blogImage

Migraine හෙවත් ඉරුවාරදය

📌ලංකාවේ මෙන්ම ලෝකයේ හිසේ කැක්කුම සහිත රෝගීන් බහුතරයකට ප්‍රධානතම හේතුවක් වනුයේ Migraine හෙවත් ඉරුවාරදය නම් රෝගී තත්ත්වයයි.

ජනග්‍රහණයෙන් ආසන්න වශයෙන් 12% පමන පීඩා විඳින මෙම රෝගී තත්ත්වය වඩාත් බහුල වනුයේ කාන්තාවන් අතරය.

 

👉Migraine යනු

 

📌වරින් වර ඇති වන්නා වූ(episodic) පැය හතරක් හැත්තෑ දෙකක් අතර පැවතිය හැකි තද හිසේ කැක්කුම හා ඊට ආවේණික ඒ හා සම්බන්ධව පවතින තවත් රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනකින් සම්මිශ්‍රිත රෝගී තත්ත්වයකි..

 

Migraine රෝගය ප්‍රධාන වශයෙන්

 

👉migraine with aura

👉migraine without aura

 

ලෙසට වර්ග කරනු ලබයි.

 

දර්ශීය ඉරුවාරද රෝගී අවස්ථාවක් (A typical migraine attack) එය ඇතිවන ආකාරය අනුව අවදි 4 කට වෙන් කරනු ලබයි .ඒවා පිළිවෙලින්,

 

1.Prodrome

 

හිසේ කැක්කුම ඇති වීමට පැය ගණනකට පෙර (පැය 24-48 ක් පමණ කාලයක් අතර) ඇතිවිය හැකි ආවේදන්ත ( affective) හෝ අකර්මත (vegetative) ලක්ෂණ

 

👉උදාහරණ

 

ඈනුම් යෑම ඉහළ යෑම

අධික සතුටුදායක බව හෝ උද්වේගය (euphoria)

නොරුස්සන ස්වභාවය(Irritability )

ආහාර රුචිය වැඩිවීම(Food cravings)

 

2.Migraine Aura -

 

හිසේ කැක්කුම ඇතිවීමට සුළු මොහොතකට පෙර හෝ ඒත් සමඟම දැනෙන ලක්ෂණ

 

👉උදා:

දිලිසෙන රේඛා හෝ ලප පෙනීම

කන ඇතුළතින් ශබ්දයක් ඇසීම

අත් පා හෝ මුහුණේ දැවිල්ල හෝ හිරිවැටීම.

 

3. හිසේ කැක්කුම සහිත අවධිය

 

📌හිසේ කැක්කුම පැය 4ත් -72 ත් අතර කාලය පුරා පැවතිය හැකි අතර බොහෝ විට එය හිසේ එක පැත්තකට පමණක් සීමා වේ. (Unilateral Headache).

නමුත් ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණ හිස පුරාම වේදනාව පැවතීමට වුවද හැකිය.

මෙම හිසේ කැක්කුම බොහෝ අවස්ථාවලදී ස්පන්දනයක් (Pulsetile)ආකාරයෙන් හෝ ස්ථුරණයක් ආකාරයෙන් (Throbbing type Headache)දැනෙන අතර වේදනාවෙ තීව්‍රතාවය කාලයත් සමග අඩු වැඩිවෙමින් පැය ගණනක් පුරා පවතී.

📌හිසේ කැක්කුම ශාරීරික ක්‍රියාකාරකම් වලදී වැඩි වන අතර බොහෝ විට අඳුරු පරිසරයක් තුළ නිදා ගැනීමෙන් පසුව මෙම වේදනාව අඩුවී යාමට පටන් ගනී.

 

4.Postdrome

 

හිසේ කැක්කුම අවසන් වූ පසුව සමහර රෝගීන් migraine postdrome අවධිය අත්දකී. එහිදී බොහෝ විට ශරීරය අඩපණ වීමේ දැනීමක් හෝ අතිශයින්ම වෙහෙසට පත් වූ බවක් දැනීමට හැකිය.

 

📌Migraine රෝගය හා සම්බන්ධව පවතින ඊට ආවේණික අනෙකුත් රෝග ලක්ෂණ

 

(සැ.යු.) මෙම රෝගී ලක්ෂණ එකක් හෝ කිහිපයක් හිසරදය සමගින් පැවතිය හැකිය .

