blogImage

නිරක්තිය

අපේ රුධිරය සෛල, ප්ලාස්මාවසහ පට්ටිකාවලින් සමන්විතයි. රුධිර සෛල රතු සහ සුදු වශයෙන් ප්‍රභේද දෙකින් යුක්ත අතර රතු සෛල අඩු වීම ලේ හිඟවීමක් එහෙම නැත්නම් anaemia තත්වයක් ලෙස හැඳින්වෙනවා. රුධිරයේ අන්තර්ගත හිමොල්ලොබීන් (haemoglobin )ප්‍රෝටීනය රතු රුධිර සෛල මගින් සිදුවෙන ඔක්සිජන් පරිවහණය ක්‍රියාවලිය සමග බැඳී තිබෙනවා. යම් පුද්ගලයෙකුගේ හිමොග්ලෝබීන් මට්ටම සම්පූර්ණ රුධිර පරීක්ෂණ ( FBC ) වාර්තාවකින් බලාගැනීමට පුළුවනි. 😊

 

📌 නිරෝගී පුද්ගලයෙකුගේ හිමොග්ලෝබීන් මට්ටම

 

නිරෝගී පුද්ගලයෙකුගේ හිමොග්ලෝබීන් මට්ටම 123 g/l සිට 153 g/l අතර අගයක් ගන්නා අතර පිරිමි පුද්ගලයෙකුගේ මෙම අගය 140 grams per liter ( g/l ) සිට 175 g/l පරාසයක පවතිනවා. පිරිමි පුද්ගලයෙකුට සාපේක්ෂව බලන විට කන්තාවගේ හිමොග්ලෝබීන් මට්ටම අඩු අගයක පවතිනවා.

 

📌 හිමොග්ලෝබීන් මට්ටම පහළ යෑම 😦

 

අපේ රුධිරයේ හිමොග්ලෝබීන් මට්ටම පැවතිය යුතු තත්වයට වඩා සැලකිය යුතු අගයකින් පහළ ගිය විට අපට විවිධ අපහසුතාවයන් දැනෙනවා. මෙම අපහසුතාවයන් බොහෝ විට

මහන්සිය

හුස්ම ගැනීමේ අපහසුතාවය

නිදිමත ගතිය

වැනි විවිධ අපහසුතාවයන් ඇති වෙනවා.

 

📌 මෙවැනි අපහසුතාවයන් ඇති වෙන්නේ ඇයි ? 🤔

 

රතු රුධිර සෛල නිෂ්පාදනය අඩු වීම නිසා ඔබේ සිරුරේ හිමොග්ලෝබීන් අගය අඩු වෙනවා. මේ නිසා ශරීරයේ ඔක්සිජන් පරිවහණය නිසි පරිදි සිදු නොවන නිසා ඔබට ඉහතින් දක්වන ලද අකාරයේ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවනි 😕

 

📌 හිමොග්ලෝබීන් අඩුවීමට හේතු මොනවාද? 🤔

 

අපේ රටේ පුද්ගලයන්ගේ හිමොග්ලෝබීන් අගය අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව ලෙසින් නිරක්තියයි. ඒ වගේම හිමොග්ලෝබීන් අඩු වීමට බලපාන විවිධ හේතු තිබෙන්න පුළුවන් 😕

සාමාන්‍යයෙන් රතු රුධිර සෛලයක ආයු කාලය දින 120 ක් වන අතර ඔබේ ශරීරය විසින් රතු රුධිර සෛල අවශ්‍ය ප්‍රමාණයට රතු රුධිර සෛල නිෂ්පාදනය නොකිරීම 🙁

 

• ඔබේ ශරීරය විසින් රතු රුධිර සෛල නිෂ්පාදනයට වඩා වේගයෙන් ඒවා විනාශ කිරීම

 

• අධික රුධිර වහනය

( haemorrhage ) හදිසි අනතුරක් නිසා අධික ලෙස රුධිර වහනය වීම, කාන්තාවකගේ නම් මාසික ඔසප් චක්‍රයේදී සිදු වෙන අධික රුධිර වහනය වැනි හේතු මේ සඳහා බලපාන්න පුළුවනි 🥺

 

• රතු රුධිර සෛල නිෂ්පාදනය ඇට මිදුලු ආශ්‍රිතව සිදු වෙන අතර විවිධ රෝග තත්වයන් නිසා රතු රුධිර සෛල නිෂ්පාදනයට බලපෑම් ඇති වීම 🙂

 

• රුධිර පිළිකා තත්වයන් නිසාත් ඔබේ ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය ( syndrome ) මල්ටිපල් මයලොමා ( multiple myeloids )

ඒපලාස්ටික් ඇනීමියා ( aplastic anaemia ) වැනි රෝග තත්වයන් සඳහන් කරන්න පුළුවනි 😊

 

• වෛරස සහ වෙනත් ආසාදන මගින් ඇට මිදුලු ආසාදිත වීම.

 

• විවිධ රෝග තත්වයන් වෙනුවෙන් ලබා ගන්නා ඖෂධ නිසාත් රතු රුධිර සෛල නිෂ්පාදනය අඩු වීම.

 

• පද්ධති ආශ්‍රිත රෝග තත්වයන් සඳහා ලබා දෙන කිරණ ප්‍රතිකාර නිසා රතු රුධිර සෛල මට්ටම පහත බැසීමට පුළුවන්. උදාහරණ, සිරොසිස්, නිදන්ගත වකුගඩු රෝග, දියවැඩියාව hypothyroidism සහ පිළිකා රෝග.

