blogImage

ගෝනුස්සෙක් දෂ්ඨ කලොත් ඔබ කල යුත්තේ කුමක්ද?

📌ගෝනුස්සෙක් දෂ්ඨ කලොත් ඔබ කල යුත්තේ කුමක්ද?🤔

 

සාමාන්‍යයෙන් ලෝකයේ ගෝනුසු දෂ්ඨන වසරකදී මිලියනයකට වඩා අධික ප්‍රමාණයක් සිදු වෙනවා.🦂 ඒ අතරින් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් වසරක් තුළදී මරණයට පත් වෙනවා😳

ලතින් ඇමරිකානු රටවල් වල මේ අගය සර්ප දෂ්ඨන වලින් මිය යන පුද්ගලයන් ප්‍රමාණය මෙන් දස ගුණයන්ට ආසන්න වෙනවා🙁

 

📍 ශ්‍රී ලංකාවේ ගෝනුසු දෂ්ඨන කොපමන සිදුවෙනවාද?

 

ශ්‍රී ලංකාවේ අපට හමුවන්නේ Black scorpion නමින් හඳුන්වන ගෝනුසු විශේෂයයි.🦂

නිශ්චිතවම දත්ත වාර්තා අපට හමු නොවුනත් 2013-2014 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් 44 ආශ්‍රිතව සිදු කල පරීක්ෂණයකදී ගෝනුසු දෂ්ඨ කිරීම් නිසා රෝහල් ගත වීම් 40ක් වාර්තා වී තිබේ.😐

 

📍ගෝනුස්සෙක් දෂ්ඨ කලොත් මොකද වෙන්නේ?🤔

 

සාමාන්‍යයෙන් ගෝනුස්සන් ආක්‍රමණශීලී සත්ත්ව කොටසක් නොවේ. බොහෝ දෂ්ඨ කිරීම් සිදුවන්නේ ඔවුන් සැඟවී සිටින විටදී අප විසින් නොදැනුවත්කමින් ඔවුන්ව ස්පර්ශ කිරීමෙන්‍ ය🦂

ගෝනුස්සන්ගේ වල්ගයේ කෙලවර ඔවුන්ගේ දළ පිහිටා තිබෙනවා😐 එහි විෂ ග්‍රන්ථ දෙකක් පිහිටා තිබෙනවා

දෂ්ඨනය්කදී ගොදුරට ඇතුල් කරන විෂ ප්‍රමාණය පාලනය කිරීමට ගෝනුස්සාට හැකියාව තිබෙනවා🙁 සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය මිලිග්‍රෑම් 0.1-0.6 වෙනවා.

ගෝනුස්සන්ගේ විෂ රසායනික සංයෝග රාශියකින් සමන්විත වෙන අතරම ඒවා ජලයේ දියවෙන සංඝටක වෙනවා.

විෂ වල අඩංගු සංඝටක වල පහත ශරීර කොටස්වලට බලපෑම් එල්ල කරනවා.

• සම ආශ්‍රිත පටක

• ස්නායු පද්ධතිය

• හෘදය

• වකුගඩු

• රුධිර පටකය

 

නමුත් මේ අතරින් බහුලවම බලපෑමකට ලක්වන්නේ,

දෂ්ඨනය සිදුවූ අවට ස්ථානය

ස්නායු හා මාංශපේශී පටක වලටයි

 

📍ගෝනුසු දෂ්ඨනයකදී මතුවන ලක්ෂණ මොනවාද?🤔

 

රෝග ලක්ෂණ මතුවීම ගෝනුසු විශේෂය, දෂ්ඨ කල ස්ථානය, පුද්ගලයාගේ වයස හා සෞඛ්‍ය තත්ත්වය මත වෙනස් වෙනවා🫤 කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයින්ට රෝග ලක්ෂණ මතුවීමේ වැඩි අවධානමක් තියෙනවා😐

සාමාන්‍යයෙන් දෂ්ඨ කිරීමෙන් මිනිත්තු 5 සිට පැය 4 අතර කාලයේදී ලක්ෂණ මතුවීම සිදු වෙනවා😐 එම ලක්ෂණ පැය 10-48 අතර කාලයක් පවතිනවා.

