blogImage

ඇයි බිව්වට පස්සෙ කබරයා සෙට් වෙන්නෙ?

මේ අවුරුදු කාලේ - හිනාවෙයන් රාලේ කියලා කට්ටියම මොනවා නැතත් පස්වෙනි සිල්පදේ කඩන්න නම් සෙට් වෙනවා. 🍾

ඉතිං අපේ කොල්ලොන්ට මේ කාලේ කරදර කරන කෙනෙක් තමයි "කබරයා".🤮

ඒ කියන්නෙ බිව්වට පස්සෙ වමනෙ දාන එක.

 

📌ඇයි බිව්වට පස්සෙ කබරයා සෙට් වෙන්නෙ?

 

කවුරු කොහොම කිව්වත් ඇල්කොහොල් අපේ ඇඟට නම් විසයි. ඉතින් මේක ආමාශයට වැටුනම ගැස්ට්‍රයිටීස් තත්වයන් ඇතිවෙනවා. ඒක වැඩිවුනාම මේ විස ශරීරයෙන් පිටකරගන්න වමනෙ දානවා.

ඊට අමතරව Alcohol අක්මාව අග්න්‍යාශයෙන් බලපාන නිසා මේ තත්වය වැඩි වෙනවා.

 

📍කොහොමද කබරයා දාන්නෙ නැතුව බොන්නෙ? 🤩

 

1. හිස් බඩ බොන්න එපා.

 

ආමාශයේ කිසිම ආහාරයක් නැතිව බිව්වම වෙන්නෙ ඇල්කොහොල් වල විස කෙලින්ම බලපාන එක නිසා වමනය යන එක. ඒක නිසා බඩගින්නෙම දෙකක් දාගන්නෙ නැතුව බඩට මොනවහරි කාලා වැඩේ පටන් ගන්න.🍛➡️🍾

 

2. පෙරේතකමට ඉවර වෙයි කියලා බීගන බීගන යන්න එපා.

 

මරු කතරට දිය පොදක් වගේ අපේ අය සමහර වෙලාවට බොන්නෙ ජීවිතේ අන්තිම පාරට බොනව වගේ. වරකට 30ml වගේ වෙන්න හිමීට ගන්න. ශොට් දෙකක් අතර වෙලාවක් දෙන්න ඇඟටත් ඒ ටික දිරවගන්න.

 

3. ගොඩක් සැර බයිට් ගන්න එපා.🍲

 

මිරිස්, ගම්මිරිස් ගොඩක් දාපු බයිට් කන්න එපා. විශේෂයෙන් ගැස්ට්‍රයිටීස් කලින් ඉදලම තියන අය මේ ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනෙ.

 

4. වැඩිපුර කෑම කන්න එපා.

 

බිව්වම හොදට කන්න ඕනෙ කියල සමහරු උගුරට එනකල්ම කෑම කනවා. එහෙම කන්න එපා. වෙනදාට කන ප්‍රමාණයටම සාමාන්‍ය කෑම වේලක් ගන්න. කෑම වැඩි වුනාම කෑමයි,බීමයි ඔක්කොම ඇගට handle කරගන්න අමාරු වෙලා එලියට දානවා. 🤮

 

5. හොදට වතුර බොන්න.🥛

 

බිව්වාම එන ප්‍රදාන ප්‍රශ්නයක් තමයි විජලනය. මේ නිසා වැඩිපුර වතුර බොනවා නම් හොදයි හැබැයි කාබනේටඩ් බීම 🧃🥤ගොඩක් බොන්න නම් එපා.

 

6. බිව්ව සැනින් මයිකල් ජැක්සන් වෙන්න හදන්න එපා.🕺💃🤸‍♂️

 

බිව්ව සැනින් මයිකල් ජැක්සන් වෙන්න හදන්න එපා. කට්ටියට පොඩි ජොලියක් ගියාම නටනවා ඔලුවෙනුත් හිටගෙන. ගහන කරනම් වලට වමනය නොදා හිටියොත් තමයි පුදුමෙ. මේක ඉතිං අදාල පුද්ගලයට කියලනම් වැඩක් නෑ. කබරයගෙන් දුක් විදින්නේ වටේ පිටේ අය නිසා ඒ අය පුද්ගලයාව ශේප් එකේ පාලනය කරගන්න.

 

7. හැංගීගෙන බොන්න එපා🥂

 

කොහේ හරි කොනක හැංගීගෙන බිව්වට කමක් නෑ ටිකක් ඇවිදලා හුලං ටිකක් වදින්න ඉන්න. ඒක හිතිලා බීලා වාහන වල යන එකෙන් නම් වමනෙ යෑම වැඩි වෙනවා. හිමීට වටපිටාවේ ඇවිදලා ආවාම ඔක්කාර ගතිය අඩු වෙනවා.

