blogImage

පිරිමියෙකුට තිසර පයෝධර පිහිටීම ලෙඩක්ද ?

📌පිරිමියෙකුට තිසර පයෝධර පිහිටීම ලෙඩක්ද ? 🤔

 

අතීතයේදී කවියන් කාන්තාවන්ගේ 👩‍🦳පියයුරු තිසරුන්ට උපමා කොට වර්ණනා කර ඇත. නමුත් මෙවැනි වර්ණනාවන්ට හිමිකම් කිව හැකි පිරිමි පුද්ගලයන්ද ඔබ දැක ඇත.

වෛද්‍ය විද්‍යාත්මකව මෙලෙස පියයුරු විශාල වීම අවස්ථා දෙකකදී දක්නට ලැබේ.

 

1. Pseudogynecomastica/Lipomostia

2.Gynecomastia

 

Pseudogynecomastica/Lipomostia

 

පියයුරු වල ග්‍රන්ථි පටක වල වෙනසක් නොවී අධිකව මේදය තැන්පත් වීම නිසා පියයුරු විශාල වීම මේ ලෙස හඳුන්වයි.ශරීරයේ මේදය බහුල පිරිමින්ගේ උදරය,තුනටිය ආශ්‍රිතව මේදය තැන්පත් වන්නා සේම පියයුරු වල අධිකව මේදය තැන්පත් වීම නිසා මේ තත්ත්වය ඇතිවේ.🙂

 

2. Gynecomastia

 

පියයුරු වල පවතින ග්‍රන්ථිමය කොටස ගුනානය හා වර්ධනය වීම නිසා පිරිමි පුද්ගලයන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස විශාල වීම නිසා මේ තත්ත්වය ඇති වේ.

සාමාන්‍යයෙන් පියයුරු දෙකම මේ ආකාරයට විශාල වන අතර ඇතැම් අවස්ථාවලදී එක් පියයුරක් පමණක් විශාල වීම සිදු වේ.

 

අප මෙහිදී මූලික වශයෙන් Gynecomastia තත්ත්වය පිළිබඳව පැහැදිලි කරනු ලැබේ.🙂

 

📌Gynecomastia ලෙඩක්ද ?

 

සමහර අවස්ථාවලදී මෙම රෝගී තත්ත්වයක් නොවන අතර සාමාන්‍ය ශරීර ක්‍රියාකාරීත්වයේ අපගමනය නිසා මෙය ඇති වේ.

මෙය physiological gynecomastia ලෙස හැදින්වේ.

අලුතින් ඉපදෙන බිළිදු පිරිමි දරුවන්,

වැඩිවියට පත් වන පිරිමි දරුවන් හා

ඇතැම් වැඩිහිටි පිරිමි පුද්ගලයන්ගේ

මේ තත්වය වාර්තා වේ.

මේ තත්වය නිසා ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර කාලයත් සමග ස්භාවිකවම පියයුරු යථා තත්වයට පත් වේ.

 

Pathological gynecomastia

 

මේ තත්වය රෝගී තත්වයක් ලෙස හදුනාගනී.වෙනත් කිසියම් රෝගී තත්වයක් නිසා එම රෝගයේ අතුරු ඵලයක් ලෙසට මේ තත්වය ඇති වන අතර ඒ සදහා හෝමෝන අසමතුලිතතාවය බලපායි.වෙනත් රෝග තත්ව නොමැතිවද මෙය ඇතිවිය හැක☺️

 

📌Gynacomastia ඇතිවීමට හේතු.☺️

 

මෙයට මුලික හේතුව ශරීරයේ ඇති වන හෝමෝන අසමතුලිත තාවයයි.ඊස්ට්‍රජන් හොර්මොනය සදහා පියයුරු වල සංවේදීතාවය වැඩි වීම ඇන්ඩ්‍රොජන් හෝමෝන වලින් පවතින නිශේධනය අඩු වීම නිසා පියයුරුවල ග්‍රන්ථිමය කොටසේ අසාමාන්‍ය වර්ධනයක් ඇතිවේ.

 

යම් රෝගි තත්වයක් නිසා

ඊස්ට්‍රජන් හොර්මොනය ක්‍රියාකාරිත්වය වැඩි වීම.

ටෙස්ටෙස්ටෙරෝන් හොර්මොන ක්‍රියාකාරිත්වය අඩු වීම.

මෙලෙස ශරිරය තුල හොර්මොන අසමතුලිත තාවයක් හටගැනීමට හැකිය.

 

මෙලෙස ශරීරයේ ඇති වෙනත් රෝගයක අතුරුඵලයක් ලෙසට මේ තත්වය ඇතිවේ. එසේ විය හැකි රෝගි තත්ව නම්,

 

1.වෘෂන කෝෂ වලට අනතුරු සිදුවීම.