ප්‍රධානතම ලක්ෂණ දෂ්ඨනය සිදු කල ස්ථානය අවට මතුවෙනවා😐 දෂ්ඨ සිදුවූ ස්ථානයේ,

* තියුණු අධික වේදනාවක් දැනීම

* ඒ අවට කැසීම හා ඉදිමීම

* රතුවීම

* හිරි වැටීම

දක්නට ලැබෙනවා😐

මීට අමතරව,

 

* ඔක්කාරය🤢

* වමනය 🤮

යනාදී ලක්ෂණද මතුවීම සිදු වෙනවා🙁

 

විෂ ශරීරගත වීම නිසා,

 

• ආසාත්මිකතාවය ( Allergy)

• රුධිර පීඩනය වැඩි වීම හෝ අඩුවීම

• ශ්වසන අපහසුතාවය

• ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකුලතා මතුවීම.

ඇතිවෙන්න පුළුවන්.😐

 

❌එමඟින් පහත ලක්ෂණ මතුවීම නිසා එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් ‍රෝහල් ගත වන්න🏨

 

• අධිකව දහඩිය දැමීම 🥵

• අධිකව සෙම හා කෙල වැගිරීම 😪

• ක්ලාන්තය හෝ සිහි නැතිවීම 😵‍💫

• මාංශපේශී තදවීම හෝ වලිප්පුව ඇතිවීම😵

 

📍 ගෝනුස්සෙකු දෂ්ඨනය්කදී ඔබ කල යුතු දේ? 🤔

 

 

එම පුද්ගලයා සංසුන් කරමින් ආරක්ෂා සහිත ස්ථානයකට රැගෙන යන්න😐

දෂ්ඨ කල ස්ථානයට ඉහළින් ශරීරයට තද වන ඇදුම් ආයිත්තම් හැකි නම් ලිහිල් කරන්න🙂

දෂ්ඨනය සිදුකල ස්ථානය පපුවට පහලින් සිටින සේ නොසෙල්වා තබා ගන්න.

එම ස්ථානය විනාඩි 10- 15 පමණ සබන් යොදා ගලා යන ජලයෙන් හොදින් සෝදා ගන්න.🧼

පිරිසිදු වෙළුම් පටියකින් තුවාලය වසන්න.

අයිස් කැබලි ස්වල්පයක් රෙදි කඩකින් ඔතා තුවාලය සහිත ස්ථානයට තබන්න.🙂

අයිස් පමණක් කෙලින්ම සම මත ස්පර්ශ කිරීමෙන් වළකින්න.

තුවාලය පැලීමෙන් හෝ විෂ උරා ඉවත්කිරීමට උත්සාහ නොකරන්න. රෝගියා වහාම රෝහලට රැගෙන යන්න😐

 

📍 ගෝනුසු දෂ්ඨන වළක්වා ගන්නේ කෙසේද? 🤔

 

රාත්‍රී කාලයේදී ගමන් යන විට ආලෝකයක් භාවිතා කරන්න🔦ගෝනුස්සන් රැඳී සිටින අඳුරු ස්ථාන, ගල් කැබලි යට දෑත් යොමු කිරීමේදී සැලකිලිමත් වන්න. වැසිබර අඳුරු කාලගුණ තත්ත්ව යටතේ සපත්තු පැළඳීමට පෙර ඇතුලත හොඳින් පරීක්ෂා කරන්න🙂

 

✍️ Dr. Shaluka Manchanayake.

Medical officer

Intensive care unit

Teaching Hospital - Kuliyapitiya.

Shaluka Manchanayake

blog_image
blog_image