blogImage

පොඩි දෙයක් බඩට වැටුන ගමන්ම ටොයිලට් යන්න ඕනි වෙනවද?

පොඩි දෙයක් බඩට වැටුන ගමන්ම ටොයිලට් යන්න ඕනි වෙනවද?☹️ කෑම කෑවට පස්සෙ බඩ පිපුන ගතියක් දැනෙනවද?😟 එහෙම නම් Irritable bowel syndrome ගැන දැනගන්න එක වටිනවා.🤗
📍මොකක්ද මේ Irritable bowel syndrome කියන්නේ?🤔
Irritable කියන වචනයේ තේරුම වෙන්නේ ටිකක් කේන්ති යන තරහා යන වගේ අර්ථයක්😤 IBS කියලා කෙටියෙන් හඳුන්වන Irritable bowel syndrome කියන්නේ බඩවැල් වලට කේන්ති යනවා කියන එකද?🤔
📍රෝග ලක්ෂණ මොනවාද? 🤔
01. වැසිකිළි යාමේ රටාවේ සිදුවන වෙනස්වීම්🤔
සමහර අයට මලබද්ධය 😶 ඒ කියන්නේ බඩ වේලීම ඇතිවෙනවා. වැසිකිළි සාමාන්යයෙන් දිනකට එක් වරක් වගේ ගිය පුද්ගලයෙකුට දින කිහිපයකට වරක් ඉතා ඝන ස්වරූපයෙන් වේදනාව සමඟින් මළ පිටවීම සිදුවෙනවා.😓
නමුත් සමහර අයට සිදුවන්නේ මෙහි අනෙක් පැත්තයි. ඒ කියන්නේ බඩඑළිය යාමයි.😵 කෑම ගත්ත ගමන්ම වැසිකිළි යාමේ අවශ්යතාවය ඇති වෙනවා. ඉතා කුඩා ප්රමාණයෙන් දියරමය ගතියට බඩ බුරුලෙන් යනවා වගේම සමහර අයට කෑම ගත්ත ගමන්ම වැසිකිළි යාමේ දැඩි ඕනකමක් ඇතිවෙනවා.😢
මේ තත්ත්වයේ බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් කලින් වැසිකිළි යාමේ රටාවේ පැහැදිලි වෙනසක් රෝගියාට දැනෙනවා.😐
02. නිතර දැනෙන උදරයේ වේදනාව😰
උදරය පුරා විහිදී ගිය වේදනාවක් දැනෙනවා සමහර අයට යටිබඩේ වේදනාව වැඩිපුර දැනෙනවා😣 විටින් විට දැනෙන තදබල වේදනාව සමඟ නිතරම ඇතිවන සුළු වේදනාත්මක ගතියක් ඇති වෙනවා😥
කෑම ගත්තට පස්සෙ වේදනාව දැනෙන එකත් විශේෂ ලක්ෂණයක්. වැසිකිළි යාමෙන් පසු වේදනාව ටිකක් අඩු වෙනවා.😧
03. උදරයේ අපහසුව,බඩ පිපුම🤔
බඩේ අපහසුවක් ඇති බවට මේ රෝගීන් නිතරම කියන දෙයක්. බඩ පිපිලා, බඩ පුරවල දාල වගේ පැමිණිලි මේ රෝගීන් ඉදිරිපත් කරනවා.😐
මීට අමතරව,
පපුවේ දැවිල්ල😖
ඔක්කාරය වමනය යාම🤮
මූත්රා පිටවීමේ වාර ගනන වැඩි වීම😰
ආතතිය සමඟ රෝග ලක්ෂණ වැඩි වීම😢
📍IBS වලට හේතුද මොකක්ද?🤔
හේතුව හරියටම තාම හොයාගෙන ඉවර නැහැ.😐 මේක කොහොමද වෙන්නේ කියලා මත තියනවා.
