blogImage

ඇපෙන්ඩිසයිටීස්

📌උදරයේ වේදනාවට හේතු වන appendicitis ( ඇපෙන්ඩිසයිටීස්) ගැන ඔබ දන්නවාද? 🤔

 

Appendicitis (ඇපෙන්ඩිසයිටීස්) කියන රෝගය ඔබ අහලා නැතුවාට සැක නැහැ.😐 ශල්‍ය වාට්ටු වල තරමක් සුලභ මේ රෝගය සදහා සිදු කරන ශල්‍යකර්මය අප රටේ බහුලව සිදුකරන ශල්‍යකර්ම අතරින් එකක්.😶

 

📍මොකක්ද Appendicitis කියන්නේ?🤔

 

සිංහලෙන් මේ රෝගය උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය කියලා හඳුන්වන්න පුළුවන්.🌝

උණ්ඩුක පුච්ඡය කියන්නේ අපේ මහා අන්ත්‍රය ආරම්භ වන ස්ථානයේ පණුවකුගේ ස්වරූපය සහිත 8-10 cm දිග අවයවයකි.😱 ඉතින් මේ තියන උණ්ඩුක පුච්ඡය ලෙඩ උනාම තමයි මේ රෝගය ඇති වන්නේ.😑

 

📍කොහොමද Appendicitis හැදෙන්නේ?🤔

 

උණ්ඩුක පුච්ඡය කියන්නේ පුංචි බටයක් වගේ අවයවයක්.😯 මෙහි කුහරය විවිධ හේතු නිසා අවහිර වෙන්න පුළුවන්.😐

ඒවා තමයි,

 

01.ආසාදන නිසා වසා ගැටිති ඉදිමීමක්

02.මළ ද්‍රව්‍ය වලින් සෑදුනු fecolith නම් දෙය නිසා

03.පණු ආසාදනය ඇති අවස්ථාවකදී පණුවකුගෙන්

04.ශරීරයට ඇතුලු වූ බාහිර ද්‍රව්‍යයකින්

05.කලාතුරකින් පිළිකාවක් වැනි තත්ත්වයකින්

 

මේ විදියට අවහිර වන විවරය නිසා උණ්ඩුක පුච්ඡයේශ්‍ රාවයන් එකතු වී ඒ තුල පීඩනය වැඩි වෙනවා.😦 ඒ එක්කම බැක්ටීරියා ගුණනය හා වර්ධනය වීම අධික වීම නිසා රෝගය උත්සන්න වෙනවා.😨

 

📍රෝග ලක්ෂණ 🤔

 

රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්

රෝගියාගේ වයස

උණ්ඩුක පුච්චියේ පිහිටීම

රෝගී තත්ත්වයේ ස්වභාවය මත වෙනස් වෙනවා.😶

 

02. උදරයේ වේදනාව😣

 

මුලින්ම පෙකණිය අවට වරින් වර ඇතිවන වේදනාව යම් කාලයකට පසුව උදරයේ දකුණු පස පහළ කොටසේ එක දිගට දැනෙන්නට පටන් ගන්නවා.😰 බොහෝ අවස්තාවලදී මේ ආකාරයෙන් වේදනාව දැනීම සිදු වුනත් උණ්ඩුක පුච්ඡයේ පිහිටීම අනුව උදරයේ වේදනාව දැනෙන ස්ථානයේ වෙනසක් ඇතිවෙන්න පුළුවන්.😥

 

මීට අමතරව,

 

කෑම අරුචිය🤢

ඔක්කාර ගතිය😵

වමනය🤮

බඩඑළිය යාම හෝ බඩවියළීම🥴

දක්නට ලැබෙනවා.

 

වෛද්‍යවරයෙකු විසින් සිදු කරන සායනික පරීක්ෂණයකදී මේ රෝගයට ආවේණික ලක්ෂණ ‍රෝගියා තුළින් නිරීක්ෂණය කර ගැනීමට හැකි වීමෙන් රෝගය හදුනාගැනීමට පහසු කරනවා.🙂

 

වෛද්‍යවරයෙකු රෝගය නිර්ණයකට එලඹීමෙන් පසු මූලික පරීක්ෂණ අවශ්‍යතාවය මත සිදු කරනවා.🙂-

 

රුධිර පරීක්ෂණය Full blood count

C-Reactive protein

-මුත්‍රා පරීක්ෂණය Urine full report

Urine HCG

 

ස්කෑන් පරීක්ෂණය USS abdomen

 

මේ පරීක්ෂණය සිදුකරන්නේ ඒ ඒ රෝගියාට අදාල වන ආකාරයට හා අවශ්‍යතාවය මත පමණයි.🙂

 

📍රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝග🤔

 

මේ රෝග ලක්ෂණ මීට සමාන වෙනත් රෝග පවතිනවා.

