Stress Fractures
මේ දවස් වල ලංකාවේ ක්‍රිකට් ටීම් එක ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සූදානම් වෙනවා🏏 ඔබට මතක නම් පන්දුවාර 20-20 ලෝක කුසලානයේ සුදුසුකම් තරඟ වලදී අපේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ආබාධ වලට ලක්වුනා මතක ඇති☹️
•ඇයි ක්‍රීඩකයෝ නිතරම අනතුරු වලට ලක්වන්නේ?🤔
•මොනවද ක්‍රීඩාවේදී සිදුවන ආබාධ ?
මේ වගේ ප්‍රශ්ණ සාමාන්‍ය ජනතාව අතර වගේම ක්‍රීඩාවේ නිරතවන බොහෝ දෙනාට තියෙනවා🫠 ඉතින් ක්‍රීඩාවේදී නිතරම දක්නට ලැබෙන Stress Fractures ගැන අපි කතා කරමු😊
📍මොකක්ද Stress Fractures කියන්නේ?🤔
අස්ථියක් මත නැවත නැවත ආතතිය කාලයක් තිස්සේ යෙදීම නිසා ඇතිවන කුඩා අස්ථි පිපුරුමක් අපි Stress Fractures කියලා කියනවා🤨
බොහෝ විට පාදයේ අස්ථිවල මේ 🥺 Stress Fractures දැකගන්න පුළුවන්🦵
📍ඇයි මෙහෙම Stress Fractures ඇතිවන්නේ?🤔
සාමාන්‍යයෙන් අස්ථි බිඳීමක් සිද්ධවෙන්නේ අනතුරකදී විශාල බලයක් හෝ ආතතියක් එකවරම අස්ථියට එල්ල වන නිසා😳 ඒත් Stress Fractures වෙනස්, මෙහිදී වෙන්නේ අස්ථියට දරාගත හැකි මට්ටමේ ආතතියක් හෝ බරක් ( Submaximal Loading) නැවත නැවතත් අස්ථිය මත බලපෑම නිසා සිදුවන අස්ථි හානියත් ස්වභාවිකව සුව වීම සිද්ධ නොවී අස්ථි බිඳීමක් බවට පත්වෙන එකයි😑
📍මොනවද අවධානම් සාධක?🤔
• අස්ථි ඝනත්වය අඩු වීම.
• මාංශපේෂී දුර්වලතාවය.
• කැල්සියම් පරිභෝජනය අඩුවීම.
• බර දරාගැනීමේ ව්‍යායාම අඩුකම.
• සිරුරේ ටෙස්ටෙස්ටෙරෝන් හිඟ වීම. (පිරිමින්ට)👨
• ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවය. (කාන්තාවන්ට)👩
📍Stress Fractures වල ලක්ෂණ මොනවාද?🤔
*වේදනාව😣
බොහෝ ක්‍රීඩකයන්ගේ අදාළ ස්ථානයේ ක්‍රමයෙන් මතුවන වේදනාවක් දැනෙනවා😖 ක්‍රියාකාරකම් වල නිරත වන විටදී වේදනාව වැඩි වෙනවා🙁 ඒ කකුල මත බර යෙදූ විට කැක්කුම වැඩිවෙනවා කියන පැමිණිල්ල තමයි ගොඩක් අය කියන්නේ🙃
නමුත් මේ ප්‍රදේශයට ලඟදී අනතුරක් සිදුවූ බවක් දක්නට ලැබෙන්නේ නැහැ🙂
දිග ක්‍රියාකාරකමක නිරත වීමේදී වේදනාව ඇතිවෙන්න පුළුවන් . සුපුරුදු ව්‍යායාම හෝ උපකරණ වෙනස් කිරීමත් එක්ක මේ වේදනාව පටන් ගන්න පුළුවන්🙂 වේදනාව දැනෙන ස්ථානය තද කිරීමේදී හෝ ඇල්ලීමේදී වේදනාව වැඩිපුර දැනීමක් සිද්ධ වෙනවා😖 සමහර වෙලාවට ඒ ස්ථානයේ ඉදිමීම, රතුවීම හෝ ලක්ෂණ පේන්න තියෙනවා🤨 නමුත් සෑම විටම මේ ලක්ෂණ තියෙන්නේ නෑ🙂
📍 Stress Fractures සඳහා සිදුකරන පරීක්ෂණ?🤔
