blog_image