අස්ථි කොටස්වලින් මරණයේ අභිරහස විසඳන්නේ කොහොමද?
📌අස්ථි කොටස්වලින් මරණයේ අභිරහස විසඳන්නේ කොහොමද?
මෑතක දී ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් මරණයක් සම්බන්ධව මේ දිනවල නැවත වතාවක් කතාබහක් ඇතිවී තිබේ. ඒ මරණය සිදු වූ පුද්ගල සිරුර නැවත ගොඩ අරගෙන පරීක්ෂණ පැවැත්වීම නිසාවෙන් ය. ඒ පුවත සමගින් මගෙන් කිහිප දෙනෙක් අසන ලද ප්‍රශ්න කිහිපයක් පවතී.
"දැන් ඉතිං ඔය බොඩි එකෙන් මොනාහරි evidence හොයාගන්ගන්න පුලුවන්ද ?"
"කොහොමද සාක්ෂි ඔප්පු කරන්නේ ?"
අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලෙස රාජකාරි කරන මා හට මේ විෂය හා බැඳුණු කුතුහලය පිරි අපූරු කරුණු ස්වල්පයක් මගින් සමාජ දැනුවත් වීම උදෙසා මෙසේ ඉදිරිපත් කරමි .
📌අපි මැරුණට පස්සේ සිරුරට මොකද වෙන්නෙ.?
අපගේ ශරීරය මරණයෙන් පසු දිරාපත්වීම එහෙමත් නැත්නම් decomposition ක්‍රියාවලිය වියෝජනය ලෙස හඳුන්වයි. මෙය මූලික අදියර 5කට සිදු වන අතර සිරුර වියෝජනය වීමේ වේගය පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය තත්ත්වය ,සිරුර ගබඩාකර ඇති ස්ථානය (ජලය තුළ ,පස තුළ )බාහිර පරිසරයේ උෂ්ණත්වය ආදී කරුණු මත තීරණය වේ.
📌Autolysis
මරණය සිදු වූ වහාම මේ ක්‍රියාවලිය ආරම්භ වේ. හෘද ස්පන්දනය හා ශ්වසනය නතර වූ වහාම කාබන් ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් යන වායු සිරුරේ එකතු වීමෙන් ආම්ලික තත්වයක් නිර්මාණය වේ.මේ මගින් ශරීර පටක විනාශ වී එන්සයිම මුදාහැරීම නිසා සෛල විනාශ වී වියෝජන ක්‍රියාවලිය ආරම්භ වේ. පළමු දින තුනේ දී මේ අදියර සිදුවේ.
📌Bloat/Early decay
සිරුර තුළ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අධික වීමෙන් නිපදවෙන වායු වර්ග නිසා සිරුර පිම්බීමක් සිදුවේ.සමහර අවස්ථාවලදී ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා මෙය විශාල වේ. වායු වල අඩංගු සල්ෆර් නිසා සමේ වර්ණය වෙනස් වන අතර පැසීමේ ක්‍රියාවලිය මඟින් අධික දුගදක් වහනය වේ.
📌Active decay
ශරීර පටක, මාංශ පේශි, අවයව සම දිය වී යාම ආරම්භ වෙයි. මෙසේ දියවී යන අවයව සිරුරේ සිදුරු තුළින් වැගිරීමට පටන් ගනී.මේ අවස්ථාවේදී මැස්සන්, පණුවන් ශරීරයේ දක්නට ලැබේ.
📌Advanced Decay
මෙහිදී ශරීරයේ කෙස්,කාටිලේජ, අස්ථි වැනි දෘඪ පටක පමණක් දක්නට ලැබෙන අතර ඒවා ද සෙමෙන් වියෝජනය වේ.
📌Skeletonization
මෙය වියෝජනයේ අවසන් අදියර වන අතර වන අතර මෙහිදී අස්ථි පමණක් දක්නට ලැබේ.
