blogImage

ක්ෂය රෝගය

📍මොකක්ද මේ ක්ෂය රෝගය, එහෙම නැත්නම් කාසේ, ඉංග්‍රීසියෙන් නම් Tuberculosis කියන්නේ?🤔

 

•ලෝකයේ වැඩිම දෙනෙකු මරණයට පත් කරන බෝවන රෝගයකි😢

• ලෝකයේ බිලියන 6න් බිලියන 2ක් ( 1/3) ක් තුලම රෝග ලක්ෂණ නොමැතිව, නමුත් සැඟවිලා තිබෙන රෝගය🧐

• ලෝකයේ මිලියන 10කට, ඒ අතරින් දරුවන් මිලියන 1.1කට රෝග ලක්ෂණ සහිතයි🤨 මියගිය ගණන 2020දී මිලියන 1.5ක්🙁

• ඉතිරි මිලියන 190 ටත්, ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය අඩපණ වූ අවස්ථාවක දරුණු ලෙස ලක්ෂණ මතු විය හැකි රෝගයක්🥲

• ශරීරයේ නිය, කෙස් හැර වෙනත් ඕනෑම ස්ථානයක ඇතිවිය හැකි 80% ක්ම පෙනහළු වල ඇතිවන රෝගී තත්ත්වයක්🤨

 

📍ලංකාවේ තියෙනවද? 🤔

 

• ඔව්. සෑම වසරකම ආසන්න වශයෙන් රෝගීන් 10,000ක් අලුතින් සොයා ගන්නවා😐

•රෝග ලක්ෂණ සහිත රෝගීන් ගණන ඒ වගේ උනත්, රෝග ලක්ෂණ නොමැති නමුත් ශරීරය තුල රෝග මූලය ඇති ප්‍රමාණය ඉතා විශාලයි🧐

• වැඩිදුරට තියෙන්නේ චීනය, ඉන්දියාව, ලංකාව, අප්‍රිකාව වගේ රටවල😢 දියුණු සංවර්ධිත රටවල මේ රෝගයේ ව්‍යාප්තිය අඩුයි🤨

• වැඩියෙන්ම රෝගය හැදෙන්නේ වයස අවුරුදු 15ත් 54ත් අතර වයස් කාණ්ඩයේ අයට🧐

• පිරිමි අයට රෝගය වැළඳෙන ප්‍රවණතාව වැඩියි🫤 ( පිරිමි: ගැහැණු - 5:3)

 

📍 කොහොමද හැදෙන්නේ? 🤔

 

• Mycobacterium Tuberculosis කියන බැක්ටීරියාවෙන්🦠

• ඊට අමතරව M. Bovis සහ M. africanum කියන බැක්ටීරියා දෙකත් රෝගය ඇති කරනවා😑

• ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා සහිත කෙල බිඳිති වායුගෝලයට එක්වීමෙන්, බැක්ටීරියා වල ජීවය අඳුරු, වාතාශ්‍රය අඩු ස්ථාන වල වැඩියි🫤 මේ බැක්ටීරියා සහිත වායුව ශ්වසනය කිරීමේදී එම බැක්ටීරියා පෙනහළු තුලට ගමන් කරනවා🧐

• සාමාන්‍යයෙන් ඒ බැක්ටීරියා සිරුර තුල නිදන්ව පැවතුනත් අපේ ශරීරය දුර්වල වූ අවස්ථාවක රෝගී තත්ත්වය ඇති කරනවා😑

• වෛරසය සිරුරට ඇතුලු වී පලමු වාර දෙක තුල රෝගය ඇතිවීමේ අවධානම වැඩි නමුත්, ක්‍රමයෙන් පහව යන එම අවධානම ජීවිත කාලයම පවතින්න පුළුවන්🙂

• සාමාන්‍යයෙන් ප්‍රතිකාර නොගන්නා රෝගියෙකුට අවුරුද්දක් තුල තව රෝගීන් 10ක්- 15ක් බිහි කරන්නත් පුළුවන් 🧐

 

📍රෝග ලක්ෂණ මොනවාද?🤔

 

- හවස් යාමයට ඇති වන මද උණ ගතිය🤒

- රාත්‍රී කාලයේ තදින් දහදිය දැමීම🥵

- ස්‍රීඝ්‍රයෙන් ඇඟ කෙට්ටු වීම☹️

- කෑම අරුචිය🤢

 

80% ක්ම රෝගය ඇතිවන්නේ පෙනහළු වල. එම නිසා පෙණහළු ආසාදනයේදී

 