2.වෘෂන කෝෂ වල වෛරස් ආසදන.🦠

3.පිටියුටරි ග්‍රන්ථියේ අසාමාන්‍යතා හො පිළිකා.

4.ඇතැම් පිළිකා තත්ව (ආමාශ,අක්මා,වකුගඩු ආශ්‍රිත පිළිකා).

5.අක්මා අක්‍රීයවීම.

6.වකුගඩු අක්‍රීයතාවය

7.තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වය.

8.මන්දපෝෂණය.

9.ඇතැම් ජානමය රෝගී තත්වය.

 

📌රෝග ලක්ෂණ 😌

 

මෙහි මූලික ලක්ෂණය නම් අසාමාන්‍ය ලෙස පිරිමි පුද්ගලයන්ගේ පියයුරු විශාල වීමයි. පියයුරු වල සම්පූර්ණ ප්‍රමාණය එතරම් විශාල නොවී තනපුඩුව ආශ්‍රිත ප්‍රදේශය පමණක් ඉදිරියට නෙරාඒම සමහර රෝගීන්ගේ දක්නට ලැබේ.

රෝග ලක්ෂණ මතුවීම බොහෝ විට සංකූලතා නිසා සිදුවේ.😌

 

📌සංකූලතා 😌

 

👉තන පුඩුව ආශ්‍රිත හිරි ගතිය.

👉තන පුඩුවේ හැඩය වෙනස් වීම.

👉පියයුරු ආශ්‍රිත අනතුරකදි රුධිර 🩸ගැලීම.

👉පියයුරු වල තරල එකතු වීම.

👉පියයුරු අවට කැළැල් ඇතිවීම.

 

වෛද්‍යවරයකුට👨‍⚕️ රෝග නිර්ණයට එළඹීමට රෝග ඉතිහාසය වැදගත් වන අතර එහිදී,

 

පියයුරු විශාල වීම ආරම්භ වූ කාලය.

තන පුඩුවේ ප්‍රමාණය විශාල වීම,එහි වේදනාව,ශ්‍රාවයන් ඇතිවීම.

වෘෂන කෝෂ වලට අනතුරු සිදුවීම.

මත්පැන්🥃 හෝ වෙනත් ඖෂධ 💊භාවිතය.

පවුලේ අනෙක් සාමාජිකයන්ට මේ තත්වය තිබීම.

ලිංගික බෙලහීනතාවය.

 

ආදී කරුණු පිලිබදව

වෛද්‍යවරයාට 👨‍⚕️නොසඟවා තොරතුරු සැපයීම ඔබ කළ යුතුයි.

 

📌සායනික පරීක්ෂාව.

 

වෛද්‍යවරයෙකු 👨‍⚕️විසින් සිදු කරන සායනික පරීක්ෂාවකින් පසුව මේදය තැම්පත් වීම හා Gynecomatia තත්වය වෙන්කර හදුනා ගැනීම සිදුකරනු ලැබේ.

අවශ්‍යතාවය මත සමහර අවස්ථාවලදී utrasound scan හෝ mammogram ආදී පරීක්ෂණ වලට යොමු කරන අවස්ථාද පවතී.

 

📌ප්‍රතිකාර.☺️

 

මෙහිදී Gynecomastia රෝගය ඇත්තේ වෙනත් රෝගී තත්වයක අතුරුඵලයක් ලෙසට නම් එම මූලික රෝගයට ප්‍රතිකාර සිදුකිරීම මගින් මේ තත්වය පාලනය කරනු ලැබේ. ☺️

 

මූලික රෝගී තත්වයන් නොමැතිව ඇතිවන පියයුරු විශාල වීමෙදි ප්‍රතිකාර ක්‍රම දෙකක් අනුගමනය කරයි.

 

1.ඖෂධ 💊භාවිතය.

 

ඖෂධ භාවිතයෙන් ප්‍රතිකාර කිරීමෙදී 50% රෝගීන්ට පියයුරු විශාලත්වය අඩු කර ගත හැකි බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. 20% රෝගීන්ට සම්පූර්ණ ප්‍රකෘති තත්වට පියයුරු පත්කර ගැනීමට හැකිය.

 

2.ශල්‍යකර්මයන් සිදු කිරීම.☺️

 

පහත අවස්ථාවලදී ශල්‍යකර්මයන් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

 

ඉතා විශාල ලෙස පියයුරු වර්ධනය වී තිබීම.

දීර්ඝ කාලීනව රෝගී තත්වය පැවතීම.

ඖෂධ 💊ප්‍රතිකාරය අසාර්ථක වීම.

 

✍️සටහන

Dr. Sachith Nishshanka

Senior House Officer

Surgical Unit

Base Hospital- Chilaw

blog_image
blog_image