 

👉බිව්වට පස්සේ එන hang over එක නැති කරගන්නේ කොහොමද?

 

කලින් කිව්ව ඔක්කෝම හරියට කරත් සමහර අයට ආමාශය ගලවගෙන එන තරමට වමනය යනවා. ඒකට ඉතිං බොන්නේ නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.

 

පහුවෙනිදාටනේ වැඩේ.

 

ඔලුවෙ කැක්කුම, කැරකිල්ල, ඇගේ අමරුව නිසා අලුත් අවුරුද්දම මුස්පේන්තු වෙන්නෙ නැතිවෙන්න මේ ටික කරලා බලන්න.

 

1. කෙසෙල් ගෙඩි හා ඇපල්🍎🍌

 

ඇපල් වල ගනන් හැටියටනම් තව බෝතල් ගන්න පුලුවන්. කෙසෙල් ගෙඩි දෙකක් විතර කන්න.

 

2. ලෙමන් හෝ දෙහි🍋

 

උනුවතුරට, දෙහි ස්වල්පයක් හෝ ලෙමන් ගෙඩියක් දාලා ඒකට මීපැණි ටිකක් එකතු කරගන්න පුලුවන්නම් කැරකිල්ල, ඔලුවෙ කැක්කුමට ගොඩක් හොදයි. 🍹

 

3. ඉගුරු☕️

 

ඔක්කාරය, වමනය ගතියට ඉගුරු දාලා ප්ලේන්ටි එකක් වගේ දෙන්න තියනවානම් හොදයි. ඉගුරු කුඩා කැබලි වලට කපලා හපන එකත් තෝන්තු මාන්දු ගතිය මග හැරගන්න හොදයි.

 

4. තක්කාලි🥗

 

තක්කාලි වල fructose කියන සීනි වර්ගය තියෙනවා.ඒක නිසා alcohol වල සංඝටක වලින් වන බලපෑම යම් තරමකට අඩු කරනවා. තක්කාලි සම්බෝල වගේ ආකාරයට ගන්න.

 

මේ ටික වැදගත් වන්නේ නෝනලාට, මොකද පහුවෙනිදාට ළග ඉන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ විතරයිනේ. මහත්තයගේ තෝන්තු මාන්තු ගතිය මග හැරලා mood එක fix කරන්න ඔය දේවල් කරලා බලන්න.

 

⭕️විශේෂ අවධානයට

 

⚠️ ඇල්කොහොල් විශවීම

 

මේ කාලයේ සිද්ධ වෙන තවත් දෙයක් තමයි alcohol විශවීම. මේක Alcohol Intoxication කියල හදුන්වයි. රුධිරයේ ඇල්කොහොල් අගය වැඩිවීමෙන් මේ තත්වය ඇතිවෙනවා. ගොඩක් වෙලාවට මේ තත්වය සාමාන්‍ය ඇල්කොහොල් නිසා සිදුවන මත්වීමෙන් අදුරගන්න අමාරුයි නමුත්,

❌සිහි නැතිවීම

❌වලිප්පුව ඇතිවීම

❌හුස්ම ගැනීම අඩුවීම හෝ අක්‍රමවත් වීම

❌ඇග සුදු මැලිවීම

❌ශරීර උශ්ණත්වය සැලකිය යුතු ලෙස අඩුවීම,

 

මේ දේවල් තිබ්බොත් අනිවාර්යයෙන් හොස්පිටල් එකට අරං යන්න.

 

මේ පෝස්ට් එක දාන්නෙ බීම promote කරන්න හෝ ඒක හොඳයි කියන්න නෙවෙයි.ඇත්තම කථාව කවුරු කොහොම කිව්වත් මත්පැන් ඔබේ සෞඛ්‍යයටත් සාක්කුවටත් දෙකටම අහිතකරයි.

 

ඒත් එහෙමයි කියලා ඒක නතර කරන්නෙ කවුද ?

වගකීම් සහගතව ඒ දේවල් භාවිත කරන විදිහ ගැන දැනුවත් වෙන්න.

 

මේ දේවල් ටික කිව්වෙ පරිස්සමෙන් අවුරුදු සමරන්න ඕන නිසා. 🍺🥃🍻🥂🍸🍾

හැම සෙට් එකකම ඉන්නවා බීලා යාලුවන්ට වද දෙන කෙනෙක්. එයාට කියවන්න ඒ යාලුවාව මෙන්ශන් කරන්න.

 

අදහස

 

Dr.Deepal Dananjaya

Medical officer

ICU

PGH Badull

blog_image
blog_image