බඩවැල් වලට සම්බන්ධ ස්නායු වල සංවේදීතාවය වැඩි වෙනවා.😦 ඉතින් කෑම බඩවැල් හරහා ගමන් කරන කොට වැඩිපුර සංවේදී ස්නායු වලින් ඇතිවන සංඥා නිසා බඩේ කැක්කුම ඇති වෙනවා😰
සමහර අයට එක කෑම වර්ගයක් කෑවට පස්සේ තමයි මෙහෙම වෙන්නේ.😯 ඒකට බලපාන්නේ කෙටි දාම කාබෝහයිඩ්රේට්. මේ කියන කෙටි දාම කාබෝහයිඩ්රේට් විසින් ටිකක් වැඩිපුර වතුර උරාගන්නවා. මේ නිසා බඩවැල් වල සිනිඳු මාංශ පේශි වල ක්රියාකාරීත්වයට සිදුවන බලපෑම නිසා වේදනාව ඇති වෙනවා.😥 ඒ එක්කම බඩ බුරුලෙන් යන්න බලනවා.
මේ නිසා කාබෝහයිඩ්රේට් මත බැක්ටීරියා ක්රියාත්මක වෙලා වායුව නිපදවෙනවා. මේ වාතය හේතුවෙන් බඩ පිපුම සමඟ උදරයේ අපහසුතාවක් දැනෙනවා.😣
ඔබේ අවධානයට-:
මේ රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් මට තියෙන්නේ IBS ලෙඩේ තමයි කියලා තමන් තීරණය කරන්න එපා😐 මොකද මීට බොහෝ සමාන Inflammatory bowel discease ( IBD) කියන ලෙඩේ මගහැරෙන්න පුළුවන්.
ඒ නිසා වෛද්යවරයෙකුට යොමු වෙලා අවශ්ය පරීක්ෂණ කර ගැනීම වටිනවා.🙂
📍IBS සඳහා අවදානම් සාධක🤔
කෙටි දාම කාබෝහයිඩ්රේට් සහිත ආහාර
-තිරිඟු පිටි වලින් සෑදූ ආහාර
-ළූණු
-ගෝවා
-රනිල කුලයට අයත් ආහාර (කඩල, මුංඇට,රටකජු)
📍උදරයේ ඇතිවන වෛරස් ආසාදන
( Rotavirus, Norovirus)
• ප්රතිකාර ක්රමය
ආහාර රටාවේ වෙනස්කම් සිදු කිරීම
01.තන්තු බහුල ආහාර ලබා ගැනීම
මේ මඟින් මළබද්ධය හා බඩඑළිය යාම අවම කර ගැනීමට උපකාරී වේ.🙂
02. කෙටිදාම කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වලිම් වැළකීම.🙂
03.කෝපි, කිරි වැනි පානයන් අවම කිරීම.
04.වැඩිපුර ජලය පානය කිරීම
05. Probitics අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනිම. ( යෝගට්, කෙසෙල්, මිදි, කොමඩු, මී කිරි)
06. Gluten (ග්ලූටන්) බහුල ආහාර ලබාගැනීම අඩු කිරීම. (බේකරි නිෂ්පාදන, බියර්, කේක්, මෝල්ට් ආශ්රිත කිරි)
02.මනෝ චිකිත්සාව
මෙය ඉතා වැදගත් ප්රතිකාර ක්රමයකි. මෙහිදී රෝගය පිළිබඳ නිවැරදි අවබෝධය ඇතැම් ලක්ෂණ පාලනය කර ගැනීමේ ප්රායෝගික ක්රම මඟින් රෝගය හොඳින් පාලනය කල හැකිය.🙂
සමහර විශාදය රෝගයෙන් පෙලෙන පුද්ගලයන් හට එම රෝගයේ ප්රතිඵලයක් ලෙසටම මේ තත්ත්වය ඇතිවන අතර විශාදය සඳහා ලබාදෙන ඖෂධ ප්රතිකාර මඟින්ද මෙ සඳහා පාලනයක් ඇතිවේ.🙂
03. ඖෂධ
ඉහත ක්රම දෙක සමඟ සම්බන්ධව ඖෂධ ප්රතිකාර ලබාදීම සිදුවේ. මෙහිදී මුලිකවම රෝග ලක්ෂණ වලට අදාලව ඖෂධ ලබාදීම සිදුකරන අතර වෛද්ය නිර්දේශයට යටත්ව ඖෂධ ලබා ගැනීම සිදුකරන්න☺️
✍️Dr. Kushan dhaneera
SHO- surgical unit
TH Anuradapura.
blog_image
blog_image