මොකක්ද ක්ලාන්තය කියන්නේ ?
📌එදිනෙදා ජීවිතයේදී ක්ලාන්තය කියන දේ අපි බොහෝ දෙනා අත්විඳල තියෙනවා.
ගොඩාක් වෙලාවට තද අව්වේ එකම තැන හිටගෙන ඉඳලා එහෙම නැත්නම් යම් දේකට ක්ෂණිකව බය වෙලා වගේ අවස්ථාවලදී සමහර පුද්ගලයන්ට ක්ලාන්තය හැදිලා ඇති.
📌 මොකක්ද ක්ලාන්තය කියන්නේ ?
ක්ලාන්තය කියන්නේ තාවකාලිකව සිදු වන සිහි නැති වීමක් නිසා සිරුරේ සමතුලිතතාවය බිඳ වැටීමකි. මෙහිදී පුද්ගලයා විසින්ම ස්වාභාවිකවම ප්‍රකෘති තත්ත්වයට පත්වන අතරම සාමාන්‍යයෙන් සිහිසුන් ස්වාභාවය මිනිත්තු 2-3 කට සීමා වේ.
📌 ක්ලාන්තය හැදෙන්නේ කොහොමද ?
මොළයේ ක්‍රියාකාරීත්වයට මූලිකවම අවශ්‍ය වන්නේ ග්ලූකෝස් සංඝටකයයි. යම් හේතුවක් නිසා මොළයට රුධිර සැපයුම අඩාල වුවහොත් එමගින් මොළයේ ක්‍රියාකාරීත්වයට වන බලපෑම නිසා ක්ලාන්තය හැදෙනවා.
අපගේ මොළයට ශරීරයේ අනිත් ඉන්ද්‍රියන් වගේ ශක්තිය නිෂ්පාදනය කරන සංඝටක ගබඩා කර ගන්න බැහැ.ඒ නිසා තත්පර 3-5 මොළයේ ලේ ගමනාගමනය නතර වුනොත් පුද්ගලයකුට ක්ලාන්තය හැදෙනවා.
මීට අමතරව මුලු ශරීරයේම රුධිර ග්ලූකෝස් අවප්‍රමාණය වීම(Hypoglycemia)
දරුණු ගණයේ පරිවෘර්තීය අසමතුලිතතා( severe metabolic dearrangement ) වැනි අවස්ථා වලදී ලේ ගමනාගමනයට බාධාවක් නොවී ක්ලාන්තය හැදෙන්න පුලුවන්.
📌ක්ලාන්තය හැදෙන්නෙ ඇයි?
වෛද්‍ය විද්‍යාත්මකව මේක ටිකක් සංකීර්ණයි.නමුත් තේරුම් ගැනීමේ පහසුව පිණිස හේතුව අනුව ප්‍රධාන ආකාර හතරකට ක්ලාන්තය වර්ග කරන්න පුලුවන්.
📌ඒවාට බලපාන හේතු නම්,
👉🏻ස්නායුක ප්‍රතික්‍රියා(Reflex mediated)
👉🏻හෘද ක්‍රියාකාරීත්වය(Cardiac )
👉🏻ඉරියව් බලපෑම(Orthostatic)
👉🏻මොළයේ රුධිර සංසරණය (Cerebrovascular)
ඉතිං මේ අතර අපි එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන බහුලම ක්ලාන්ත වර්ග දෙකක් ගැන කතා කරමු.
1.දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා ඇතිවන ක්ලාන්තය
විශේෂයෙන් අව්වෙ එකම ඉරියව්වෙන් ගොඩක් වෙලාවක් හිටගෙන හිටියම සමහර අයට ක්ලාන්තය හැදෙනවා.උදෑසන පාසල් රැස්වීමේදී, සරඹ පුහුණුව අතරතුරේදී වගේ අවස්ථා වල මේක සුලබයි.
මේකට හේතුව තමයි එකම ඉරියව්වකින් බොහෝ වේලාවක් සිටගෙන සිටීමේදී කකුල් වල රුධිරය නැවත හෘදයට ගමන් කිරීම අඩුවීම නිසා ඇතිවන අඩු රුධිර පීඩන තත්ත්වය නිසා මොළයට රුධිරය ගමන් කිරීම අඩු වෙන එක.
අධික තාපය නිසා ඇතිවන දහඩිය දැමීම, විජලනය වගේ දේවල් මේ තත්ත්වය උත්තේජනය කරනවා.
2. යම් දෙයකට බියවීම, අධික වේදනාවක් දැනීම වැනි අවස්ථාවලදී ක්ලාන්තය ඇතිවීම
සමහර පුද්ගලයන්ට ලේ ස්වල්පයක් දුටු විට, ඉන්ජෙක්ෂන් විදින විට, සංවේදී දෙයක් දකින විට, විශාල බියක් දැනුන විට වගේ අවස්ථාවලදී ක්ලාන්තය ඇති වෙනවා.මේක Vasovagal Syncope කියලා හඳුන්වනවා.
