blogImage

ඩෙංගු

📌ඩෙංගු

 

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට මේ දිනවල අධික වර්ෂාපතනයක් පතිත වේ.☔️ සෑම වසරකම පාහේ මෙවන් වර්ෂාපතනයකට පසු සෞඛ්‍යය අංශයට මුහුණ දීමට ලැබෙන බරපතලම ගැටළුවක් නම් ඩෙංගු ආපදාවයි.🦟

 

📍ඩෙංගු යනු

 

වෛරසයක් මඟින් ආසාදනය වන මදුරුවන් හරහා බෝවන රෝගයකි.🦟 බොහෝ රෝගීන් හට ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ මතු නොවේ😐 අනෙක් පුද්ගලයන්ට වෛරසය ශරීරගත වීමෙන් දින 4-7 අතර කාලයේදී (3-14 දක්වා විය හැකිය) උණ මතුවීම සිදුවේ🤒

 

📍ඩෙංගු රෝගයේ විවිධ ස්වරූප පවතී🤔

 

01. Undifferentiated fever (viral syndrome)

 

බොහෝ විට මුල්ම වරට ඩෙංගු වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට අනෙක් වෛරස් ආසාදන වලින් වෙන් කර හඳුනා ගත නොහැකි සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයක් ඇතිවේ🤒

 

02. Dengue fever

 

මෙය මූලික වශයෙන් හදිසියේ මතුවන උණ රෝගයයි🤒 ඒ සමඟ,

•තදබල හිසරදය😣

•මාංශපේෂී වේදනාව😢

•හන්දිපත් වේදනාව😵

•සමේ මතුවන පැල්ලම් වැනි ලප😶

 

ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.😐

 

break bone fever ලෙස මෙය හඳුන්වන්නේ වරින් වර හෝ ඇතැම් විට දිගටම පවතින ඉතා තදබල මාංශපේෂි හා සන්ධි වේදනාව නිසාය. කලාතුරකින් අසාමාන්‍ය රුධිර වහනයක් (විශේෂයෙන් ආන්ත්‍රික හෝ නාසයෙන්) දක්නට ලැබෙන අවස්තා ද දක්නට ලැබේ😱

 

📍ඩෙංගු රක්තපාත උණ රෝගය ( dengue haemorrhagic fever )

 

මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් උණ අතර ඉහත සඳහන් කල ඩෙංගු උණ රෝගයේ රෝග ලක්ෂණ ද පවතී.😐 ඊට අමතරව වැදගත්ම ලක්ෂණය නම් රුධිර නාල වලින් රුධිර ප්ලාස්මාව පිටතට කාන්දු වීමයි. Leaking phase ලෙස හඳුන්වන මේ අවධිය සාමාන්‍යයෙන් පැය 24-48 කාලයක් පවතී. ඉන් පසුව ක්‍රමානුකූලව ප්ලාස්මව දින 2-5 අතර දී නැවත රුධිර නාල තුලට ඇතුළු වන අතර රෝගය ක්‍රමයෙන් සමනය වේ.

 

📍ඩෙංගු රෝගය ඔබට ඇත්දැයි දැනගන්නේ කෙසේද?🤔

 

මේ කාලයේදී සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත වෛරස් උණ බහුලව පැතිර යන නිසා බොහෝ විට ඩෙංගු උණ තත්ත්වය සාමාන්‍ය වෛරස් උණක් ලෙස සලකා ප්‍රතිකාර නොගෙන සිටින අවස්තා එමටයි😐

නමුත් ඔබට,

• 👉තද හිසේ කැක්කුම 😫

• 👉ඇස් යට වේදනාව 🙃

• 👉අධික මාංශපේෂි හා හන්දිපත් වේදනාව 😖

 

ඇත්නම් එය ඩෙංගු වීමේ ඉඩකඩ බහුලය.

 

සාමාන්‍යයෙන් දින 3 ක්ම උණ පවතී නම් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් වේ🙂

සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා දෙවර්ගයම අඩු වීම ඩෙංගු රෝගයේ වැදගත් සිදුවීමකි.

