blogImage

Fasting නිසා ශරීරයට ලැබෙන වාසි මොනවාද?

📌Fasting නිසා ශරීරයට ලැබෙන වාසි මොනවාද? 🤔

 

මේ ගෙවී ගියේ මුස්ලිම් ජනතාවගේ රාමදාන් උපවාස සමයයි.🧕🏻 අදින් අවසන් වන උපවාස මාසයේදී ඔවුන් දවසේ වැඩි කාලයක් නිරාහාරව ගත කරයි.🙂 ඉංග්‍රීසියෙන් Fasting ලෙස හඳුන්වන මේ ක්‍රියාව ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?🤔

 

බඩගින්න දැනෙද්දිත් නිරාහාරව සිටීම අපේ ශරීරයට අහිතකර ලෙස බැලූ බැල්මට පෙනුනට ඇත්තෙන්ම එයින් ශරීරයට අත්වන වාසි එමටයි.☺️ ශාරීරිකව මෙන්ම මානසිකවද ඔබේ සෞඛ්‍යයට හිතකර කරුණු රාශියක් මෙයින් ලැබේ.😊

මේ හේතූන් නිසාම Intermittent fasting කියන සංකල්පය අද ලෝකයේ බොහෝ ජනප්‍රිය වී තිබේ.🙂

 

📍 Intermittent Fasting යනු,

 

පැය 16ක කාලයක් නිරාහාරව සිටීමත්, පැය 8ක කාලයකදී පමණක් ආහාර ලබා ගැනීමත්‍ ය.😇 සාමාන්‍යයෙන් රාත්‍රී 7 සිට උදෑසන 11 වන තුරු ආහාර නොගන්නා අතර එහිදී ජලය, කැලරි අඩංගු නොවන පානයන් ලබා ගැනීම අනුමත කරයි.☺️

 

📍 Intermittent Fasting නිසා ශරීරයට ලැබෙන වාසි?🤔

 

01. රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය

 

මෙහිදී රුධිර ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත අගයක පවත්වා ගත හැකි අතරම දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිවිරුද්ධතාවය අඩුකිරීම සිදු කරයි.☺️

 

02. හෘදයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වීම.

 

ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම හරහාද හෘද සෞඛ්‍යයට යහපත් බලපෑමක් සිදුකරන අතරම රුධිරයේ කොලොස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් යන ලිපිඩ වර්ග අඩුකිරීම හරහා හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරනු ලබයි.😊

 

03. ප්‍රදාහමය තත්ත්ව අඩු කිරීම හා ප්‍රතිශක්තිය වැඩි කිරීම.

 

බොහෝ ශාරීරික ආබාධ වලට හේතුවන්නේ දිගු කාලීනව ශරීරයේ පවතින ප්‍රදාහමය තත්ත්ව වන අතර ඒවා chronic inflammation ලෙසට හඳුන්වයි.🙂 මේ ප්‍රදාහමය තත්ත්ව අඩුකිරීම නිසා එවැනි රෝග වලට පත් වීමේ අවධානම අඩු කොට ඔබේ තරුණ බව හා නීරෝගි බව රැක දෙයි.😊

 

📍 ස්නායු රෝග ඇතිවීම අඩුකිරීම.

 

පරීක්ෂණ වලින් සනාථ කර ඇති ආකාරයට ස්නායු රෝග එනම් Neurodegenrtive disorders තත්ත්ව ඇති වීම අඩුකරයි.☺️ මේ නිසා වයස්ගත වීමේදී Alzheimer රෝගය හා parkinson රෝගය වැළඳීමේ අවදානම අඩුකර ගත හැකිය.☺️

 

05. බර අඩුවීම.

 

ශාරීරියට ලැබෙන කැලරි ප්‍රමාණය අඩුවීම නිසා බර අඩුකර ගැනීමට හැකිය.🌝 මේ නිසාවෙන්ම තරබාරු පුද්ගලයින් හා අධිබර පුද්ගලයින් මේ ක්‍රමය බර අඩුකර ගැනීමට බොහෝ රටවල භාවිතා කරනු ලැබේ.☺️

 

06 මානසික සෞඛ්‍යයට අත්වන වාසි

 

ආහාර රුචිය හා බඩගින්න පාලනය කර ගැනීම තුළින් සිතිවිලි හා ආකල්ප පාලනය ක්‍රමයෙන් පුරුදු වන අතරම ඒ තුළින් ආතතිය හා කලබලකාරී බව මඟහැරී ඉතා යහපත් මානසික සෞඛ්‍යයක් ඇතිවේ.☺️

 

📍 Intermittent Fasting වල අවාසි🤔

 

•බඩගින්න දැනීම😣

•මහන්සිය හා තෙහෙට්ටුව දැනීම😥

•නින්ද නොයෑම😟

• අවධානය අඩු වීම😞

•මලබද්ධය😟

•ඔක්කාරය🤢

 

ඇතැම් පුද්ගලයන්ට මෙවැනි ලක්ෂණ දක්නට ලැබෙන අතර ඒවා මේ ක්‍රමයේ අවාසි ලෙස සැලකිය හැකිය.😐

 

📍 Intermittent Fasting නොකල යුතු අය කවුද?🤔

 

•වයස අවුරුදු 18ට අඩු අය

• මන්දපෝෂණය හෝ අඩුබර ඇති අය

•ගර්භනී කාන්තාවන්🤰🏻, කිරිදෙන මව්වරු🤱🏻

 

📍 Intermittent fasting නතර කල යුත්තේ කුමන වෙලාවේදීද?🤔

 

ඔබ මෙම ක්‍රමය කරගෙන යාමේදී මේ නිසා,

❌සිතුවිලි වලට බලපෑමක් ඇති වේ නම්

❌ශරීර ශක්තිය සැලකිය යුට්ජු ලෙස හීන වේ නම්

❌තද බල ල්ව්ස දරාගත නොහැකි අන්දමින් බඩගිනි වේ නම්

 

මේ ක්‍රමය එවැනි අවස්තාවකදී නවතා සාමාන්‍ය ආහාර රටාවට නැවත යොමුවීම වඩා සුදුසුයි.🙂

 

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය මේ ක්‍රමය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගෙන ඔබේ ජීවිතයට හරියාකාරව අනුකූල ගත කර ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකිය.🤗

 

✍ Dr. Harshana Guruge

Medical officer

Gastroenterology unit

Teaching Hospital Anuradhapur

blog_image
blog_image