blogImage

මව් කිරිවලට අමතරව වෙනත් බීම ඔබේ බිළිදාට සූදූසූ ද ?

මව් කිරිවලට අමතරව වෙනත් බීම ඔබේ බිළිදාට සූදූසූ ද ?

 

👉ඩොක්ටර්, මුලදී වගේ නෙවෙයි දැන් බබා කිරි බොනවා හොරයි, පිටිකිරි එකක් දුන්නට කමක් නැද්ද ?

 

👉ඩොක්ටර්, බබාට ජූස් එකක් වගේ දුන්නට දැන් කමක් නැද්ද ?

 

📌ළමා රෝග සායනයේ දී අම්මලා නිතර අසන ප්‍රශ්න වලින් කිහිපයක් තමයි ඔය මව්කිරි සම්බන්ධයෙන් අම්මලා නිතර අසන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න මේ ලිපිය ලියන්න හිතුවා.

 

📌මෙහිදී මම පහත ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නම්.

 

👉1. කිරි නිපදවීම අඩු වෙන්නෙ ඇයි ?

 

👉2. මුල් මාස හය කිරි විතරක්මද දෙන්න ඕන ?

 

👉3. මව්කිරි වලට අමතරව වෙනත් බීම සුදුසුද ?

 

👉4. පිටිකිරි ලබාදීම හොඳද ?

 

👉5. කිරි එරෙන එක වැඩි වෙන කෑම වර්ග මොනවාද ?

 

👉6. මාස 6 ට කලින් කෑම පටන් ගන්න හොඳද ?

 

🌟🌟

(1) කිරි නිපදවීම අඩු වෙන්නෙ ඇයි?

 

📌මුලින්ම බලමු කෝ මව්කිරි නිපදවීම සිදු වෙන්නේ කොහොමද කියලා .

 

මවගේ මොළය පියයුරු අතර හෝමෝන සංඥා හරහා සිදුවන සම්බන්ධතාවයන් මගින් මව්කිරි නිපදවීම හා මව්කිරි ස්‍රාවය වීම සිදුවෙනවා.

 

📌මේ ක්‍රියාවලිය දිරිගන්වන සාධක මොනවාද ?

 

👉බිළිදා තනපුඩුවෙන් කිරි ඉරීම.

👉බිළිදා කෙරෙහි ඇතිවන සෙනෙහස.

👉බිළිදා ඇස ගැටීම, අඬන ශබ්දය හා වැටීම.

👉ආත්ම විශ්වාසය.

👉පියයුරු පෙදෙස හා කොන්ද ප්‍රදේශය සම්බාහනය.

 

📌දැන් බලමු මේ ක්‍රියාවලිය අඩපණ කරන සාධක

 

1.පියයුරු වල කිරි තැන්පත්වීම කිරි පෙවීම හා කිරි දෙවීම නිසි පරිදි සිදු නොවන විටදී මෙහෙම වෙනවා.විශේෂයෙන් එක පියයුරකින් පමණක් කිරි ලබා දීම නිසා අනෙක් පියයුරුවේ මෙසේ සිදු වෙන්න පුළුවන් .

 

2 සාර්ථකව තමන්ට කිරි ලබාදීමට නොහැකි වේ යැයි ඇතිවෙන සැක සහිත හැඟීම

 

3. වේදනාවෙන් පසුවීම

 

4. මානසික ආතතිය

 

🌟🌟

(2) පළමු මාස හයේදී මවු කිරි පමණක් ලබා දිය යුත්තේ ඇයි?

 

📌පළමු මාස හයේදී දරුවාගේ වර්ධනයට, මොලයේ ස්නායු වල වර්ධනයට, ක්‍රියාකාරීත්වයට, ප්‍රතිශක්තියට අවශ්‍ය වන සියලුම පෝෂ්‍ය පදාර්ථ නිසි අනුපාතයට මව්කිරි වල අන්තර්ගත වෙනවා.

 

📌දරුවාට මේ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වන ප්‍රමාණයන් කාලයත් සමඟ වෙනස් වන අතර මව් කිරි වල සංයුතිය ද ඒ අනුව වෙනස් වෙනවා.

 

🌟🌟

(3) මව්කිරි වලට අමතරව වෙනත් බීම වර්ග ( කැඳ, ජූස්) ලබා දීම සුදුසුද ?

 

💥උත්තරය නැත

 

📌 වැඩිහිටියෙකු හා සසඳන කල ළදරුවෙකුගේ ආමාශයේ ප්‍රමාණය ඉතා කුඩාය.

 

📌 ළදරුවකුගේ ධාරිතාව - 30ml

📌 වැඩිහිටියෙකුගේ ධාරිතාව - 2L- 4L

 

📌මේ නිසා බිළිදෙකුගේ ආමාශය ඉතා ඉක්මනින් පිරී යන නිසා එසේ පිරි යාමෙන් පසුව මොළයට දැනෙන සංඥා මගින් කුසගිනි දැනීම නැති වී යයි.එබැවින් කැඳ වර්ග බීම වර්ග ජලය ආදී දියර වර්ග වලින් සිදුවන්නේ දරුවාට කුසගිනි ඇතිවීම අඩුවී දරුවා මව් කිරි ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීමයි.