 

01. Ectopic pregnancy (ගර්භාශයෙන් පිටත සිදුවන දරු පිළිසිඳගැනීම්)

 

කාන්තාවන්ට ගර්භාශයෙන් පිටත,එනම් දකුණු පස පැලෝපීය නාල හෝ ඩිම්බකෝශ අවට දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදුවී ඇත්නම් හෝ එය යම් සංකූලතාවයකට පත්ව ඇතිවිට මේ හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.😐

ඔබ දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන කාන්තාවක් නම් උදරයේ තද වේදනාවක් සමග වමනය🤮, ක්ලාන්තය වගේ ලක්ෂණ ඇත්නම් රෝහල් ගත වීම ඉතාම සුදුසුයි.

 

📍ඩිම්බකෝශ ආශ්‍රිත රෝග🤔

 

කාන්තාවන්ගේ දකුණු පස ඩිම්බකෝශ ආශ්‍රිත මේ යම් රෝගී තත්ත්ව Appendicitis රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වනවා.😐

 

📍 Appendicitis රෝගය නිසා ඇතිවන සංකූලතා🤔

 

මුල් අවධියේදී රෝගයට අදාල ප්‍රතිකාර නොකර සිටීමෙන් බැක්ටීරියා ගුණනය වීම වැඩිවී උණ්ඩුක පුච්ඡය තුල සැරව එකතු වීම සිදුවෙනවා.😨

දිගින් දිගටම මේ අන්දමින් උණ්ඩුක පුච්ඡයේ පීඩනය වැඩිවීම නිසා එහි බිත්ති වලට රුධිර සැපයුම අඩාල වීමෙන් එහි සෛල මියයෑම හරහා උණ්ඩුක පුච්චිය සිදුරු වීම සිදුවිය හැකිය.😱

නමුත් බොහෝවිට මේ කාල සීමාව අතරතුරදී ඉතා තදබල අයුරින් රෝග ලක්ෂණ මතුවීම හා උත්සන්න වීම නිසා බොහෝ අවස්තාවලදී රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීමට පෙළඹෙනවා.🙂

 

අවාසනාවකට ඇතැම් රෝගීන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම නිසා තාවකාලිකව රෝග ලක්ෂන යටපත් වුවත් රෝගකාරකය පැවතීම නිසා තත්වය උග්‍ර වීමෙන් උණ්ඩුක පුච්ඡය සිදුරු වී සැරව උදර කුහරයට එකතු වීම සිදුවිය හැකියි.

 

📍 Appendicitis සදහා ප්‍රතිකාර 🤔

 

ප්‍රතිකාර ක්‍රමය රෝගියාගේ වයස, රෝගියාගේ සායනික තත්ත්වය, රෝගයේ ස්වභාවය යනාදී කරුණු මත තීරණය වෙනවා.🙂 මෙහි ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්මයක් මගින් ආසාදනය වූ උණ්ඩුක පුච්චිය ඉවත් කිරීමයි.😶

 

📍ශල්‍යකර්මයට සූදානම් වීම🤔

 

මෙහිදී ඝන ආහාර සදහා අවම පැය 6 නිරාහාරව සිටීමට අවශ්‍ය වෙනවා.😦 මේ නිසා ඔබට ආහාර අරුචිය🤢, වමනය🤮සමග උදරයේ දකුණු පස පහල තද වේදනාවක් පවතී නම්ඝන ආහාර සදහා නිරාහාරව සිට රෝහලට ඇතුලු වීමෙන් ශල්‍යකර්මයට සූදානම් වීම පහසු කරනවා.🙂

 

📍ශල්‍යකර්මය සිදුකරන ආකාරය🤔

 

මෙය ආකාර දෙකකට සිදුකරනු ලබනවා.

 

01.විවෘත ශල්‍යකර්මය ( open appendicectomy)

02. ලැපරොස්කොපි ශල්‍යකර්මය ( laparoscopy appendicectomy)

 

රෝගියාග තත්ත්වය, වයස රෝහලේ පවතින පහසුකම් අනුව මේ ආකාර දෙකෙන් සිදුකෙරෙන ක්‍රමය තීරණය කෙරේ.😊

 

📍ශල්‍යකර්මයෙන් පසුව ඔබ පිළිපැදිය යුතු උපදෙස්🤔

 

මෙය සාපේක්ෂව සංකූලතා අඩු ශල්‍යකර්මයක් වන අතර ශල්‍යකර්මයෙන් පසු බොහෝ විට පැය 24 කට ආසන්න කාලයක් නිරාහාරව සිටීමට සිදුවනු ඇත.😶

දියර, දියරමය ආහාර ,අර්ධ ඝන හා ඝන ආහාර ලෙසට ක්‍රමයෙන් ආහාර ලබා ගැනීමට කාර්ය මණ්ඩලයේන් උපදෙස් ලැබෙනු ඇත.🙂

දින 7-10 අතර කාලයේදී මැහුම් ඉවත් කිරීම සිදුකරන අතර ඉන්පසු සාමාන්‍ය ක්‍රියාකාරකම් වල නිරත වීමට හැකිය.😊

 

Dr. Amasi muthukumarana.

SHO- sugical unit

Base hospital Thissamaharamay

blog_image
blog_image