blogImage

📍 Tennis Elbow යනු කුමක්ද

📌 පොඩි වැඩක් කලත් වැලමිට රිදෙනවාද?

 

සන්ධි වේදනා අපට එදිනෙදා ජීවිතයේදී නිතරම කරදරකාරී😐පීඩාකාරී🫤 අත්දැකීමක්. දනහිස් වේදනා, උරහිස් වේදනා, කොන්දෙ වේදනාව මේ ආදී ශරීරයේ බොහෝ ස්ථාන වල වේදනාවන් අපට එදිනෙදා වැඩ කටයුතු සිදු කරන විටදී මුහුණපාන්නට සිදු වෙයි😰

නමුත් ඇතැම් අවස්ථාවලදී අප නොසලකා හැර සිටියත් මේ වේදනාවන් වලට හේතුව යම් රෝගයක් විය හැකිය😟

එසේ වැලමිටේ වේදනාවට හේතුවන Tennis Elbow නම් රෝගි තත්ත්වය පිළිබඳවයි මේ සටහන👉

 

📍 Tennis Elbow යනු කුමක්ද?🤔

 

වැලමිටේ පිට පැත්තේ වේදනාවක් යම් ක්‍රියාකාරකමකට පසු මතුවීම ප්‍රධාන ලක්ෂණ වන මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව Lateral Epicondylitis ලෙස හඳුන්වයි🤨

සමහර ටෙනිස් ක්‍රීඩකයන්ගේ තරමක් බහුලව මේ තත්ත්වය දක්නට ලැබුන නිසාවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ යුරෝපියානු රටවල මෙය Tennis Elbow ලෙස හඳුන්වනු ලබයි🙂

 

📍මෙහිදී ඇතිවන ලක්ෂණය කුමක්ද?🤔

 

• වැලමිටේ පිට පැත්තේ වේදනාව

ඔබේ වැලමිටේ පිට පැත්තේ අස්ථිමය නෙරීමක් ඔබේ අතට හසුවනු ඇත🤨 එම කොටසේ වේදනාවක් දැනීම මෙහි ප්‍රධානතම ලක්ෂණය වේ🙄

සාමාන්‍යයෙන් ඔබ එම අත භාවිතාකරමින් යම් කාර්යයක නිරත වීමෙන් පැය 24-72 අතර දී මේ වේදනාව මතුවේ🤨 ඉස්කුරුප්පු නියනක් කරකැවීම වැනි මැණික් කටුව සන්ධිය වැඩිපුර ක්‍රියා කිරීමට සිදුවන ක්‍රියාකාරකමකදී මෙය වැඩිපුර ඔබට දැනෙනු ඇත😐

ටිකෙන් ටික වැඩිවන මේ කැක්කුම සමහර අවස්ථා වලදී වැලමිටෙන් පහලට ගමන් කරන්නාක් මෙන් දැනේ🫤

මද වේදනාවක් සිට යමක් අල්ලා ගැනීමට නොහැකි වන තරමේ ඉතා තද වේදනාවක් දක්වා විවිධ පුද්ගලයින්ට බලපාන ලෙසට පවතින අතර විශේෂත්වය නම් තමන්ට වේදනාව දැනෙන ස්ථානය නිවැරදිව හඳුනාගත හැකිය🙂

එම ස්ථානය ස්පර්ශ කිරීමේදී හෝ මිරිකීමේදී වේදනාව වැඩිවන අතරම වැලමිට දිගහැර අත්ල දෙපසට හැරවීමේදී ද වේදනාව වැඩිවේ😵

 

📍මේ තත්ත්වය ඇතිවීමට බලපාන හේතු කවරේද?🤔

 

මේ සඳහා නිවැරැදි ඉරියව් හා උපකරණ භාවිතා නොකිරීම ප්‍රධාන ලෙස බලපායි🙄 විශේෂයෙන්ම ක්‍රීඩකයෙකුට මේ තත්ත්වය ඇතිවීමට නියමිත නිවැරදි ක්‍රීඩා විලාශය සිදු නොකිරීම හා ව්‍යායාම වල නිරත නොවීම හේතු වේ🤨

තමා සිදුකරන රාජකාරි ස්වභාවය මත කාර්මිකයන්ට, කම්කරුවන්ට මේ තත්ත්වය ඇතිවීමට ඉඩකඩ පවතී🙂