සාමාන්‍යයෙන් පළමු සති 2ත් 4ත් අතර කාලයේදී මේ Stress Fractures සාමාන්‍ය X -කිරණ වලින් පෙන්නුම් කරන්නේ නෑ. මාසයක් විතර පහු උනාට පස්සේ තමයි x-ray එකකින් මේ තත්ත්වය අපිට බලාගන්න පුළුවන්🙂
විකිරණශීලී ( Technetium-99m ) අස්ථි ස්කෑන් පරීක්ෂාවකදී සාමාන්‍යයෙන් පැය 72 කට පසුව Stress Fractures එකක් හඳුනාගන්න පුළුවන්🙃
නමුත් ලංකාවේ මේ පරීක්ෂණ ඉතාම සීමිතයි☹️ මට මතකයි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට මම වෛද්‍යශිෂ්‍යයෙක්ව සිටින කාලයේදී මේ පරීක්ෂණය සිදු කරා🤔
MRI පරීක්ෂණ වලදි Stress Fractures වලට ආවේණික ලක්ෂණ හඳුනාගැනීමෙන් එය තහවුරු කර ගැනීමට ලොකු ඉඩක් තියෙනවා🤨
📍ප්‍රතිකාර
• ශල්‍ය නොවන ප්‍රතිකාර ක්‍රම ( Nonoperative treatment)
බොහෝ Stress Fractures ක්‍රියාකාරකම් අඩු කිරීම හෝ නවතා තැබීම මඟින් සුව කර ගැනීමට පුළුවන්🙂 මෙහිදී ක්‍රියාකාරකම් කියලා හැඳින්වූයේ ක්‍රීඩාවේ නියලීම. සාමාන්‍යයෙන් සති 4-6 මේ සඳහා ගත වෙනවා🤨 ඉන්පසු ක්‍රමානුකූලව ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන්🙂
ඇවිදින විටදී තව වේදනාව්ක් දැනෙන විටදී කුඩා ප්ලාස්ටර වෙළුමක් ( short leg cast) එකක් යොදා ඇවිදීමට කිහිලිකරු හෝ වෙනත් උපකරණ භාවිතා කිරීමට සිදුවෙනවා🙁
📌භෞත චිකිත්සාව හා පුනුරුත්ථාපනය ( Physiotherapy and Rehabilitation)
Stress Fractures සුවවීම වේගවඝ් කිරීම හා නැවත ක්‍රමානුකූලව ක්‍රීඩාවට එළඹීම සඳහා මෙය ඉතා වැදගත්😊 මෙහිදී අදාළ ස්ථානයට අනුව විශේෂිත ව්‍යායාම මඟින් අවට මාංශපේෂීන් හා අස්ථි ශක්තිමත් භාවය වැඩි කරනවා🙂
ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කරන වැරදි දෙයක් තමයි වේදනාව සමඟින්ම දිගටම ක්‍රීඩාවේ නිරත වීම😑 මේකෙන් වෙන්නේ සමහරවිට ඒ තරඟාවලිය ක්‍රීඩා කරන්න පුළුවන් වුනාට ක්‍රීඩා කරන්න පුළුවන් තමන්ගේ ක්‍රීඩා දිවිය කෙටි වෙන එකයි🥲
📍 Stress Fractures වළකා ගන්නේ කෙසේද?🤔
*පෝෂණය
කැල්සියම් පෝෂණය ඉතාම වැදගත්, සාමාන්‍යයෙන් දිනකට 500 mg ආහාරයට ගත යුතුය.
කැල්සියම් බහුල ආහාර-:. කිරි, යෝගට්, මුදවපු කිරි, චීස්, කුඩාමාළු,හාල්මැස්සන්, නිවිති, දොඩම්, බතල, තද කොළ පලා වර්ග
* උපකරණ හා ව්‍යායාම වල නිරවද්‍යතාවය
විශේෂිත පාවහන් හා ක්‍රීඩා උපකරණ මේ stress fractures අවදාම අඩු කිරීමට භාවිතාකරනවා🙂 දුවන දුර හා වේගයේ ත්‍රීව්‍රතාවය අඩුකරගැනික්මෙන් අවද්දනම අඩු කර ගත හැකි බවට වාර්තා වල තියෙනවා🤨
✍️ Dr. Ishan Nirudaka
Register in Orbhopedic surgery
National Hospital - Colombo