blogImage

ටයිපස් උණ රෝගය

📌සුරතල් සතුන්ගේ මැක්කන්, කිනිතුල්ලන් නිසා ඇතිවිය හැකි ටයිපස් උණ රෝගය🤔

 

උණ කියන්නේ ලෙඩක්ද?🤨 මේ ප්‍රශ්නය ඇහුවොත් බොහෝ දෙනෙක් කියන්නේ ඔව් කියලා😐 නමුත් උණ කියන්නේ රෝග ලක්ෂණයක්🥲 මේ රෝග ලක්ෂණයට හේතු වන මූලික රෝග අති විශාල ප්‍රමාණයක් තියෙනවා🤨 ඒ අතරින් ලංකාවේ ටිකක් විතර වැඩිපුර හමුවෙන රෝග තත්ත්වයක් තමයි ටයිපස් උණ රෝගය කියන්නේ🤒

 

📍මොකක්ද ටයිපස් උණ කියන්නේ?🤔

 

ටයිපස් උණ කියන්නේ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවෙන රෝගී තත්වයක්🤨 මේ සඳහා හේතුවන බැක්ටීරියා විශේෂය අපි Rickettsia කියලා හඳුන්වනවා🙂 මේ බැක්ටීරියා වල විශේෂත්වය තමයි ජීවී සෛල තුල වර්ධනය වන අතරම රෝග වාහකයා ලෙස මැක්කන්, උකුණන්, කිනිතුල්ලන්, මයිටාවන් වැනි ආත්‍රපෝඩාවන් කටයුතු කරනවා😑

 

📍ටයිපස් උණ හැදෙන්නේ කොහොමද?🤔

 

Rickettsia බැක්ටීරියා ජීවත් වන්නේ මැක්කන්, උකුණන්, කිනිතුල්ලන්, වැනි ආත්‍රපෝඩාවන්ගේ ආහාර මාර්ගයේ🙁 එවැනි කෙනෙක් මිනිස් සමේ සපා කෑමේදී එම තුවාලය මත ඔවුන් මළපහ පිට කරනවා😟 එහෙම නැත්නම් ඒ තුවාලය කසන සුළු නිසා එසේ කසන විට මැක්කන්, උකුණන්, පොඩි වී විනාශ වී යනවා😨

ඉතින් කෘමීන්ගේ මළපහ වල සිටින බැක්ටීරියා හෝ පොඩිවී යන විට ආහාර මාර්ගයේ සිටින බැක්ටීරියා තුවාලය හරහා රුධිරයට එකතු වෙනවා😳

මෙහෙම අපේ ලේ වලට ඇතුල් වන බැක්ටීරියා රුධිර නාල සෛල වල වර්ධනය වෙමින් ශරීරය තුළ ගුණනය වෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා ශරීර ගත වීමෙන් සති 1-2 ක් අතර කාලයක් ගතවීමෙන් පසු රෝග ලක්ෂණ මතු වෙනවා🥲

 

📍මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?🤔

 

02. උණ🤒

එකවරම මතුවන තද උණ මෙහි ප්‍රධාන ලක්ෂණය වේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 34ත් 41ත් අතර තද උණ පවතිනවා🤒 උණ තත්වය විශේෂිත රටාවකට ඇතිවෙනවා. මුලින් දිනයේ උණ ඇතිවන අතර පසුදා උදෑසන වන විට උණ ගතිය අඩුවෙනවා🙂 නමුත් පැය කිහිපයකට පසු නැවත ඉතා හදිසි උණ ගන්නවා. සාමාන්‍යයෙන් පැය 24ත් 72ත් ගතවන තුරු මේ ආකාරයෙන් විටින් විට උණ ගන්නවා😐

උණ සමඟ

• මාංශපේෂී වේදනාව😣

• වෙව්ලීම🥶

• ඇඟපත අප්‍රාණිකත්වය

• එකවර ඇතිවන තදබල හිසේ කැක්කුම😫 දක්නට ලැබේ.

