blogImage

Diabetic Ketoacidois හෙවත් DKA යනු කුමක්ද?

📌දියවැඩියා රෝගීන්ට වැළඳෙන අවදානම් සංකූලතාවය🤔

 

මේ ගෙවී යන්නේ අලුත් අවුරුදු උත්සව සමයයි.😍 මේ කාලයේදී අලුත් අවුරුදු කෑම බීම තුලින් සියලු දෙනා සතුටු වන අතරෙදි ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෝ නොවන රෝගයක් වන දියවැඩියාව ඇති රෝගීන්ද අන් කවරදාටවත් වඩා මේ කාලයේදී ආහාරපාන පාලනය හා රෝග නිවාරණය ගැන අමතක කර දමයි.😐

 

ඒ නිසාවෙන් අවුරුදු සමය අවසන් වනවාත් සමඟම හදිසි ප්‍රතිකාර අංශයට නිතර පැමිණෙන රෝගී තත්ත්වයක් වනුයේ දියවැඩියා රෝගීන්ගේ සංකූලතාවයක් වන Diabetic Ketoaerdoise නම් තත්ත්වයයි.😟

 

මේ නිසා අවුරුදු සමය ආරම්භයත් සමඟම මේ පිළිබඳව දැනුවත් වීමෙන් එය වළකා ගැනීම ඉතා අගනා බැවින් මෙම ලිපිය ඒ සම්බන්දව පළ කරමි.🤗

 

📍 Diabetic Ketoacidois හෙවත් DKA යනු කුමක්ද? 🤔

 

DKA යන කෙටි යෙදුමකින් හඳුන්වන මෙය දියවැඩියා රෝගීන්ට ඇති වන ප්‍රධාන හදිසි ජීවිත අවදානමකට පවා පත් කරවන සංකූලතාවයකි.😐

මෙහි ප්‍රධාන ලක්ෂණ දෙකක් දක්නට ලැබේ.🙂

 

01. Hyperglycemia- රුධිරයේ සීනි මට්ටම අධික වීම.😦

02. Ketoacidois- රුධිරයේ ආම්ලිකතාවය අධික වීම.😧

 

මූලිකවම Type | දියවැඩියාව රෝගීන් අතර ප්‍රධානව පැන නගින අතර Type || දියවැඩියාව සහිත රෝගීන් අතරද දක්නට ලැබෙන අවස්ථා පවතී.😐

 

📍 Type | සහ Type || දියවැඩියාව යනු කුමක්ද? 🤔•

 

Type | දියවැඩියාව

 

අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවීම අකර්මණ්‍ය වීම නිසා හටගන්නා මෙම තත්ත්වය තරුණ වියේදීම දියවැඩියාව ඇතිවීමට මග පාදයි.😐 බොහෝ රෝගීන් ප්‍රතිකාර ලෙස ඉන්සියුලින් භාවිතා කරයි.💉

 

• Type || දියවැඩියාව

 

ඉන්සියුලින් හෝර්මෝන සඳහා ශරීරයේ සෛල වල සංවේදීතාවය අඩුවීමෙන් ඇතිවන මේ තත්ත්වය බොහෝවිට මැදිවියේ හෝ වැඩිහිටි ප්‍රජාව අතර බහුලව දක්නට ලැබේ.😦 මේ තත්ත්වය ඖෂධ පෙති වර්ගද භාවිතයෙන් පාලනය වන අතර ඇතැම් රෝගීන්ට ඉන්සියුලින් භාවිතා කරන අවස්ථා පවතී.🙂

 

📍DKA ඇතිවන ආකාරය🤔

 

සංකීර්ණ පරිවෘත්තීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසට ඇතිවන මේ තත්ත්වය සම්පූර්ණ වශයෙන් හෝ සාපේක්ෂ වශයෙන් ශරීරයෙන් ඉන්සියුලින් හෝර්මෝන හිඟතාවය නිසා හටගනී.😐අප ශරීරයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත අගයට පවත්වා ගැනීම සිදුකරන්නේ හෝර්මෝන මඟින් ය.🙂 ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට ඉන්සියුලින් හෝර්මෝනය ප්‍රධාන වශයෙන්ද ග්ලූකෝස් මට්ටම වැඩි කිරීමට ග්ලූකගන්, කෝර්ටිසෝල් ආදී හෝර්මෝන බලපායි.🤔

 

රුධිරයේ ඉන්සියුලින් අඩු විටදී ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන හෝර්මෝන වල බලපෑම වැඩි වීම සිදුවේ.😐

 