 

👉පෝෂණය හැරුණු විට මව් කිරි වලින් දරුවාට ලැබෙන වාසි මොනවාද ?

 

👇දරුවාට ඇතිවන වාසි

 

📌දරුවා සහ මව අතර ඇතිවන බැඳීමට උපකාරී වේ.

 

📌දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු වීම.

👇ස්වසන පද්ධතිය

👇 කන

👇 ආහාර මාර්ගය

ආශ්‍රිත ආසාදන අවදානම අඩුවේ.

 

📌පසුකාලීනව දරුවාට බෝ නොවන රෝග ඇති වීමේ අවදානම ද අඩු වේ ඒවා නම්

අධිරුධිර පීඩනය, දියවැඩියාව, ස්ථූලතාවය ,ඇදුම අසාත්මිකතා (Allergies) කොලොස්ට්‍රෝල්.

 

📌පසුකාලීනව දරුවාගේ බුද්ධි මට්ටම (IQ) ඉහළ අගයන් වීමට බලපායි .

 

📌කිරි දත් ස්ථිර දත් ලෙස වර්ධනයට උපකාරී වේ .

 

👉දරුවාට පමණක් නොව මවටද මින් වාසි රාශියක් ලැබේ .

 

👇මවට ලැබෙන වාසි

 

📌ස්වාභාවික උපත් පාලන ක්‍රමයක් වීම

ඩිම්බ කෝෂ ,පියයුරු පිළිකා අවදානම අඩු වීම

ගර්භණී සමයේ වැඩි වූ බර පූර්ව ගර්භණී සමයේ බර හා ශරීර ස්වභාවයට පත්වීම ඉක්මන් වීම.

 

📌මානසික සතුට.

 

📌මව් කිරි ලබා නොදීමෙන් ඇතිවන සංකූලතා අවම වීම.

 

🌟🌟

(4) පිටිකිරි ලබාදීම ගුණදායකද?

 

📌මව් කිරි වලට වඩා ගුණදායක බීමක් ඔබේ බිළිදා හට නොමැත . පිටිකිරි ලබා දීමේදී පහත අවාසි ඇති වේ.

 

1. දරුවාගේ ප්‍රතිශක්තිය දුර්වල වීම මව් කිරි වලින් ලැබෙන ප්‍රතිදේහ ජානන හා ප්‍රතිශක්ති කාරක නො ලැබීම මීට හේතුවයි.

මේ නිසා විවිධ ආසාදනවලට ගොදුරු වීමේ ඉඩ වැඩි ය.

 

2. බෝ නොවන රෝග අවදානම වැඩි වීම.

 

3. මව හා දරුවා අතර බැඳීම අඩු වීම.

 

4. පිළියෙල කිරීමේදී සිදුවන අපහසුතා

නිසි අනුපාතයට මිශ්‍ර කළ යුතුවීම .

බෝතල් ජීවානුහරණය කළ යුතු වීම.

 

5. මිල අධික බව.

 

6. ජිනේ කිරීමට අපහසු වීම.

 

🌟🌟

(5) අම්මලාට කිරි එරීම වැඩි වෙන කෑම වර්ග මොනවාද?

 

📌පහත ආහාරවලින් ව් කිරි වල ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව වැඩි කරයි.

 

👇කරපිංචා

👇 මුරුංගා

👇බාර්ලි

👇 මහදුරු

👇 කොමඩු

👇 බතල

👇කොහිල

👇මුකුණුවැන්න

👇 පොලොස්

👇කරවිල

👇සුදු ළූණු

👇කැරට්

👇කඩල

👇රතු හාල්

👇අලිගැටපේර

👇කිරි

👇කෙසෙල්මුව

👇බිත්තර

 

🌟🌟

(6) මාස 5න් මවුකිරිවලට අමතරව ආහාර ලබා දීම සිදු කළ හැකි තත්ව මොනවාද ?

 

📌දරු ප්‍රසූති නිවාඩු නැති වීම .

📌කිරි දෙවීමට නොහැකි තත්ව පැවතීම.

📌දරුවාගේ වර්ධනය අඩාල වීම.

 

👉දොවාගත් කිරි ගබඩා කළ හැකි තත්ත්ව මොනවාද ?

 

✴️කාමර උෂ්ණත්වයේ පැය 8

✴️ශීතකරණයේ පැය 24-48

✴️අධිශීතකරණයේ මාස 3

 

📌මේ මා පිළිතුරු දුන්නේ පොදුවේ බහුලව අසන ප්‍රශ්න කිහිපයකටයි. ඔබට ගැටලුවක් මේ පිලිබදව ඇත්නම් අප වෙත යොමු කරන්න.

 

📌ළමා රෝග හා සෞඛ්‍ය පිළිබඳව ඔබට දැනගත යුතු දේවල් ගැන ලිපියක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. ඉදිරි ලිපි වලින් ඒ ගැන කියන්නම්.

 

✍️ සටහන

 

Dr. Chanaka Galahitiyawa

Senior House officer

Paediatrics

Mahiyanganaya Base Hospital

blog_image
blog_image