 

📍මේ සඳහා පරීක්ෂණ කල යුතුද?🤔

 

නිවැරදි රෝග ඉතිහාසය හා සායනික පරීක්ෂණ මත මේ රෝගය හඳුනාගත හැකි අතර ඒ සඳහා පරීක්ෂණ සිදු කිරීම කලාතුරකින් සිදු කරයි😊 ප්‍රතිකාර වලින් පසුවත් දිගින් දිගටම රෝග ලක්ෂණ පවතින අවස්ථාවලදී x-ray පරීක්ෂණ සිදු කරයි🙂

 

📍Tennis Elbow සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?🤔

 

* වේදනාව සඳහා 👇

රෝගියාගේ වේදනාව සඳහා වේදනානාශක ඖෂධ ලබා දීම සිදුකරයි🧐 මේ සඳහා බොහෝ අවස්ථාවලදී NSAID නම් කාණ්ඩයේ ඖෂධ භාවිතා කරනු ලැබේ🤨 ඇතැම් විට මේ ඖෂධ අඩංගු ආලේපන භාවිතයෙන් තාවකාලිකව වේදනාව සමනය කර ගත හැකිය😟 බොහෝ රෝගීන් මේ ඖෂධ සමඟ වේදනාව නැතිවන නිසාවෙන් වේදනාව දැනෙන සෑම වාරයකදී මේ ඖෂධ අවභාවිතා කරන අවස්ථා දක්නට ලැබේ🥰 මෙය ඉතා අවදානම් හා වෛද්‍ය විද්‍යාත්මකව කිසිසේත්ම අනුමත කල නොහැකි තත්ත්වයකි😑

 

*ඖෂධ එන්නත් කිරීම👇

රෝගී තත්ත්වය ඇති වැලමිටේ අදාල ස්ථානයට Corticosteroids නම් ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධ එන්නත් කිරීම සිදුකරයි💉

වේදනානාශක භාවිතයට වඩා වැඩි කාලයක් මෙයින් වේදනාව මැඩ පවත්වන අතර සති 6ක් යන තුරු වේදනාව සමනය වීමේ හැකියාවක් පවතී🙂

 

* platelet - rich plasma(prp) එන්නත් කිරීම👇

රෝගියාගේ රුධිරයෙන්ම නිස්සාරණය කොට ගන්නා රුධිර පට්ටිකා බහුල ප්ලාස්ම අදාල ස්ථානයට එන්නත් කිරීමද මේ සඳහා යොදා ගන්නා එක් ප්‍රතිකාර ක්‍රමයකි😊 මෙය දිගුකාලීන රෝගය නැවත මතුවීමේ අවධානම අඩු කරන අතර වේදනාව නිසා එදිනෙදා කාර්යයන්ට වන බලපෑමද අඩු කරයි😊

 

*භෞත චිකිත්සාව👇

මෙහිදී විවිධ ව්‍යායාම ක්‍රම ඔස්සේ අදාල අස්ථිය හා මාංශපේෂී හා චන්ඩරා වල දරාගැනීමේ හැකියාව ඇදීමේ හැකියාව වැනි ගුණාංග ඉහල නංවයි😊 මේ මඟින් දිගින් දිගටම මේ රෝගී තත්ත්වය මය්හුවීම අඩුකරන අතරම එදිනෙදා ජීවිතයේදී ක්‍රියාකාරකම් වේදනාවකින් තොරව සිදුකරගැනීමට පහසු කරයි🤗

 

📍මේ අතරින් වඩා සුදුසු කුමන ප්‍රතිකාරයද?🤔

 

එය රෝගී ස්වභාවය මත වෙනස් වන අතර වඩා සුදුසු වන්නේ මේ සියල්ල කැටි වූ ප්‍රතිකාරයකි🤨 එනම් වේදනාව තදින් ඇතිවික්ම වේදනානාශක ලබාගෙන එන්නත් මඟින් තත්ත්වය පාලනය කොට භෞත චිකිත්සාවෙන් රෝගී තත්ත්වය සමනය කිරීමයි😌

 

✍️ Dr. Dinesh Madushanka

SHO- surgery

DGH- Nawalapitiya

blog_image
blog_image