blogImage

නියමිත BMI අගය පවත්වා ගමුද?

📌මේ අලුත් අවුරුද්දේ ඔබේ නීරෝගි බව රැක ගැනීමට, නියමිත BMI අගය පවත්වා ගමුද?🤗

 

📍BMI නොහොත් ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ මොකක්ද?🤔

 

ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ ඉතාම සරලව අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දළ අදහසක් දෙන මිනුමක්.🌝 එහිදී උසට සරිලන බර කියන එක තමයි මැනෙන්නේ.⏲ පුද්ගලයාගේ බර කිලෝග්‍රෑම් වලින් ගෙන එය උස මීටර් වලින් වර්ග කර බෙදූ විට BMI අගය ලැබෙනවා.🤗

 

📍සාමාන්‍ය BMI අගය වෙන්නේ මොකක්ද?🤔

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 18.5-25 අතර තමයි සාමාන්‍ය BMI අගය ලෙස සැලකෙන්නේ.🙂 18.5 ට අඩු නම් කෘශ ලෙසත්🙁, 25-30 දක්වා අධිබර ලෙසත් 😧30ට වැඩිනම් ස්ථුල ලෙසත්😦, නමුත් ආසියාතික රටක ජීවත් වන අපිට මෙම අගයේ සුළු වශයෙන් වෙනස් වෙනවා.🙂 18.5-23 දක්වා තමයි සාමාන්‍ය BMI අගය වෙන්නේ.😊 23-25 දක්වා අධි බර ලෙසත් 25ට වැඩි නම් ස්ථුල ලෙසත් ය.

ස්ථුලතාවග ගත්තොත් එය කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්.🤔 25-40 දක්වා පළමු කාණ්ඩයත්, 40-50 දක්වා දෙවන කාණ්ඩය ලෙසත්, 50ට වැඩි අය තෙවන කාණ්ඩය ලෙසත්.

 

📍මේ BMI අගය සාමාන්‍ය ලෙස පවත්වා ගත යුත්තේ ඇයි?🤔

 

ස්ථුලතාවය වර්තමානයේදී විශාල ගැටලුවක් වී අවසන්.😐අධික තරබාරු වීම නිසා පුද්ගලයකුගේ පෙනුමේ වන වෙනස් වීමට එහා ගිය ගැටලු රාශියක් තියෙනවා.😶 ( Metabolic syndrome) කියන තත්ත්වය ඇති වන්නේ ස්ථුලතාවයත් සමඟය.🌝 එහිදී දියවැඩියාව, අධි රුධිර පීඩනය හා රුධිරයේ අධික ලිපිඩ මට්ටම් යන බෝ නොවන රෝග ඇති වෙනවා.😦 මේ රෝග සමඟ හෘදයාබාධ සහ ආඝානය/ අංශභාග ඇතිවෙන්න තියන ඉඩකඩ වැඩි වෙනවා.😶 ඒ රෝග නිසා ජීවිතය නැතිවෙන්න පුළුවන් කියන එක අපි හැමෝම දන්නවා.😐

මෙම රෝග වැළදුණාම බෙහෙත් බීමට අවශ්‍ය වෙනවා.💊 අපි මේ ජීවත්වන කාලයේ තියෙන ආර්ථික ගැටලු නිසා රජයේ රෝහල් වල බෙහෙත් හිඟයි☹️, බෙහෙත් වල මිල අධිකයි😥 ඒ වගේම මෙම රෝගී තත්ත්ව ශරීරයේ සියලුම අවයවවලට බලපෑම් සිදුකරනවා.😦 ඒවාටද බෙහෙත් බොන්න අවශ්‍ය වෙනවා. මේ බොන බෙහෙත් වලත් අතුරු ආබාධ තියෙනවා.😐 එතකොට ඒවටත් බෙහෙත් බොන්න වෙනවා. ඔබට වැටහෙනවා ඇති මෙම තත්ත්වයක් ඇති වූ විට ගැලවීමක් නොමැති බව.😑

අද ලෝකයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති වෙන්නේ හෘද රෝග නිසාය.😥 අපි මෑතකදී ඉතාමත් බියට ජීවත් වූ කොරෝනා රෝගය නිසා🦠 මියගිය ගණන සමඟ සසඳන විට එය විශාල අගයකි.😐

මේ හැමදේම අපගේ ආහාර වේල් වෙනස් කිරීමෙන් හා ව්‍යායාම කිරීමෙන් වළක්වා ගත හැකිය.🤗 එය පිළිබඳව මහජනතාව දැනුවත් නොවීම හා කටයුතු නොකිරීම ඉතාමත් අසතුටුදායක කාරණාවකි.☹️

 

මේ ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අපගේ BMI අගය සාමාන්‍ය අගයක පවත්වා ගනිමු.☺️ නීරෝගීමත් දිවියක් ගත කිරීමට පියවර ගනිමු.🤗

 

ඔබට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට කැමති

අය සම්බන්ධ වන්න

blog_image
blog_image