මෙය සිදු වන්නේ යම් සංවේදනයකට ඔබේ ශරීරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රතිචාර දැක්වීමේදී ඇතිවන ස්නායුක සමායෝජනයේ වෙනස් වීම නිසායි.
📌රෝග ලක්ශණ
👉🏻ඇස් පෙනීම බොඳ වී යාම
👉🏻දෑස් නිලංකාර වීම
👉🏻හිසේ කැක්කුම
👉🏻හිසට සැහැල්ලු බවක් දැනීම
👉🏻කරකැවිල්ල
👉🏻ඈනුම් යෑම
👉🏻ඔක්කාර ගතිය
👉🏻බඩේ දැවිල්ල
👉🏻ශරීර අසමතුලිතතාවය
👉🏻දහඩිය දැමීම
👉🏻කකුල් අප්‍රාණික වෙනවා සේ දැනීම
📌විශේෂ අවධානයට
අප මෙහිදී කථා කරන ක්ලාන්ත තත්ව වලට අමතරව ශරීරයේ වෙනත් රෝගී තත්ව හා ආබාධ නිසා ක්ලාන්තය ඇතිවිය හැකි වේ. ඒවා නම්,
📍හෘදයාබාධ
📍හෘද රිද්මයේ ගැටළු
📍අපස්මාරය
📌මෙවැනි අවස්ථාවලදී ඇතිවන ලක්ශණ සාමාන්‍ය අවස්ථාවට වඩා වෙනස් වෙනවා. පහත රෝග ලක්ශණ පවතී නම් වෛද්‍යවරයකු වෙත යොමුවන්න.
📍සිහිසුන් භාවය මිනිත්තු 5කට වඩා පැවතීම
📍සිහිසුන් අවස්ථාවලදී අතපය දරඳඬු වීම හෝ ගැස්මක් ඇතිවීම
📍හුස්ම ගැනීමේ හෝ නාඩි වැටීමේ වෙනසක් ඇතිවීම
📍විශාල වශයෙන් කටින් සෙම හෝ කෙල පිටවීම
📍නොදැනුවත්වම මුත්‍රා හෝ මළපහ පිටවීම
📍සිද්ධියට පෙර සිදුවීම තදබල ලෙස අමතක වීම
📌ක්ලාන්තයේදී ඔබ සිදු කල යුතු දේ
📍ඔබ සමීපයේ පුද්ගලයකු ක්ලාන්තයට පත් වූ විට
👉🏻පුද්ගලයා ආරක්ශිත ස්ථානයකට රැගෙන යන්න
👉🏻ඔබ තනිවම සිටී නම් හැකි සෑමවිටම අන් අයගේ උදව් ලබා ගන්න
👉🏻පුද්ගලයාගේ මුහුණ උඩට සිටින සේ හාන්සි කරවන්න
👉🏻හුස්ම ගැනීම හා නාඩි වැටීම පරීක්ෂා කරන්න
👉🏻හිස අත පය ආදියට අනතුරක් වී ඇත්දැයි පරීක්ෂා කරන්න
👉🏻එසේ නොමැති නම් පාදය අඩියක් පමණ ඉහළට ඔසවන්න
👉🏻හැකියාවක් පවතීනම් ශරීරයට තද වෙන ඇදුම්, බෙල්ට් ආයිත්තම් ලිහිල් කරන්න.
👉🏻සිහිය නොමැති අවස්ථාවක කිසිවිටෙක දියර වර්ග පෙවීමට උත්සහ නොකරන්න.
👉🏻කම්මුලට හෝ මුහුණට වැරෙන් පහර නොදෙන්න.
👉🏻පුද්ගලයාට හොදින් හුස්ම ගැනීමට පහසුවන ආකාරයට වාතාශ්‍රය ලැබීමට ඉඩ හරින්න.
👉🏻උරහිසට සෙමෙන් තට්ටු කරමින් පුද්ගලයාට කතා කරන්න
👉🏻පියවි සිහිය එලැබුනු විගස සිට ගැනීමට ඉඩ හරින්න එපා..මද වේලාවක් වැතිරී සිටින්නට හැර ඉන්පසු වාඩිකරන්න.
📌ක්ලාන්තය වල්ක්වා ගන්නේ කෙසේද ?
👉🏻තමන්ට ක්ලාන්තය ඇතිවන අවස්ථා තිබේනම්,ඒවා මග හරින්න.( උදා- සංවේදී දර්ශන , ලේ පැල්ලම්)
👉🏻එකම ඉරියව්වෙන් දිගු වේලාවක් සිටගෙන සිටීමේදී,
👉🏻පාදයේ ඇගිලි නිතරම සොලවන්න
👉🏻විලුබ උස් පහත් කරමින් කකුලේ මාංශ පේශීන් සොලවන්න.
👉🏻හොදින් ජලය පානය කරන්න
👉🏻ක්ලාන්තයට පෙර ලක්ෂණ දැනේ නම් ඉක්මනින් වාඩි වෙන්න හෝ වැතිරෙන්න
✍️සටහන
Dr.Gayan Mahanama
Medical officer
Intensive Care Unit
TH Anuradhapur