* සති දෙකකට වැඩි කැස්ස😮‍💨

*සමහරවිට සෙම සමඟ රුධිරය පිට වීම😲

* ශ්වසන අපහසුතාවය 😣

* පපුවේ කැක්කුම😫

ඊට අමතරව රෝගය ඇතිවන පද්ධතියට අදාලව රෝග ලක්ෂණ එන්න පුළුවන්🙃

උදාහරණයක් විදියට-:

: වසා පද්ධතියේ නම් වේදනා සහිත රතුවූ කුද්දටි ඉදිමුම් ඇතිවීම🙁

: අස්ථි පද්ධතියේ නම් අස්ථි වේදනාවන්😣, බිඳීම්😵

: මොළය ආශ්‍රිතව නම් අධික හිසරදය ,අපස්මාරය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් 🧐

එකවර පද්ධතීන් කිහිපයකම රෝගය වැළඳෙන්න පුළුවන්🙂

 

📍කොහොමද දැන ගන්නේ?🤔

 

ඉහත 👆රෝග ලක්ෂණ තියෙනවානම් ලඟම රෝහලට යන්න ඕනි🏥

රෝහලේදී ඔබට,

mantoux test කියලා පොඩි injection එකක් විදලා දින තුනකින් ප්‍රතික්‍රියාව බලන පරීක්ෂණයක් කරනවා💉

ඒ එක්කම සෙම සාම්පල් 3ක් දින 3කදී ලබාගෙන AFB පරීක්ෂණයකට යොමු කරනවා🙂

සෙම සාම්පල ගැනීමේදී,

- උදෑසන

- හොඳින් කට සෝදා

- ගැඹුරු හුස්ම කිහිපයක් ගෙන

- සෙම සාම්පලයක් (මේස හැඳි2ක් ගෙන) ඔබට රෝහලෙන් ලබා දුන් භාජනයට ගත යුතුයි🧐

*මෙහිදී කෙල ලබා නොදිය යුතුයි🙁

* හිරුඑළිය සහිත හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක සෙම සාම්පල ලබා ගත යුතුයි🧐

ඊට අමතරව අවශ්‍ය පරිදි වෛද්‍යවරුන් විසින්

IGRA

TB gene Xpert

TB culture and ABST test

CXR

වැනි පරීක්ෂණත් ,FBC, ESR වැනි පරීක්ෂණත් සිදු කරනු ඇති.

 

📍රෝගය සුව කරන්න පුළුවන්ද? 🤔

 

• ඔව්. නිට්ටාවටම සුව කරන්න පුළුවන්🙂

• කරන්න තියෙන්නේ නියම කරන බෙහෙත් මාස 6ක් නොකඩවා බොන එක විතරයි💊

• බෙහෙත් වර්ග 4ක් අඩංගු කර සෑදූ පෙති 2ක්, 3ක් හෝ 4ක් ඔබේ බර අනුව දවසකට එක වරක් පමණක් මාස 2ක් පාවිච්චි කල යුතුයි🧐

• ඉන්පසු බෙහෙත් වර්ග 2ක් පමණක් අඩංගු පෙති දවසකට වරක් බැගින් මාස 4ක් පාවිච්චි කල යුතුයි🧐

• නමුත් රෝගය ඇතිවූ පද්ධතිය, බෙහෙත් වලට රෝගය දක්වන ප්‍රතිචාරය, බෙහෙත් වල සහ රෝගයේ සංකූලතා අනුව මේ කාලසීමාවන් හා බෙහෙත් වර්ග වෙනස් වීමට පුළුවන්🙂

• රෝගය වැළඳුණු රෝගියෙක් ඉන්නවනම් ඔහුගේ පවුලේ අය, රැකියා ස්ථානයේ අය, වෙනත් ලඟින් ආශ්‍රය කල අයත් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරවන්න අමතක කරන්න එපා😐

• බෙහෙත් නිවැරදිව ලබා ගැනීම සඳහා Direct observed Therapy (DOTs) ක්‍රමය ක්‍රියාත්මක වෙනවා🤨

 

📍ප්‍රතිකාර ගන්නේ නැත්තම්🤔

 

- ප්‍රතිඵලය මාරාන්තිකයි😳

-පෙනහළු වල කුහර,(Cavities) පෙනහළු ගර්ථ ඉදිමීම(Bronchiectasis), පෙනහළු විසර ( abscess) වගේ සංකූලතා ඇති වෙන්න පුළුවන් 🧐

- අවසානයේ රෝගය නිසා මියයන්නත් පුළුවන්🙃

 

අමතක කරන්න එපා මේ තමයි ලෝකයේ වැඩිම මරණ ගණනකට හේතුවන බෝවන රෝගය 🧐

 

✍️Dr.N .A .D. JAYAPADMA

Medical Officer- RESPIRATORY UNIT

Teaching Hospital - PERADENIYA

blog_image
blog_image