Leakopenia (<5000/mm3)

Thrombocytopenia (<150000/mm3)

 

මීට අමතරව ඩෙංගු රෝගය හඳුනා ගැනීමට නියමිත දිනයේදී ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරගැනීමට හැකිවන අතර උණ වැළඳුන දිනයේ සිට අදාල කාලය මත නිවැරදි පරීක්ෂණය වෛද්‍ය නිගමනයට අනුව සිදුකරගැනීම වැදගත්‍ ය.🙂

 

📍සෑම ඩෙංගු රෝගියෙක්ම රෝහල්ගත විය යුතුද?🤔

 

ඉහතින් සඳහන් කල යුතු ආකාරයට ඩෙංගු රෝගීන් බොහෝ විට සාමාන්‍ය වෛරස් උණ හෝ ඩෙංගු උණ තත්ත්වය පවතින නිසා සෑම රෝගියෙක්ම රෝහලට ඇතුළු වීම අත්‍යාවශ්‍ය නොවේ. රෝගීන් ඇතුලත් කර ගැනීමට මාර්ගෝපදේශන මාලාවක් ඇති අතර එය අනුකූලව අදාල රෝගීන් පමණක් ඇතුල් කර ගැනීම සිදුකරයි🙂

නමුත් ඩෙංගු උණ රක්තපාත උණ රෝගයේ ලක්ෂණ ඇති රෝගීන් හා රුධිර පට්ටිකා ප්‍රමාණය 100000/ mm3 අඩු රෝගීන් රෝහල් ගත කිරීම ඉතා වැදගත්‍ ය.😐

 

📍ඩෙංගු රෝගියෙකු නිවසේදි පිළිපැදිය යුතු කරුණු🤔

 

01. ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය කිරීම.

සාමාන්‍යයෙන් බර 50 kg වලට වඩා වැඩි නම් දළ වශයෙන් 2500 ml ක් වත් දිනකට පානය කල යුතුය.💧 බර 50 kg වලට අඩු නම් බර ප්‍රමාණය 50 න් වැඩි කර එම ප්‍රමාණය දිනක් තුලදී පානය කල යුතුය.

එසේ පානය කිරීමට සුදුසු බීම නම්,

 

ජීවනී

තැඹිලි

පළතුරු බීම (ස්වභාවික)

සුප් වර්ග

කැඳ වර්ග

ජලය පමණක් වෙනුවට ඉහත පානයන් භාවිතා කිරීම යෝග්‍ය වේ.😊

 

02. අවශ්‍ය තරම් ශාරීරික විවේකය

 

03.උණ සඳහා තෙත රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කිරීම.

 

04. අදාල මාත්‍රාවට පමණක් පැරසිටමෝල් ලබා ගත්තද උණ සම්පූර්ණයෙන් අඩු නොවනු ඇත. එවිට මාත්‍රාව ඉක්මවා පැරසිටමෝල් ලබා ගැනීම කිසිවිටක සිදු නොකල යුතුය.

 

05. වේදනානාශක හා steroid කාණ්ඩයේ ඖෂධ භාවිතා නොකල යුතුය. අධික මාංශපේෂි හා හන්දිපත් වේදනාව සඳහා NSAIDs කාණ්ඩයේ ඖෂධ වේදනානාශක ලෙස භාවිතය කිසිසේත් උචිත නොවේ.

 

05. අනිවාරෙන්ම උණ වැළඳී තුන්වන දිනයේදී වෛද්‍ය උපදේශ වලට අනුව රුධිර පරීක්ෂණ සිදුකල යුතු අතර ඉන් පසු අවශ්‍යතාවය අනුව එම පරීක්ෂණ සිදු කරයි.☺️

 

ඔබට,

•තදබල උදරයේ වේදනාව ඇත්නම්😫

•අත්පා සීතල නම්🥶

• තද විඩාබර ගතියක් හෝ නොරිස්සුම් ස්වභාවය ඉක්ම ගොස් නම්😵

• උණ අඩුවී ගියත් ඔබේ සෞඛ්‍යය තත්ත්වය දුර්වල වෙනවා නම්🤕

• දියර වර්ග පානය කිරීමට අපහසු නම්

• රුධිර වහනයක අවදානම ඇත්නම්

• පැය 6කට වඩා වැඩිපුර මූත්‍රා පිට නොවූ නම්😐

වහාම වෛද්‍යවරයෙකු හමුවීම හෝ රෝහලට යාම සිදු කරන්න.

 

📍රෝගය වළක්වා ගැනීම

 

මෙය ඉතාම වැදගත්‍ ය🤔

 

👉•මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම

👉•මදුරු කීටයන් ඇති ස්ථාන විනාශ කිරීම

👉•මදුරු දෂ්ඨනය වලක්වා ගැනීම

 

මේ පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවී රෝගය වැළඳීම අවම කරගන්න.☺️

 

📜මූලාශ්‍රය -> Guideline on Management of Dengue fever and Dengue Haemorrhagic fever in adalter Natinol guidelines

Ministry of Health

Srilanka.

 

✍️Dr. Chanaka silva

Medical officer

Medical unit

Kalawana Hospital

blog_image
blog_image