blogImage

දරුවන්ගේ උණ ගැන ඔබ දැනගත යුතු දේ

📌දරුවන්ගේ උණ ගැන ඔබ දැනගත යුතු දේ?🤔

 

බොහෝ මව්වරු තම දරුවාට උණ යැයි පවසමින් බාහිර රෝගී අංශයෙන් බොහෝ පැමිණිලි පැමිණේ.😥

"අද උදේ ඉදන් බබාගෙ ඇඟ රස්නෙට තිබුණා😢 ඩොක්ටර් බයයිනේ.. ඒකයි බෙහෙත් ගන්න එක්කන් ආවේ."😓 හැමදාම ඇසෙන එකම වචන මාලාවකි.😐

 

📍දරුවන්ගේ උණ ගැන ඔබ දත යුතු දේ බිඳක් පහළින්👇

 

•උණ යනු🤒-:

අපගේ ඇඟේ සාමාන්‍ය උෂ්ණත්වය -: සෙල්සියස් අංශක 36.5°c- 37.2°c අතර පවතී.

මෙම අගයට වඩා වැඩි උෂ්ණත්වයක් ඇඟේ පවතින විට අප සාමාන්‍යයෙන් උණ🤒 යැයි කියනු ලැබේ. ( 97.8°F- 99°F ෆැරන්හයිට් අංශක)

 

• සැලකිය යුතු උණ-: ( significant fever ) -: > 38°c ( 100.4°F)

• තදබල උණ-: ( High fever) -: >39°c ( > 102.2 °F )

 

* මාස 1කට වඩා අඩු දරුවන්ගේ උණ ගැන ඉතාමත් උනන්දුවෙන් සැලකිලිමත් විය යුතුය.🤱🏻

* සාමාන්‍යයෙන් ඇඟේ අතට දැනෙන රස්නයට උණ යැයි පැවසීම වැරදිය.😐 නියමිත පරිදි මිණුම් කල උෂ්ණත්වමානයකින් එය මැන බැලිය යුතුය.🤒

 

📍මනින ක්‍රම-:

 

• Axillary method ( කිහිල්ල යට තබා) under the armpit

•oral method ( දිව යට තබා) in the mouth

• Tympanic method ( කණෙහි බැලීම) in the ear

• rectal method ( ගුද මාර්ගයේ බැලීම) in the rectum

 

නිවසේදී බොහෝ විට මනිනු ලබන්නේ කිහිල්ල යට තබා හෝ දිව යට තබා මනිණ උෂ්ණත්වයකි.🤒

 

* උණ යනු රෝග ලක්ෂණයකි. එය නිශ්චිත ‍රෝගී තත්ත්වයක් නොවේ.🙂 බොහෝ අයවලුන් උණ ලෙඩක් සේ සලකා බෙහෙත් ගැනීමට පැමිණෙයි.😐 නමුත් උණ හට ගැනීමට හේතු වූ කරුණු සොයා ගත යුතුය.

 

* වෙනත් වූ කිසියම් විශේෂිත ලක්ෂණ නොමැති විට සුළු කාලින වෛරස් උණක් ලෙස සලකයි.

පළමු දින 02-03 ඇතුළත අනියත බියක් ඇතිකර ගැනීම සුදුසු නොවේ.😊

 

*සමහර වෛරස් උණ හටගත් විට බෙහෙත් වලට (උදා-: පැරසිටමෝල් ) මුල් දින 02-03 තුළ ප්‍රතිචාර නොදැක්වීම එතරම් භයානක තත්ත්වයක් නොවේ.🙂

 

වෛරසයක් ඇඟට ඇතුළු වී කරනු ලබන වෙනස්කම් ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොහැක.😐

ඇතැම් විට රෝගයන් ඉක්මනින් සුව කල නොහැක්කේද එම නිසාය.

 

• බොහෝ මව්වරු ' ඩොක්ටර් ඊයේ බෙහෙත් ගත්තා තාම උණ අඩු උනේ නෑනේ' මැසිවිලි නගමින් OPD ( බාහිර රෝගී අංශයට) එයි.😐

බෙහෙත් එක වේලක් දුන් පමණින් රෝගය අඩු නොවන බවත්, ඊට යම් කාලයක් ගතවන බවත් දැනුවත් කල යුතුය.

 

📍දෙමව්පියන් ලෙස උණ පළමු දින 3 තුල ඔබ කල යුත්තේ මොනවාද? 🤔

 

01. Rest - නිවසේදී විවේකීව තබා ගැනීම

02. Fluids - ප්‍රධානතම කාර්යය වන්නේ ප්‍රමාණවත් තරමට දියර වර්ග ලබා දීමයි. ( වතුර පමණක් සුදුසු නැත. ජීවනී, කැඳ, සුප්, දෙහි, දොඩම් වැනි දියරමය දේ ලබා දිය යුතුය.)

03. Observe - නිවසේදී දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වේද? වෙනත් රෝගී ලක්ෂණ පහළ වේද? නියමිත පරිදි ආහාරපාන ලබා ගනීද? යන්න සොයා බැලිය යුතුය.🙂

 

* කුඩා දරුවන්ගේ හිසෙන් වැඩිපුර රස්නය පිටවෙයි.😢 එබැවින් හිස අනෙක් අංශ වලට වඩා රස්නයට පැවතීම භයානක හෝ මොලයේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන ලක්ෂණයක් නොවේ.

 

*උණ තත්ත්වය දින 3කටත් වඩා පවතින විට දරුවාව රෝහල් ගත කිරීමට හෝ පරීක්ෂණ පැවැත්වීම කල යුතුය. මන්දයත් රෝගයට හේතුකාරකය සොයා ගැනීමට ඉවහල් වන බැවිනි.😐

උදා-: ලේ පරීක්ෂණ (උදා-: FBC, CRP , Dengue NS1)

-: මූත්‍රා පරීක්ෂණ (උදා-: UFR)

 

* පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත්, අවශ්‍ය විට එම පරීක්ෂණ නැවත නැවත සිදු කිරීමටත් සිදු වේ.🙂

 

*දෙමව්පියන් වශයෙන් ඔබ තුල ඇතිවන බය දරුවාට නොපෙන්වන්න.😐

 

*රෝග ඉක්මනින් සුව වීමට මානසික ශක්තිය මෙන්ම ධනාත්මක සිතුවිලි ද ඉවහල් වේ.😊

 

*ප්‍රතිකාර කරන රෝහල වෙනස් කිරීම හෝ බෙහෙත් නියම කරන වෛද්‍යවරයා වෙනස් කිරීම දරුවාට සුදුසු තත්ත්වයක් නොවේ.🤔 ඉතාමත් සුදුසු දෙය ප්‍රශ්ණ ඇත්නම් ඒ පිළිබඳව ප්‍රතිකාර කරන කණ්ඩායම සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමය.🤗

 

*උණ සුවවී දින 03ක් වත් හොඳ විවේකයක් දරුවාට අවශ්‍ය වේ.🤕

 

* වෙනත් ප්‍රශ්ණ නොමැති නම් උණ සුවවී දින 03කින් හිසේ නෑවීම කළ හැකිය. නෑවීම අනවශ්‍ය ලෙස කල් දැමීම එතරම් සුදුසු නොවේ.😑

 

දරුවාව ආරක්ෂා කිරීම, රැකබලා ගැනිම දෙමව්පියන් වන ඔබේ යුතුකමකි. වගකීමකි🤗

 

✍️Dr. Chathuranga Dissanayake

Medical officer

Primary medical care unit

Poojapitiy

blog_image
blog_image