blogImage

Hypertrophic cardiomyopathy ( HCM) යනු කුමක්ද ?

📌යකා ගහලා මැරෙන්නේ කොහොමද? 👹

 

 

උදෑසන වැඩ මුරයට පැමිණෙන මා හට දක්නට ලැබුණේ එකම ගාලගෝට්ටියකි.😟 මියගිය ලෙඩෙකුගේ නෑයන්ගේ වේදනාබර කෑගැසීමෙන් ETU ඉදිරියේ කොරිඩෝව දෝංකාර දෙයි.😢

 

' මම කොහොම දරාගන්නද මගෙ දෙයියෝ ගහක් ගලක් වගේ හිටියේ.. මගෙ රත්තරංට මේ මොකද උනේ'

 

මිය ගිය රෝගියාගේ බිරිඳ හඬා වැළපුනේ දරුවන් දෙදෙනාද බදාගෙනය.😭 හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන ආ රෝගියා දෙස මා බැලුවෙමි.😐 වයස තිස් ගානක් පසුවන හැඩි දැඩි තරුණයෙකි.🤔

 

Goodmorning සර්,

අද උදේ හතට විතර ගෙනාවේ. On admission death සර්. අපේ අල්ලපු ගමේ මම දන්න මල්ලි කෙනෙක්. හොඳ කොල්ලා. කුඹුරු දෙක තුනක් තනියම වැඩ කරා. ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ සර්.😥

 

රෝගියා ගැන දැනුවත් කලේ මා සමඟ කුළු පගු සාත්තු සේවක මහත්මයායි.

 

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිවූයේ. Hypertrophic cardiomyopathy නම් හෘද රෝග තත්ත්වය එම රෝගියාට තිබූ බවයි.😧

ඒ අනුව මෙය ඒ නිසා සිදුවූ sudden cardiac death තත්ත්වයකි.😐

එනම්,

හෘද රෝග තත්ත්වයක් නිසා බලාපොරොත්තු නොවූ ආකාරයේ කෙටි කාලයකදී ( සාමාන්‍ය රෝග ලක්ෂණ මතු වී පැයක් වැනි කාලයකදී) මරණයට පත් වීම මෙලෙස හඳුන්වයි.😨

 

නීරෝගි පුද්ගලයකුට මෙවැනි තත්ත්වයන් ඇති වූ විට මා රාජකාරි සිදුකරන මැදිරිගිරිය ප්‍රදේශයේ ගම් වාසීන්, වැඩිහිටියන් එය හඳුන්වන්නේ යකා ගහලා 👹මැරිලා යනුවෙන්ය.😳 නිශ්චිත හේතුවක් එකවරම සිතා ගත නොහැකි ලෙස පුද්ගලයකු මියයාම ඔවුන් මේ ආකාරයෙන් හඳුන්වයි.😐 නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ඒ සඳහා විවිධ හේතු බලපායි.🙂

මේ සිද්ධියට මුහුණ දුන් රෝගියාගේ පියාද තරුණ වියේදීම මේ ආකාරයෙන්ම මිය ගොස් ඇති බව පසුව ආරංචි විය.😥 ඒ අනුව Hypertrophic cardiomyopathy රෝගයේ රෝග විනිශ්චය තවත් තහවුරු විය.🙂

මෙවැනි අවාසනාවන්ත තත්ව මඟ හරවා ගැනීමට මෙවැනි රෝග පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගෙන සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීම වැදගත් බව සිතුවෙමි.☺️

 

📍 Hypertrophic cardiomyopathy ( HCM) යනු කුමක්ද?🤔

 

මෙය ප්‍රධානම ප්‍රවේණික (පරම්පරාවෙන් පරම්පරාවට බලපාන) හෘද රෝගයකි.😐 මැදිවියේ හා තරුණවියේදී හදිසි හෘද මරණයකට බලපාන ප්‍රධානම රෝග තත්ත්වයකි.😟 හෘද වස්තුවේ පවතින හෘද පේශී අධිවර්ධනය ( Hypertrophy) නම් තත්ත්වයට පත්වීමෙන් හෘද බිත්තිවල ඝණකම වැඩිවීමෙන් හෘද ක්‍රියාකාරීත්වයට බලපායි.😐

 

📍රෝග ලක්ෂණ🤔

 

අවාසනාවට ඇතැම් රෝගීන්ට රෝග ලක්ෂණ ඇති නොවන අතර සමහර අයට ඉතා සුළු ලක්ෂණ ඇති වේ.😥

•නිතර ක්ලාන්තය ඇති වීම🥴

• නිතර ඇස් බොඳ වී යාම😵

•හෘද ගැස්ම වැඩිපුර දැනීම😐

• කරකැවිල්ල🥴

•පපුවේ වේදනාව😥

•හුස්ම ගැනීමේ අපහසුතාව😖

 

📍 අවදානම් සාධක🤔

 

ප්‍රධානතම සාධකය ප්‍රවේණික බලපෑමයි. එනම් දෙමාපියන්ගෙන් එක් අයෙකුට මේ රෝගය පවතී නම් දරුවන්ට රෝගය ඇතිවේ.😢 50% ක අවස්තාවක් පවතී.😐

ඔබගේ දෙමාපියන්ගෙන් කෙනෙක් වයස අවුරුදු 30-50ත් අතරදී හෘද රෝග තත්ත්වයක් නිසා හදිසියේ මිය ගියේ නම් මේ තත්ත්වය නිසා විය හැකිය.😯

උපතින් ඇතිවුනු මේ තත්ත්වය සංකූලතා ඇතිවීම වැඩිකරන අවස්තා කිහිපයක් පවතී.

ඒවා නම්,

දුම්පානය🚬

අධි රුධිර පීඩනය

දියවැඩියාව

අධික තරබාරුව

අධි කොලොස්ටරෝල් තත්ත්වය

 

යම් පුද්ගලයකුට උපතින් HCM තත්ත්වය පැවති අවස්තාවකදී ඉහත👆🏻 සඳහන් කරන ලද තත්ත්ව පැවතියහොත් එම රෝගය නිසා සංකූලතා ඇතිවීම වැඩි කරනු ලැබේ.🙂

 

📍රෝගය හඳුනා ගැනීම🤔

 

රෝගය හඳුනාගැනීම සඳහා නිවැරදි රෝග ඉතිහාසය හා නිවැරදි පවුලේ රෝග ඉතිහාසය ඉතා වැදගත් වේ.🤔

Echo පරීක්ෂණයක් සිදුකිරීම මඟින් රෝග විනිශ්චය පහසු කරයි.

මීට අමතරව ECG හා Exercise ECG යන පරීක්ෂණ වලට යොමු කිරීම අවශ්‍යතාවය අනුව සිදුකරයි.🙂

 

📍ප්‍රතිකාර ලබා ගැනීම🤔

 

නියමිත ඖෂධ හා අනෙක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පාලනය කර සංකූලතා මග හැරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වීම ඉතා හොඳ තත්ත්වයක් නිසා මේ රෝගීන් නොකඩවා ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම අනිවාර්ය වේ.😊🤔

ඉහත👆🏻මුලින් සඳහන් කරන ලද සිද්ධියේදී මිය ගිය පුද්ගලයාගෙ සහෝදරයන් දෙදෙනා පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු එක් අයෙකුට රෝගය ඇතිබව හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමුකිරීමට හැකිවීමද එක්තරා භාග්‍යයකි.☺️

 

✍ Dr. Suraj Dhanushka

Medical officer

Emergency treatment unit

Madirigiriya Hospita

blog_image
blog_image