Surgery Blog Section
පුංචි පැටවුන්ගේ අතේ,කටේ බිබිලි ඇති කරන Hand Foot Mouth Dilsease
පුංචි පැටවුන්ගේ අතේ,කටේ බිබිලි ඇති කරන Hand Foot Mouth Dilsease

Hand Foot Mouth Dilsease
අනේ ඩොක්ටර් පුතාගේ කටේ බිබිලි වගයක් දාලා,කෑම කන්නෙත් නෑ,ටිකක් උනත් තියෙනවා.
උදෑසනම ළමා රෝග වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කිරීමේ දී අම්මා කෙනෙක් කළ පැමිණිල්ලක් තමයි මේක.

මේ පුංචි පැටියාට හැදිලා තියෙන්නේ Hand Foot Mouth Dilsease නම් රෝගී තත්ත්වයයි.



ඒ නිසාම තමයි මේ ලෙඩේට Hand Foot Mouth Dilsease කියලා කියන්නේ


මේ ලෙඩේ පුංචි දරුවන්ට ඇති කරන ප්රධානම වෛරසය හඳුන්වන්නේ Coxsackievirus A type 16 කියලා.ඊට අමතරව Enterollius 71 කියන වෛරසයක් හේතුකාරක වෙනවා.
මළපහ වල ඇති මේ වෛරස් යම් ආකාරයකින් මුඛය හරහා අපේ ශරීරයට ඇතුළු වුනාම රෝගය ඇතිවෙනවා.
පුංචි දරුවන් නිතරම එළිමහනේ සෙල්ලම් කරද්දි පස් අතපත ගාද්දි වැනි අවස්ථාවලදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මොකද පුංචි පැටව් අතට අහුවෙන හැම දේම හපනවානේ.
ඊට අමතරව මේ රෝගය හැදුනාම කෙනෙක් ගේ බිබිලි අතපත ගෑමෙන් අනෙක් කෙනාට මේක බෝවෙනවා. වෛරසය ශරීරයට ඇතුළු වෙලා දවස් 7කට පස්සෙ රෝග ලක්ෂණ මතු වෙනවා.


1). අත්, කට, කකුලේ බිබිලි හට ගැනීම.

මුල දී රතු පාට පැල්ලම් වගේ කටේ ඇතුළත උඩ තල්ල දිවේ මතුවෙනවා ඉතා ඉක්මනින් මේ පැල්ලම් රතුපාට බිබිලි බවට පත්වෙනවා ඒ බිබිලි අවට රතු පාටින් පැල්ලම් තියෙනවා.
මේ බිබිලි කටේ අත්වල අල්ල මත කකුලේ යටිපතුලේ තට්ටම්වල වැනි ස්ථානවල විශේෂයෙන් දක්නට පුළුවන්.
2).උගුරේ

මේ මුලින්ම මතුවන රෝග ලක්ෂණයයි මේ නිසා පුංචි දරුවන් ආහාර ගැනීම අඩු කරනවා.
3).උණ

සාමාන්යයෙන් උගුරේ වේදනාව හා පැල්ලම් මතු වී පැය 24-48 අතර දී සෙල්සියස් අංශක 38-39 අතර උණ වන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.
4). මලානික බව ආහාර ගැනීම අඩු වීම.


සාමාන්යයෙන් Coxsackie වෛරසය ඒ නිසා මේ රෝගය ඇති වූයේ නම් ස්වභාවිකම දින 7-10 අතරදී සම්පූර්ණයෙන් සුව අතට හැරෙනවා.
නමුත් කලාතුරකින් මෙය ඊට වඩා දිගු කාලයක් පවතින්න පුළුවන් වගේම එක පාරක් හැදිල ආයෙත් සැරයක් හැදෙන්නත් පුළුවන්.
ඇතැම් විට කටේ තුවාල යම් තරමකට වැඩි වීම නිසා දරුවාට වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.
පුංචි බබාලට මේ ලෙඩේ නිසා ඇතිවවන ලොකුම බලපෑම් විජලනයයි. කට ඇතුලත තුවාල නිසා ගොඩක් වෙලාවට දියර හා ආහාර ගැනීම අඩු වන නිසා දරුවා ඉක්මනින් විජලනයට ලක් වෙන්න පුළුවන්.


මේ ලෙඩේට විශේෂිත ප්රතිවෛරස් ඖෂධ ඇත්තේ නැහැ. දරුවාගේ ප්රතිශක්තිය මගින් රෝගය මැඩ පවත්වන තුරු අපි සහයෝගයක් විදිහටට ලබාදෙන ප්රතිකාර තමයි තියෙන්නේ.
උණ සඳහා නියමිත මාත්රාවට පැරසිටමෝල් ලබාදෙන්න.
දරුවාට හොඳින් දියර වර්ග ලබා දෙමින් සජලනය කරන්න. දරුවා විජලනය වීම වළක්වා ගැනීම ඉතාම වැදගත්. දියරමය ආහාර පාන වර්ග නිරතුරු දරුවාට ලබාදෙන්න. සාමාන්යයෙන් සිසිල් පාන වර්ග වඩාත් හොඳයි.
සැර අධික හා ආම්ලික ආහාර පාන ලබා දීම එතරම් හොඳ දෙයක් නෙවෙයි.


මේ රෝගය හා සමාන ලක්ෂණ තියෙන වෙනත් රෝග ඇති නිසා ඩොක්ට කෙනෙක් ලඟට ගිහිල්ලා දරුවාව පෙන්න ගන්න එක තමයි හොඳ.
අවශ්යතාවය අනුව දරුවාට වේදනා නාශක ලබා දීම වෛද්යවරයා සිදුකරයි.
විශේෂයෙන් විජලනය ඇත්නම් ඒ සඳහා ප්රතිකාර ලබාදෙන අතර සමහර වෙලාවට රෝහල් ගතවෙන්න සිදුවනවා අවස්ථා තියෙනවා.
සාමාන්යයෙන් මේ රෝගය කුඩා දරුවන් අතර එකිනෙකාට බෝ වෙමින් පැතිරෙනවා.විශේෂයෙන් පෙර පාසල් දරුවන් අතර එහෙම පැතිරෙනවා.එහෙම වෙලාවට දරුවා පෙර පාසලට නොයවා ගෙදර තබා ගැනීම ලෙඩ හැදෙන එක් යම් තරමකට අඩු කරගන්න පුළුවන්.


Medical officer
Divisional Hospital
Mandapaththadi -Baticcloa