මේ අයුරින් සලකා බලන විට දී බොහෝ අවස්ථාවලදී අවස්ථාවල දී අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ අපට හමුවන්නේ අස්ථි කොටස් පමණයි.
📍 අස්ථි කොටස් වලින් ලබාගත හැකි සාක්ෂි මොනවාද?🤔
📍මිනිසෙකුගේ දැයි තහවුරු කරගැනීම.
බොහෝ විට අස්ථි කොටසක් පමණක් හමු වූ විට එය සත්වයෙකුගේ ද මිනිසෙකුගේ ද යන්න පළමුවෙන් තහවුරු කරගත යුතුය. මිනිස් සිරුරේ අස්ථි වලට ආවේනික ලක්ෂණ මෙය පහසු කරයි. විශේෂයෙන්ම අස්ථි කුහරයට සාපේක්ෂව අස්ථියේ ඝනත්වය මත මිනිස් අස්ථියක් මුවන්ගේ,හරක් වැනි සතුන්ගෙන් වෙන් කිරීම පහසු කරයි
📍ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කර ගැනීම
හිස්කබල හා ශ්‍රේණිය ( උකුල හා සම්බන්ධ අස්ථි) ස්ත්‍රී පුරුෂ පුරුෂ භාවය හඳුනා ගැනීමට වඩා උපකාරී වේ. ස්ත්‍රීන්ගේ උකුල් අස්ථිය පළළින් වැඩිය.පිරිමින්ගේ එය පළළින් අඩුය. මීට අමතරව කරුණු රාශියක් අධ්‍යනයකින් මෙසේ වෙන් කර ගැනීම සිදු කරයි.
📍 මිය ගිය පුද්ගලයාගේ වයස සොයාගැනීම.
පුද්ගලයා කුමන වයස් කාණ්ඩයක අයත් ව සිටියේ ද යන්න තහවුරු කර ගැනීම සිදු කරයි. මේ සඳහා දරුවන්ගේ නම් දිගු අස්ථිවල දිග ප්‍රමාණය, දත් මතු වීමේ අවධිය, අස්ථි වර්ධනයේදී සිදුවන වෙනස්කම්වල අවධිය භාවිතා කරයි.
වැඩිහිටි පුද්ගලයන්ගේ ශ්‍රෝණි මේඛලාව, හිස් කබලේ අස්ථි වල ස්වභාවය, උරතලය හා පර්ශු වල සම්බන්ධය සලකා බැලේ.
📍මියගිය පුද්ගලයාට සිදු වූ අනතුර සොයා ගැනීම🤔
මෙය ඉතා වැදගත් වන අතර මිය මියයෑමට හේතුව සොයා ගැනීමටද මින් විශාල පිටිවහලක් ලැබේ. මෙහිදී,
👉 අනතුරක් හෝ පහර පහරදීමක් සිදුවී ඇති ද.
👉මරණයට පෙර හෝ පසු සිදු වූ අනතුරු මොනවාද.
👉මරණයට හේතු වූ අනතුරු මොනවාද
සාධක සහිතව ඔප්පු කිරීමට උත්සහ ගනී.
📍මරණයට පෙර සිදු වූ අනතුරු හඳුනාගැනීම🤔
මරණයට පෙර සිදු වූ අනතුරු, පහරදීම් අස්ථිවල සිදුවන කාලයේදී එම ස්ථානයේ අස්ථි සෛල ( osteoblast , osteoclast, otoceyte) දක්නට ලැබේ.
