blogImage

අලුත උපන් බිළිඳන්ගේ සමේ ඇතිවන බිබිලි

📌ඩොක්ටර් බබාගේ ඇඟේ බිබිලි වගයක් දාලා😥

බාහිර රෝගි අංශයට අලුත ඉපදුන පුංචි බබාලා එක්ක එන අම්මලාගේ බොහොම සුලභ පැමිණිල්ලක් තමයි මේ බිබිලි... 🤔

 

අලුත උපන් බිළිඳන්ගේ සමේ ඇතිවන මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Erythema toxicum neonatrum.

 

📌මොනවද මේ බිබිලි🤔

 

බබා ඉපදිලා පළමු දින 2-4 අතර කාලයේදී තමයි මේ බිබිලි ඇතිවෙන්නේ🤱🏻

මේවා පුංචි කහපාට බිබිලි හෝ කුඩා සැරව බිබිලි වගේ තමයි පේන්නේ.😐 මේ බිබිලි මුහුණේ ඇතිවිට කුරුලෑ ස්වරූපයෙන් පේනවා.😣 ඒ නිසා මේවට baby acne කියලත් හඳුවනවා. මේ බිබිලි අවට රතුපාට රවුම් ආකාරයෙන් සම දිස්වෙනවා.😰

සාමාන්‍යයෙන් බිළිඳන්ගේ,

👉🏻පපුව හා බඩ ප්‍රදේශය

👉🏻අත් හා කකුල් වල

👉🏻මුහුණේ හා බෙල්ල ප්‍රදේශය ආශ්‍රිතව මේවා මතුවෙනවා😳 නමුත් මේවා අතේ අල්ලේ හා පාදයේ යටි පතුලේ ඇති වන්නේ නැහැ. 🙂

බැලූ බැල්මටම සැරව බිබිලි වගේ පොකුරු විදියට තියෙන නිසා අම්මලා ගොඩක් බය වෙනවා. 😱

ඒත් Erythema toxicum neonatorum කියලා ලොකු නමක් කිව්වට මේවා බොහොම අහිංසකයි.😌

මේවා නිසා පුංචි කිරිකැටියට කිසිම අපහසුවක් හෝ රෝග ලක්ශණ මතුවන්නේ නැහැ.☺️

 

📌ඇයි මේ බිබිලි ඇති වන්නේ..🤔

මේකට හේතුව හරියටම නිශ්චිත වශයෙන් තවම ඔප්පු වෙලා නැහැ. බිළිඳු සමේ ඇතිවන ප්‍රදාහමය තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙසට මේවා ඇති වන බවට මතයක් තියනවා.☹️

 

📌මේ බිබිලි වලට මොනවද වෙන්නේ...🤔

අම්මලාට බිය වීමට කිසිසේත් අවශ්‍ය වෙන්නේ නෑ.😌 ස්වභාවිකවම සති දෙකක් වගේ කාලයක් ඇතුලත සම්පූර්ණයෙන්ම මේ බිබිලො සුව වෙනවා.☺️

 

📌වෙනත් ලෙඩ වලට මෙහෙම බිබිලි මතුවන්නේ නැද්ද...🤔

Erythema toxicum නිසා ඇතිවන බිබිලි වල ප්‍රධානම ලක්ශණය තමයි

මේවා නිසා බිළිඳාට කිසිම අපහසුතාවයක් හෝ රෝග ලක්ෂණයක් ඇති නොවීම.🥰

මීට සමාන බිබිලි ඇතිවෙන්න පුළුවන් වෙනත් රෝග තියනවා. නමුත් එම රෝග වලදී පහත👇 රෝග ලක්ශණ මතුවෙනවා😳

👉🏻උණ🤒

👉🏻බිළිදා නිරන්තරයෙන් අධික ලෙස. හැඬීම😭

👉🏻මව්කිරි බීම අඩු වීම🤱🏻

👉🏻බිළිදා මලානික ස්වරූපයෙන් පසුවීම😰

බිබිලි සමඟ ඉහත👆🏻ලක්ශණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.👩🏼‍⚕️

📌මේ බිබිලි වලට මොනාද කරන්න ඕනි...🤔

 

මොකුත්ම කරන්න ඕනි නෑ😌 මේවා ස්වභාවයෙන්ම සති දෙකක් ඇතුලත සුව වෙනවා.😀

අම්මලා කරන වැරදි දෙයක් තමයි😑 මේවගේ කහපාට ගතිය නිසා සැරව බිබිලි කියලා දරුවාට විෂබීජයක් ඇති වෙලා කියලා හිතලා ප්‍රතිජීවක සිරප් හෝ ක්‍රීම් වර්ග දරුවාට ලබා දෙන එක.😐

එය ඉතාම අනවශ්‍ය හා අවදානම් දෙයකි.🤨

 

ඔබට මේ පිලිබඳව සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න.👩🏼‍⚕️ නියමිත සායනික පරීක්ෂාවකින් පසු අවශ්‍යතාවය අනුව ඖෂධ ලබා දීම සිදු කරනු ඇත.💊 ඖෂධ අවශ්‍ය නැත්නම් ඒ බව ඔබට පැහැදිලි කරනු ඇත.☺️.

✍️සටහන

Dr.Ransi Abeypathirana

Medical officer

Divisional Hospital - Kithulgala

Ransi Abeypathirana

blog_image
blog_image