 

• සමහර අවස්ථා වලදී අපේ ශරීරයේ නිරෝගී මට්ටමට අදාල වන තරම් රතු රුධිර සෛල නිෂ්පාදනය නොවීම. උදාහරණ ලෙස තැලිසීමියා, sickle cell වැනි රෝග තත්වයන් සඳහන් කරන්න පුළුවන් 😊

 

• පෝෂණ ඌනතාවයන් - යකඩ, B12 සහ ෆෝලේට් වැනි පෝෂක පදාර්ථ අඩු වීම.

 

• අපේ ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනයට වඩා වේගයෙන් ඒවා විනාශ වෙන තත්වයන්හීදීත් රුධිරයේ හිමොග්ලෝබීන් මට්ටම අඩු විය හැකියි. haemolysis ( රතු රුධිර සෛල වේගයෙම් බිඳ වැටීම )

 

• ශල්‍යකර්ම

 

• ඔබේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන රෝග තත්වයන් - උදර තුවාල, පිළිකා හෝ අර්ශස් වැනි රෝග තත්වයන්.

 

• මාසික ඔසප් වීමේදී අධික ලෙසින් රුධිර වහනය සිදු වීම.

 

• නිරන්තරව නිරක්තිය ඇති කරන උදාහරණ ලෙස Thalassaemia වැනි පරම්පරාගත රෝග ඉතිහාසයක් තිබීම.

 

📌 ඔබ නිරක්තියට පත්ව ඇති බවට ලැබෙන රෝග ලක්ෂණ

 

සාමාන්‍යයෙන් සම්පූර්ණ රුධිර වාර්තාවක් ලබා ගැනීමට පෙරාතුව ඔබේ රුධිරයේ හිමොග්ලෝබීන් අගය නිරෝගී මට්ටමට වඩා පහළ අගයක පවතින බැව් අපට කිව නොහැක. එහෙත් ඔබට දැනෙන ඇතැම් රෝග ලක්ෂණ නිසා නිරක්තියට පත්ව ඇති බවට ඉතා හොඳ දැනුම් දීමක් ඔබේ සිරුර වෙතින්ම සිදු වෙනු ඇත.

 

📌 එවැනි රෝග ලක්ෂණ

 

• කරකැවිල්ල

 

• හිසේ බර ගතිය

 

• වේගයෙන් හෝ අසාමාන්‍ය ලෙසින් දැනෙන හෘද ස්පන්දනය

 

• හිසරදය

 

• පපුව, උදරය සහ අස්ථි වේදනාව

 

• හුස්ම ගැනීමේ අපහසුතාවය

 

• සිරුර කහ වීම හෝ සුදුමැලි වීම

 

• දුර්වල බව සහ වෙහෙසකර බව

 

📌 නිරක්තිය බව තහවුරු කර ගන්නේ කෙසේද ? 🤔

 

නිරක්තිය සඳහා ප්‍රතිකාර ගැනීමේදී ඔබේ රෝග ඉතිහාසය වගේම පවුල් ඉතිහාසය ගැනත් අවධානයක් දක්වනවා. සම්පූර්ණ රුධිර පරීක්ෂණ ( FBC ) වාර්තාවකින් ඔබේ සිරුරේ පවතින රතු රුධිර සෛල අගය? හිමොග්ලෝබීන් මට්ටම සහ වෙනත් රුධිර සංයුතීන් ගැන දැන ගැනීමට පුළුවන්.

සිරුරේ වෙනත් අවයවයන්හි ක්‍රියාකාරීත්වය සහ රුධිර වහනයන් ගැන විමසා බැලීම.

පිළිකා රෝග තත්වයන් ගැන සැකයක් ඇති වුනොත් ඇට මිදුලු පරීක්ෂා කිරීමටත් සිදු වෙනවා. මෙහිදී සිරුරේ පිළිකා තත්වයක් තිබෙනවාදැයි දැන ගැනීමට පුළුවන්😊

 

📌 නිරක්තියට ප්‍රතිකාර ලබා දීම..

 

නිරක්තියට ප්‍රතිකාර ලබා දීමේදී ඒ සඳහා වූ හේතුව හඳුනා ගෙන එයට ප්‍රතිකාර ලබා දීම ඉතාම වැදගත්. එසේ නොමැතිව රෝගියාගේ පවතින නිරක්තියට බාහිරව රුධිරය ලබා දීම ප්‍රතිකාරයක් නොවේ. නිරෝගී පුද්ගලයක් යම් ලෙසකින් හිමොග්ලෝබීන් මට්ටම අඩු වීමේ රෝගී තත්වයට පත්වීමට බලපාන ලද හේතු සාධක තිබෙනවා. ඉහතින් සඳහන් කරන ලද පරීක්ෂණ මගින් නිරක්තියට බලපාන හේතුව ගැන තහවුරුව ලබා ගැනිමට පුළුවන්. එයින් අනතුරුව රෝග නිදානයට ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කලොත් මාසික ඔසප් චක්‍රයේදී අධික ලෙස රුධිර වහනයක් සිදුවෙන කාන්තාවක් නිරක්තියට පත් වුනොත් ඇගේ ඔසප් චක්‍රයට අදාල රෝග තත්වයට ප්‍රතිකාර ලබා දීමට සිදු වෙනවා. පෝෂණ ඌනතාවයක් නිසා නම් යකඩ සහ වෙනත් පෝෂණ අතිරේක ලෙසින් ලබා දීමට සිදු වෙනවා 🙁

 

✍️සටහන

 

රුධිර පිළිකා සඳහා විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන

blog_image
blog_image