එයට හේතු වන්නේ අස්ථි බිඳී යාමක් සිදු වූ විට වහාම එය ජීවි පුද්ගලයෙකුගේ සුවවීම ආරම්භ වන අතර ඒ සඳහා අස්ථි සෛල, රුධිර සෛල, කාටිලේජ පටක සෛල, සම්බන්ධක පටක සෛල ඒ වටා එක්රොක් වේ.😐 මේ වෙනස්කම් අන්වීක්ෂ මඟින්, විකිරණ පරීක්ෂණ මගින් ඇතැම් විට බාහිරින් ද නිරීක්ෂණය කළ හැකි අතර ඒවා වැඩිදුර අධ්‍යනය කිරීමෙන් ඒවා සිදු වූ කාලය පිළිබඳව තක්සේරු කරනු ලබයි.🤔
📍මරණය සිදුවන අවස්ථාවේ තුවාල හඳුනාගැනීම🤔
මෙහිදී ඉහත සඳහන් කළ සුව වීමේ ලක්ෂණ දක්නට ලැබෙන්නේ නොමැත.😐 පුද්ගලයා ඒ අවස්ථාවේ දී මිය යාම ඊට හේතුවයි.
කැපුම් තුවාල මගින් මරණයට පත්වූ විට ඊට අදාළ වන පරිදි V හැඩයේ තුවාල අස්ථිය මත ඇති වන්නේ ආයුධයේ කැපුම් දාරයෙන් කළ කල පහර දීම් වලදීය.🗡️
U හැඩයේ හෝ කොටු හැඩයේ තුවාල ආයුධයේ මොට පැත්තෙන් සිදු කල පහර දීම් වලදී දක්නට ඇත.
සමහර අවස්ථාවලදී ආයුධය මගින් අස්ථිය මත ඉතා සියුම් දාර හෝ සලකුණු සටහන් කරන අතර ඒවා එසේ සටහන් වන්නේ පහරදීම සිදුකළ ආයුධයකට විශේෂිත වන ආකාරයටයි.🗡️ එවැනි අවස්ථාවකදී එම ආයුධය හා එම තුවාල එකිනෙකට සංසන්දනය කොට පහර දීම සිදුකල ආයුධය හඳුනා ගැනීම පහසු කරයි.
පොලු මුගුරු වැනි දෙයකින් සිදුකරන පහරදීම් වල දී වල දී අස්ථිවල ශක්තිමත් බව අඩුම තැනින් අස්ථි බිඳී යාම සිදුවේ.😐
උණ්ඩ වලින් සිදු වූ අනතුරු වලදී උණ්ඩය ඇතුළු වූ ස්ථානය හා පිටවූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් උණ්ඩය පැමිණි දිශාව , වෙඩි තැබීම සිදුකළ දුර ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.🙂
ගෙල සිරකර මරා දැමුණු අවස්ථාවකදී බෙල්ලෙ hyoid නම් අස්ථිය බිඳී යන අතර ම තයිරොයිඩ් කාටිලේජයට ද හානි සිදු වේ.😐
📍මරණයට පසු සිදුවන අනතුරු හඳුනාගැනීම🤔
සාමාන්‍ය පරිසරයේ දී සිරුරක් අතහැර දමා ගිය විටදී සතුන්ගෙන් එයට හානි සිදුවේ. ස්වභාවික අනතුරු නිසා ( ගංගාවක පහළට ගසා යාමේදී) මරණයෙන් පසු අස්ථි වලට හානි සිදු වේ. ඇතැම් අවස්ථාවලදී අස්ථි ගොඩ ගැනීමේදී, අහම්බයෙන් අස්ථි හමුවන විට දී උදලු වැනි උපකරණ නිසා අස්ථිවලට සිදුවන හානි මරණයෙන් පසු සිදුවූ ඒවා බව හඳුනා ගැනීම ඉතා වැදගත්ය.😐
අධිකරණ වෛද්‍ය විද්‍යාවට අදාළ ඉහත අපූර්ව ආකර්ෂණීය විෂයානුබද්ධ කරුණු ඇති අතර ඒ පිළිබඳව දැනුවත් වීම වටිනා බව මට හැඟී යයි.🙂
ඉදිරි ලිපියකින් අභිරහස් විසඳූ ආකාරය පිළිබඳව විස්තර රැගෙන එන්නෙමි.
✍ Dr.Dimuthu Thathsara
Judicial Medical Officer,
BH Thambuththegam