 

(1) ඔක්කාරය(Nausea) හෝ වමනය (vomiting )

 

(2) තද ආලෝකය දෙස බැලීමට අපහසුව (photophobia)

 

(3) අධික ශබ්දය දරාගත නොහැකි වීම (phonophobia)

 

📌ඉරුවරදය සහිත රෝගීන් ගේ හිසේ කැක්කුම උත්තේජනය වීමට බලපාන කරුණු

 

(1)තද හිරු එළියට නිරාවරණය වීම

(2)දිලිසෙන විදුලි ආලෝකය

(3)අධික ශබ්දය

(4)මානසික ආතතිය

(5)ඔසප් සමයේදී

(6)නින්ද මදිකම

(7)නිරාහාරව සිටීම

(8)පාරිසරික /දේශගුණික වෙනස්වීම

(9)සමහර ඖෂධ වර්ග

(10)සමහර ආහාර වර්ග

 

(11)දුම්පානය

 

👉මිග්‍රේන් රෝගය සඳහා ප්‍රතිකාර

 

📌Migraine යනු දිගුකාලීන ස්නායු ආශ්‍රිත රෝගයකි.මෙහිදී ඇතිවන හිසරදය වරින් වර මතු වීම නිසා ඉරුවාරදය පීඩා විඳින රෝගීන් හට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදූවේ. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉරුවාදය හොඳින් පාලනය කර ගැනීමට හැකියාවක් ලැබේ.

 

📌Migraine රෝගය සඳහා ප්‍රතිකාර ආකාර 2ක් පවතී .

 

1.හිසරදය තීව්‍ර අවස්ථාවේදී එය රෝධනය කිරීමට භාවිතා කරන්නා වූ ඖෂධ ,(Abortive /Acute Treatment)

 

මෙහිදී විවිධ කාණ්ඩවල ඖෂධ වර්ග භාවිතා කළ හැකි අතර හිසරදයේ තීව්‍රතාව අනුව ඖෂධ කාණ්ඩ කිහිපයක් පවා භාවිතා කරනු ලබයි.

 

👉උදා: පැරසිටමෝල් වර්ගයේ ඖෂධ

NSIADs

Triptans

 

📌රෝග පාලනය සඳහා වන ඖෂධ (Preventive treatment)

 

📌තද හිසරදය මසකට තෙවරකට වඩා ඇතිවන අවස්ථාවලදී හෝ ඉහත පළමු කාණ්ඩයේ ඖෂධ මගින් හිසරදය පාලනය නොවන විට රෝග පාලනය සඳහා වන ඖෂධ ආරම්භ කිරීම සිදු කළ හැකිය.

 

📌මෙහිදීද ඖෂධ කාණ්ඩ කිහිපයකම ඖෂධ වර්ග භාවිත කළ හැකි අතර නිසි වෛද්‍ය උපදෙස් යටතේ මෙම ඖෂධ නිසි ආකාරයෙන් ලබාගන්නේ නම් ඉරුවාරදය මනාව පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

Migraine සුව කළ හැකිද?

 

📌 ඉරුවාදය සුවකර ගැනීමට හෝ පාලනය කර ගැනීමට නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හා ඉහත සඳහන් කරන ලද ඉරුවාදය උත්තේජනය කරන සාධක මඟහරවා ගැනීම ඉතාමත් වැදගත්ය.

 

📌 ඒ සඳහා සුව නින්ද ,නිසි වේලාවට ආහාර ගැනීම, තද අව්වේ ගමන් බිමන්වලින් වැළකී සිටීම හෝ එසේ ගමන් කිරීමේදී අව් කණ්ණාඩි පැළඳීම ,ආතතිය මගහරවා ගැනීම, ඉරුවාරදය උත්තේජනය කරන ආහාර පාන වලින් වැළකී සිටීම වැනි දෛනික චර්යාවන්හි වෙනස්කම් ඉතා වැදගත්ය.

 

✍️සටහන

Dr. Chathura Nanayakkara

Medical officer

Neurology Unit

DGH Polonnaruwa

blog_image
blog_image