blogImage

පුංචි බබාලට හැදෙන සෙම අමාරුව bronchiolitis

පුංචි බබාලට නිතරම හැදෙන ලෙඩක් තමයි මේ සෙම අමාරුව කියන්නේ🧐 අම්මලා සෙම අමාරුව කියලා හඳුන්වන්නේ ශ්වසන පද්ධතියේ ඇතිවන ආසාදන වලටයි😐 කුඩා දරුවන්ට නිතරම සෙම්ප්‍රතිශ්‍යාව🤧 කැස්ස😮‍💨 උණ🤒 වගේ රෝග ලක්ෂණ සමඟ ඉහල හා පහල ශ්වසන මාර්ගයේ බැක්ටීරියා හෝ වෛරස් ආසාදන නිසා මෙහෙම වෙන්න පුළුවන්🙃

ඉතිං අවුරුද්දට අඩු පුංචිම බබාලට වැඩිපුරම හැදෙන පහල ශ්වසන මාර්ගයේ ‍රෝගී තත්ත්වයක් තමයි Bronchiolitis කියලා කියන්නේ😶

සාමාන්‍යයෙන් මාස 3ත් 6ත් අතර බබාලා අතර මේ රෝගය වැඩිපුර ඇතිවීමේ සම්භාවිතාවයක් දක්නට තිබෙනවා😯

bronchiolitis කියලා කියන්නේ 2 mm වලට වඩා කුඩා ශ්වසන නාලිකා වල ඇතිවන වෛරස් අසාදනයකින් මතුවන ලෙඩක්🧐

මේ ලෙඩේ වැඩිපුරම හැදෙන්නේ RSV නැත්නම් respiratory syncytial virus කියන වෛරස් ප්‍රභේදයයි. ඊට අමතරව rhinovirus, adenovirus, influenzvirus වගේ වෛරස් නිසාත් මේ ලෙඩේ හැදෙන්න පුළුවන්🧐

 

📍මේ ලෙඩේ නිසා මොනාද වෙන්නේ?🤔

 

සාමාන්‍යයෙන් මේ වෛරසය බබෙක්ගේ ශ්වසන පද්ධතිය හරහා ඇතුල් වෙලා පැය 18-24 අතර කාලයකදී ලක්ෂණ මතු කරනවා🧐 මේ වෛරසය නිසා කුඩාම ශ්වසනනාලිකා වල සෙම ( ශ්ලේස්මල/ mucus) නිපදවීම වැඩි කරනවා😑 එහෙම උනාම ශ්වසනනාලිකා අවහිර වෙනවා🤨 ඒවා පුංචි වෙනවා. මේ නිසා වාතය ඒවායේ රැඳෙනවා මෙහෙම උනාම දරුවාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ නොවීම නිසා දරුවාට අමාරුවෙන් හුස්ම ගන්න සිද්ධ වෙනවා🙁

 

📍බබාට ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?🤔

 

*මද උණ ගතිය-:

සාමාන්‍යයෙන් ගොඩක් බබාට උණ තදින් වෙව්ලලා ගන්නේ නැහැ🙂 101.5° Fවඩා අඩුවෙන් තමයි උණ තියෙන්නේ ( 38-39 °C)

 

* කැස්ස-:

දවස් 2ත් 5ත් අතර කාලයේදී වගේ දරුවාට කැස්ස ඇතිවෙනවා🧐 පොඩි කැස්සක් තමයි මුලින්ම බබාට හැදෙන්නේ😟 මේ වියළි කැස්ස ටික ටික වැඩි වෙන්න පුළුවන්

 

* හුස්ම ගැනීමේ අපහසුව-:

දවස් දෙකක් වගේ පහුවෙනකොට පුංචි දරුවාට හුස්ම ගැනීමේ අමාරුවක් තියෙනවා කියලා අම්මලාට තේරෙන්න පුළුවන්🙂 මේ නිසා දරුවාගේ පපුවත් රූං රූං ගාල සද්දේ ඇහෙනවා ඇති🧐 ඕකට wheezing කියලත් කියනවා🤨 පුංචිම ශ්වැසනාලිකා අවහිර වීමෙන් මේ ශබ්දය ඇතිවෙනවා.

තවත් දරුවාට හුස්ම ගැනීමට අපහසු වෙනකොට දරුවා නොසන්සුන් වෙලා නිතරම අඩන්න පුළුවන්😑

මේ නිසා දරුවාට කිරි පොවාගන්න අම්මලාට අමාරු වෙනවා🤨

 

📍මොන බබාලටද ලෙඩේ හැදෙන එකේ අවදානම වැඩි?🤔

 

*වයස මාස 3ට අඩු නම්

*නොමේරූ දරුවෙක් නම්

* උපත් බර අඩු නම්

*උපතේදී හෘද රෝග ඇත්නම්

*දරුවාගේ ප්‍රතිශක්තිය අඩුනම්

*දෙමාපියන් දුම්පානය කරනවනම්

ඒ වගේ බබාලට මේ ලෙඩේ හැදෙන්න තියෙන අවදානම ටිකක් වැඩියි🫤

 

📍මේ ලෙඩේට බෙහෙත් මොනාද?🤔

 

මේ Bronchiolitis කියන රෝගය බොහෝ වෙලාවට ස්වභාවිකව දරුවාගේ ශරීර ප්‍රතිශක්තිය මඟින් පාලනය වෙනවා🧐 ප්‍රතිකාර විදියට අපි supportive care එකක් තමයි ලබා දෙන්නෙ.

එහිදී, උණ සඳහා පැරසිටමෝල් ඖෂධය ලබාදෙනවා🙂 විජලනය වීම වළක්වා ගැනීම අදාල ප්‍රතිකාර සිදුකරනවා

ඇතැම් අවස්ථාවලදී ඔක්සිජන් ලබාදීමට සිදුවෙනවා🙁

ලෙඩේ කලින් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නම සුව වීමේ ප්‍රවණතාවය වැඩියි. දවස් 7-10 අතරදී දරුවා සාමාන්‍ය අතට හැරෙනවා😊

නමුත් සමහර අවදානම් කාණ්ඩයේ බබාලට මේ රෝගයෙන් සංකූලතා ඇතිවෙන්න පුළුවන්🙃 එහෙම වුනොත් ඒ සඳහා අදාල වන ප්‍රතිකාර සිදුකරන්න ඕනි😊

 

📍අම්මලා දැනගන්න ඕනී දේවල්🤔

 

ඔබගේ බබා අවදානම් කාණ්ඩයේ ඉන්නවා නම් වෛරසය ආසාදනය වන ඉඩකඩ අඩු කරන්න🧐

මාස 3 පහුවෙනවා නම් සෙනග ගොඩක් ගැවසෙන තැන් වලට බබාව අත්‍යවශ්‍ය කරුණකට හැර ගෙන යන්න එපා😐

දරුවා අතට ගනිද්දී දරුවාව අල්ලද්දී අත් සේදීමෙන් පසු ඒ දේවල් කරනවා නම් හොඳයි😊

දෙමාපියන්, නිවැසියන් සෙනග ගැවසෙන ස්ථානයකට යද්දී මුඛ ආවරණ පළඳිනවානම්😷අත් සෝදනවානම්🤲 ගෙදරට වෛරසය ගේන එක අඩු වෙනවා😇

 

සටහන

 

✍️Dr.Chamika Ekanayake

Registrar in Pediatrics

NH Kandy

blog_image
blog_image