blogImage

පාචනය

දිවයිනටම බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය සමඟ මේ දිනවල බොහෝ ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයන් ඇති වී තිබේ.🌧 ගංවතුර සමඟින් සෞඛ්‍යය ගැටලු විශාල ප්‍රමාණයක් මතුවන අතර ඒ අතරින් ප්‍රධාන වන්නේ,

• ඩෙංගු උණ 🦟

• මී උණ 🐀

• පාචනය 🤢

මේ අතරින්ද ගංවතුර සමඟින් ඉක්මනින් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින රෝගී තත්ත්වයක් වනුයේ පාචනයයි.🤢

 

📍පාචනය යනු කුමක්ද? 🤔

 

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා වෛරස් හෝ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් නිසා ජීර්ණ ක්‍රියාවලිය නිසි ආකාරයව සිදු නොවීම නිසා හටගන්නා රෝගයකි. 😐

 

📍ගංවතුර සමඟ පාචනය අවදානම වැඩිවන්නේ කෙසේද? 🤔

 

ගංවතුර සමඟ සමඟ අපවහන පද්ධතිය පිටාර ගැලීම නිසා මළ අපද්‍රව්‍ය ජල ප්‍රභව වලට ඇතුළු වීම සිදු වේ.💩 මෙය බොහෝ විට යම් ප්‍රදේශයක් මුලික කරගෙන ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමේ නැඹුරුවක් පවතින්නේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් එකම ජල ප්‍රභවයක් භාවිතා කරන නිසාවෙන්‍ ය.😐

 

📍රෝග ලක්ෂණ 🤔

 

විසබීජ ශරීරගත වී පැය 24-48 අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවීම ආරම්භ වේ.😯

 

01. බඩඑළිය යාම😵

එකවරම වේදනාවක් නොමැතිව දියරමය ස්වභාවයෙන් මළපහ පිටවීම හෙවත් බඩඑළිය යාම ප්‍රධානතම රෝග ලක්ෂණය වේ.😥

 

02. වමනය🤮

බොහෝ රෝගීන් හට රෝගයේ මුල් අවස්තාවේදී වමනය දක්නට ලැබෙන අතර ඇතැම් අවස්තා වලදී වමනය නොමැතිව රෝගය පවතී.

 

03. උදරයේ වේදනාව😖

විටින් විට දැනෙන උදරයේ වේදනාව ප්‍රධාන වශයෙන් පෙකණිය අවට ප්‍රදේශයේ මතුවන අතර සමහර පුද්ගලයින්ට උදරයේ වේදනාවක් නොමැත.

 

04. විජලනය🤕

පාචනයේ ප්‍රධානතම සංකූලතාවය වන්නේ විජලනයයී. දිගින් දිගටම බඩඑළිය යාම හා වමනය මඟින් ශරීරයේ තරල ඉවත් වීම නිසා ශරීර විජලනයට ලක්වී ඇතැම් විට බඩඑළිය යාම ආරම්භ වී පැය කිහිපයක් ගත වෙද්දී පුද්ගලයා විජලනයට පත්වන අවස්තා පවතී.

මීට අමතරව,

•තෙහෙට්ටුව

• විඩාබර ගතිය

•තොල කට වියළී යාම

•අධික පිපාසය

 

📍නිවසේදී ඔබ සිදුකල යුතු ප්‍රතිකාර 🤔

 

විජලනය වළක්වා ගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා දියර වර්ග වැඩිපුර පානය කල යුතුයි.💧

එහිදී ජලය පමණක් පානය යෝග්‍ය නොවේ.😐 ජීවනී පානය ඉතා සුදුසුය. ඒ මඟින් විජලනය මගහරින අතර බඩඑළිය යාම හා වමනයද අවම කරනු ලබයි. මීට අමතරව පිරිසිදුව සාදාගත් කැඳ වර්ග, සුප් වර්ග🍲 පානය සුදුසුය. තැඹිලි පානය කිරීමද වඩා උචිත වේ.

 

📍 වෛද්‍ය උපදෙස් වලට යොමු වීමට සිදුවන අවස්තා🤔

 

වැඩිහිටියන් මෙන් නොව කුඩා දරුවන් ඉක්මනින් විජලනයට පත් වන අතර කුඩා දරුවන් පහත අවස්ථා වලදී වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීම වඩා සුදුසුය.👇

• දියර වර්ග පානය කිරීමට අපහසු වීම

• නොනවත්වා වමනය යාම

• දරුවන්ගේ ක්‍රියාශීලි බව අඩුවීම හා මලානික වීම

• මූත්‍රා පිටවන වාර ගනණ අඩු වීම හා මූත්‍රා වර්ණය තදවර්ණයක් ගැනීම.

• දරුවා නිතරම හැඬීම

•මළ සමඟ ලේ හෝ සෙවල පිටවීම.

 

📍පාචනය බෝ වීම වළක්වා ගන්නේ කෙසේද? 🤔

 

නිවැරදි සනීපාරක්ෂක සෞඛ්‍යය පුරුදු පවත්වාගෙන යාම ඉතා වැදගත්‍ ය.🙂 සෑම විටම උතුරා නිවාගත් ජලය පානය කරන්න.🚰ගංවතුර පවතින ප්‍රදේශ වල නම් පිරිසිදු බෝතල් කල පානීය ජලය භාවිතා කරන්න. පළතුරු, පළාවර්ග වැනි නොපිසූ ආහාර කෑමට ගැනීමට පෙර හොඳින් සෝදන්න.🥬🍊🍋🍍. ආහාර පිළියෙල කිරීමට පෙර දෑත් සබන් යොදා සෝදන්න.🧼 කුඩා දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ වැනි දෑ හිතකර විසබීජ නාශක යොදා පිරිසිදු කරන්න.😊

 

✍️අදහස

Dr.Malith Malinga

District Medical Officer

Divisional Hospital Oopatha

blog_image
blog_image