 

02. සතුන් සපා කෑ ස්ථානයේ වෙනස්කම්🤨

මැක්කන්, වැනි සතුන් සපා කෑ ස්ථානයේ මුලින් වේදනා රහිත බිබිලක් ඇතිවේ.🥲 ක්‍රමයෙන් එය විශාල වන අතර කලු පාටට හැරෙමින් වලක් අයුරින් දිස්වේ😐

මෙය බැලූ බැල්මට දුම්වැටියකින් සිදුවූ පිළිස්සුම් තුවාලයක් ලෙස පෙනේ🥵

 

03. සමේ පැල්ලම් ඇතිවීම🙁

පපුව හා බඩ ප්‍රදේශයේ කිහිළි අවටත් රතු පාටින් පැල්ලම් නොහොත් rash එකක් ඇතිවෙන අතර මුහුණ අත්ල හා යටි පතුල හැර ශරීරයේ අනෙක් ප්‍රදේශ පුරා පැතිරී යයි😐

 

04. කුද්දැටි/ වසා ගැටිති ඉදිමීම🥲

මුලින්ම ආත්‍රපෝඩාවන් සපා කෑ ස්ථානය අසල වසා ගැටිති ඉදිමෙන අතර ඒවා වේදනාවන් සහිත ඒවා වේ😣 ක්‍රමයෙන් ශරීරය පුරා වසා ගැටිති ඉදිමිය හැකිය😟

 

05. සංකූලතා නිසා ඇතිවන රෝග ලක්ෂණ🤨

බැක්ටීරියා ක්‍රමයෙන් රුධිරය හරහා අවයව වලට පැතිරීමේදී සංකූලතා මතුවේ🥲 මේ නිසා ස්නායු පද්ධතිය මාංශපේෂී හා අස්ථි පද්ධතිය, හෘදය, පෙනහළු, වකුගඩු ආශ්‍රිත ගැටළු මතුවේ🤨

 

📍 ටයිපස් උණ සඳහා ප්‍රතිකාර කුමක්ද?🤔

 

මූලික අවධියේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සංකූලතා අවම කර ගත හැකිය🙂 නිවැරදි රෝග ඉතිහාසය මෙහිදී ඉතා වැදගත්. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයාට පහත තොරතුරු නොසඟවා පවසන්න👇

 

-නිවසේ සුරතල් සතුන් (බල්ලන්, පූසන්) ඇතිකරයි නම්

- සුරතල් සතුන් ඇති නොකෙරුවද වෙනත් සතුන් ගැවසීමට ඉඩකඩ ඇත්නම් ( කලවැද්දන්, මුගටියන්)

- පිළිස්සූ ස්වරූපයේ තුවාලයක් ඇත්නම්

- කුද්දැටි ඉදිමීමක් ඇත්නම්

 

ප්‍රතිජීවක ඖෂධ ලබාගෙන පැය 48-72 අතරදී රෝගය පාලනය වීමට පටන් ගන්නා අතර ප්‍රධානම ලක්ෂණය වූ විටින් විට මතුවූ උණ නැතිවී යයි🥲

 

📍රෝගය වළක්වා ගන්නේ කොහොමද?🤔

 

මේ ලිපිය කියවීමෙන් සුරතල් සතුන් ඇතිකිරීමට අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා😐 ඔවුන්ගේ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න🤨 ඔවුන් සමඟ කටයුතු කිරීමේදී ඔබේ ආරක්ෂාව ගැනත් සිතන්න.

වෙනත් සතුන් (කලවැද්දන්, ඌරුමීයන්) නිවස තුලට ඇතුල්වීම වළක්වා ගන්න.😐

ඇතැම් අවස්ථා වලදී සමහර ප්‍රදේශ වල මෙය ව්‍යාප්තිය වැඩිපුර දක්නට ලැබේ🤨 එසේ ඔබ ප්‍රදේශයේ ටයිපස් උණ රෝගීන් බහුලව හමුවේ නම් එවැනි ප්‍රදේශ වල පිරිස එකතු වන ස්ථාන වලින් ඈත් වන්න🙂

එවැනි ප්‍රදේශයක ජීවත් වන විට පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. නිතර ස්නානය හා ඇදුම් මාරු කිරීම වැදගත්🤨

එවැනි ප්‍රදේශයක ඖෂධ භාවිතයෙන් මැක්කන්, උකුණන්, විනාශ කිරීමට සිදුවන අවස්ථාද පවතී.

 

✍️ Dr. Ishara Gunarathne

SHO - Medicine

DGH Embilipitiya

blog_image
blog_image