blogImage

e-සිගරට් හා vaping ශරීරයට හිතකරද?

📌 e-සිගරට් හා vaping ශරීරයට හිතකරද?🤔

 

e- සිගරට් හා vaping අද තරුණ තරුණියන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ පුරුද්දකි.🗣🚬 දුම්පානය මෙන් නොව vaping මඟින් ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයම් ඇති නොවේ යන මතය නිසාවෙන් නව යොවුන් වියේ පසුවන තරුණයින් මෙයට නැඹුරු වේ.💨

 

📍දුම්පානය හා vaping වල වෙනස කුමක්ද? 🤔

 

දුම්පානය හෙවත් දුම්වැටි භාවිතයේදී දුම්කොළ මඟින් ඇතිවන හානිය පිළිබඳව අමුතුවෙන් කතා කල යුතු නොමැත.😐 ලංකාවේ ඇති බෝ නොවන රෝග බොහෝමයකට අවදානම වැඩි කරන සාධකයක් වන්නේ දුම්පානයයි.🚬

යුරෝපයේ හා සංවර්ධිත රටවල් වල දුම්පානය නතර කිරීම සඳහා උත්තේජන වැඩ පිළිවෙළක් ලෙස

e- සිගරට් සහ vaping නම් සංකල්පය හඳුන්වා දුන්නේය. දුම් වැටි වල මෙන් නොව මෙහි නිකොටීන් නම් හානිකර රසායනය අඩංගු නොවන විටදී ශරීරයට ඇතිවන බලපෑම අඩුවන අතරම දුම්පානයේදී පුද්ගලයාට ලැබෙන අත්දැකීම් ලබාදෙන නිසා දුම්වැටි වලට ඇබ්බැහි වූ පුද්ගලයන් හට එයින් මිදීමට මෙය උපකාරී විය.💨

ක්‍රමයෙන් ප්‍රචලිත වීම සමඟ වාණිජමය වටිනාකමක් එක්වීම නිසාවෙන් නිකොටීන් සහිත මෙන්ම මත්ද්‍රව්‍ය සහිත e දුම්වැටි වෙළෙඳපොළට පැමිණියේය.🗣

 

📍සිගරට් වලට වඩා vaping හොඳද?🤔

 

2018 දී Royal College Of Physicians නම් වෛද්‍ය මණ්ඩලයෙන් කර පරීක්ෂාවකින් හෙළි වූයේ දුම්වැටි වලට වඩා e - දුම්වැටි ආරක්ෂා සහිත බවයි.🙂 මෙය සාපේක්ෂව සිදුකල පරීක්ෂණයන් බව අවබෝධ කරගත යුතුය. එනම් යම් පුද්ගලයකු දුම්වැටි වලට ඇබ්බැහි වී ඇත්නම් එමඟින් පුද්ගලයාගේ ශරීරයට අත්වන සෞඛ්‍යය ගැටළු e - දුම්වැටි භාවිතයෙන් ඒ ආකාරයෙන්ම සිදුනොවන බවකි.🙂

 

📍 e- සිගරට් හා vaping ශරීරයට බලපාන්නේ කෙසේද? 🤔

 

e - සිගරට් වල අඩංගු වන e- juice අධික තාපයට භාජනය කිරීමෙන් දුම් නිෂ්පාදනය කරයි🌝

• e-juice වල අඩංගු වන්නේ,

Propylene Glycol ( ආහාර කල් තබාගැනීමට යොදාගන්නා සංයෝගයකි)

Vegetables glycerin

Flavoring products

ඇතැම් විට Nicotine

 

තනි තනිව ගත්කල මේ සංයෝගයන් වලින් සෘජු බලපෑම අවම වේ.🙂 නමුත් මුලි සංයෝගයන් දුම් බවට පත්කිරීමට අධික තාපයට යොමු කිරීමේදී මේවායේ රසායනික සංයුතිය වෙනස් වීමට හැකි අතර එමඟින් ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරන පහත සංයෝග ඇතිවේ.👇

 

• Silicote particites

• Metal particites ( Nickle, silver)

• Chemicals ( Acetaldehyde)

• Carcinogens ( පිළිකාකාරක)

 

මෙස් සංයෝග නිසා vaping වලින් පසුව උගුරේ අපහසුව දැනෙනු ඇත.😵

සතුන් යොදාගෙන සිදුකල පරීක්ෂණ වලින් සනාථ වී ඇත්තේ දිගු කාලීනව මේ සංයෝග නිසා පෙනහළු සෛල වල ප්‍රදාහමය තත්ත්වයන් ඇතිවේ. මේ නිසා,

•දිගුකාලීන කැස්ස😷

• ඇදුම😪

• COPD නම් පෙනහළු රෝගය

• හෘදයාබාධ 😨

වැනි රෝග ඇතිවිය හැකි බව තහවුරු වී ඇත😶

 

📍 e- දුම්වැටි නිසා ඇතිවන භයානක තත්ත්වය EVALI ගැන ඔබ දැනුවත්ද?🤔

 

2019 දී ඇමරිකාවේ හා කැනඩාවේදී e- දුම්වැටි භාවිතා කරන්නන් හදිස්සියේ ඉතා භයානක පෙනහළු අකර්මණ්‍යතාවයකට ලක් වුනේය.😳 208 දෙනෙකු රෝහල් ගත කල අතර එයින් බොහෝ දෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුල් වීමට සිදු වූ අතර ඒ අතරින් 68 දෙනෙක් මරණයට පත්විය.😧

පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඔප්පු වූයේ e- දුම්වැටි වලින් ඇතිවූ බලපෑමෙන් මෙය සිදුවූ බවයි😐 මේ තත්ත්වය EVALI ලෙස හඳුන්වයි. එනම්, e- cigarette, vaping products associated lung injury වේ.

මෙය TCA නම් රසායනික සංයෝගය නිසා සිදුවූ බව අනාවරණය විය.😶 අවාසනාවකට e- දුම්වැටි සඳහා බොහෝ අය අන්තර්ජාලයෙන් මිලදී ගන්නා අවස්ථාවලදී එහි මේ සංයෝගය ඇති බවට තහවුරු කර ගැනීමට වැඩපිළිවෙළක් තවමත් ලංකාවේ නොමැත😑

 

අවසාන වශයෙන්,

ඔබ දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී එයින් මිදීමට e- දුම්වැටි භාවිතයට යොමු වූ අයෙක් නම් හැකි ඉක්මනින් එම පුරුද්ද නතර කර ගැනීමට උත්සාහ කරන්න🙂

අලුතින්ම විලාසිතාවක් හෝ ආකර්ෂණය පිනිස e- දුම්වැටි වලට යොමු වූ අයෙක් නම් පුරුද්දක් ලෙසට එය භාවිතා කිරීමෙන් වළකින්න.

 

✍️අදහස

Dr.Rizmy Mashood

MO Anesthesia

DGH Nawalapitiy

blog_image
blog_image