මේ මඟින් අක්මාවේදී සිදුවන ක්‍රියාවලියන් ඔස්සේ මේදය බිඳහෙලීම නිසා නිදහස් මේද අම්ල එකතුවීම මඟින් Keton bodies නම් සංඝටක රුධිරයේ අධික වීම නිසා DKA නම් තත්ත්වය උදා වෙයි.😦

 

📍DKA ඇතිවීමට හේතු?🤔

 

Type | දියවැඩියාව සහිත රෝගීන් 25% පමණ මුල්ම අවස්තාවේදී රෝගය හඳුනාගැනීමට හේතු වන්නේ මේ තත්ත්වයයි.🙂

ප්‍රධානතම හේතුව-:

*ඉන්සියුලින් ඖෂධ භාවිතයේ දුර්වලතාවයන්

 

1. ඖෂධ ලබා ගැනීම මඟ හැරීම.😑

2. ඖෂධ නිවැරදි මාත්‍රාව භාවිත නොකිරීම.😟

3. නිවැරදි ආකාරයට ඖෂධ ලබා නොගැනීම.😐

 

මීට අමතරව,

• බැක්ටීරියා ආසාදන තත්ත්ව😧

• හෘදයාබාධ , නිව්මෝනියා වැනි රෝග ඇතිවීම😨

• ඇතැම් ඖෂධ භාවිතය (corticosteroids)

 

📍රෝග ලක්ෂණ 🤔

 

•අධික පිපාසය 🥵

• අධිකව මූත්‍රා පිටවීම😵

• ශාරීරික අප්‍රාණිකත්වය🥴

• උදරයේ විහිදී දැනෙනා අධික වේදනාව😫

•ඔක්කාරය 🤢සහ වමනය🤮

• ආහාර අරුචිය🤢

• හිසේ කැක්කුම හා මාංශ පේශී වේදනාව😰

•සිහි මඳ ස්වභාවය🥴

•හුස්ම ගැනීම අක්‍රමවත්වීම සහ අපහසු වීම.😥

• තොල කට සම වියළී යාම😖

•ප්‍රාශ්වාස වාතයේ ගන්ධයක් අඩංගු වීම😟

 

📍රෝගීන් දැනගත යුතු විශේෂ කරුණු🤔

 

ඔබ දියවැඩියා රෝගියෙක් නම් හෝ ඔබේ සමීපතමයෙකු දියවැඩියා රෝගියෙක් නම් මේ පිළිබඳව දැනුවත් වෙන්න.🙁

මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් රෝහල් ගත වීම අනිවාරයෙන්ම කළ යුතු දෙයකි.🙂

 

📍DKA වළක්වා ගැනීම🤔

 

රෝගය ඇතිවීමට ප්‍රධානතම හේතුව ඖෂධ භාවිතයේ වැරදි සිදු කිරීමයි.😑 නියමිත මාත්‍රාව නොවරදවා නිවැරදි ආකාරයෙන් ඖෂධ ලබාගන්න.🙂 විශේෂයෙන් මේ අවුරුදු සමයේදී බොහෝ දුරට ආහාරපාන වලින් ශරීරයේ සීනි ප්‍රමාණය වැඩිවීමේ නැඹුරුවක් පවතින බැවින් නියම කල ආකාරයෙන් නොකඩවා ඖෂධ භාවිතා කිරීම කිසිසේත්ම අතපසු නොකරන්න🙂ඔබ ඉන්සියුලින් විදගන්නා අයෙක් නම් ග්ලූකෝමීටරය මඟින් රුධිර සීනි මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කරගැනීමට හැකි නම් ඉතා අගනේය.😊

 

ආහාර ගැනීමට පෙර සීනි තත්ත්වය 80mg/ dl - 130mg/ dl

ආහාර ගැනීමෙන් පැය 2කට පසු 180mg / dl අඩු

 

විශේෂයෙන් ඔබ වෙනත් අසනීපයකින් ( උණ🤒, සෙම්ප්‍රතිශ්‍යාව🤧, කැස්ස😷) පෙළෙන අවස්තාවේදී ඒ සඳහා ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර සඳහා යොමුවන්න.🙂

එවැනි අවස්තාවකදී විජලනයෙන් වැළකීමට හොඳින් ජලය පානය කරන්න.🚰

එවැනි තත්ත්ව වලදී රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ත අගයක පවත්වා ගැනීමට උත්සුක වන්න.😊

ආහාරපාන භාවිතයේදී ග්ලයිසිමික් අගය අඩු, තන්තු බහුල ආහාර සෑම විටම ආහාරයට එකතුකරගන්න.☺️

 

සටහන📝-:

Dr. Harsha Miniwandeniya

Medical Officer

Base Hospital Dambulle

blog_image
blog_image