blogImage

රුධිර කාන්දු පෙරණය

🌟 රුධිර කාන්දු පෙරණය පිළිබඳව නිවැරදිව දැනුවත් වෙමු 🌟

 

📌 වකුගඩු රෝගය සම්බන්ධව මීට පෙර ලිපි කිහිපයක් පළ වූ අතර මේ ලිපියෙන් වකුගඩු රෝගීන් සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණය පිළිබඳව සාකච්ඡා කරන්නෙමු.

 

👉 රුධිර කාන්දු පෙරණය යනු කුමක්ද ?

 

📌 වකුගඩු අක්‍රියතාවයකදී රෝගියාගේ රුධිරයේ තරල ප්‍රමාණය හා පරිවෘත්තීය අපද්‍රව්‍ය නියාමනය කිරීමටත් ශරීර තරලවල අයන සමතුලිතතාවය පවත්වා ගැනීමටත් කෘතිම වකුගඩුවක් ලෙස ක්‍රියාකරන උපකරණයක් මගින් සිදුකරන ප්‍රතිකාර ක්‍රමයකි.

 

👉 රුධිර කාන්දු පෙරණය සිදුකරන අවස්ථා මොනවාද ?

 

1. වකුගඩු අක්‍රීය රෝගීන්ගේ eGFR අගය 10 අඩුවීම.

 

2. රුධිරයේ පොටෑසියම් අයන අධික ලෙස වැඩි වීම.

 

3. ශරීර තරල අධි ප්‍රමාණ වීම.

 

4. Urea සංඝටක ශරීරය අධිකව එකතු වීමෙන් රෝග ලක්ෂණ මතු වීම.

 

📌 රුධිර කාන්දු පෙරණය සිදුකරන රෝගීන් දැනුවත් විය යුතු කරුණු.

 

1. ආහාර රටාව

 

⭐ ජලය අඩු, ලුනු අඩු ඝන ආහාර රටාවට යොමුවන්න.

⭐ පොටෑසියම් අධික ආහාර ගැනීමෙන් වලකින්න.

 

⭐ කෑමට නොගත යුතු පොටැසියම් බහුල පලතුරු.

 

❌ කෙසෙල්

❌ අඹ

❌ අලිපේර

❌ දොඩම්

❌ දුරියන්

❌ රට ඉඳි

❌ වියලි මිදි

❌ තැඹිලි වතුර

❌ පළතුරු යුෂ

 

⭐ කෑමට නොගත යුතු පොටෑසියම් බහුල එළවළු

 

❌ අල

❌ බතල

❌ මඤ්ඤොක්කා

❌ කැරට්

❌ බීට්

❌ වට්ටක්කා

❌ අළුකෙසෙල්

❌ මුරුංගා

❌ තක්කාලි

❌ කෙසෙල් මුව

❌ තද කොළ පැහැති එළවළු

 

2. ඖෂධ හා රුධිර පරීක්ෂාව

 

📌 ඔබ ලබාගන්නා සායනික ඖෂධ අමතක නොකර ලබාගන්න. මසකට වරක් අදාල රුධිර පරීක්ෂණ නොවරදවා සිදුකරගන්න.

 

3. ජීවන රටාව හා පවිත්‍රතාවය.

 

⭐ රුධිර කාන්දු පෙරණය කරන ස්ථානය ඉතා පිරිසුදුව පවත්වා ගන්න. නිතිපතා ව්‍යායාම් වල යෙදෙන්න.

⭐ ක්‍රියාශීලී වන්න.

⭐ සුපුරුදු රැකියාවේ නිරත වීමට උත්සාහ ගන්න.

 

4. වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම.

 

⭐ තරල ශරීරයේ අධි ප්‍රමාණ වීමේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වෙන්න.

 

1. හුස්ම ගැනීමේ අපහසුතාවය.

2. කකුල් දෙක ඉදිමීම.

3. කැස්ස

 

🚩මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහල්ගත වන්න.

 

👉 රුධිර කාන්දු පෙරන ප්‍රතිකාරයට ඔබ සූදානම් විය යුත්තේ කෙසේද ?

 

1. රුධිර කාන්දු පෙරණය පැය 4 කට වඩා ගත වන බැවින් ප්‍රතිකාරයට පෙර ආහාර වේලක් ලබා ගන්න.

 

2. ඔබගේ සායනික ඖෂධ නිසි පරිදි ලබා ගන්න.

 

3. ඇතැම් රෝගීන්ට රුධිර පීඩනය අඩු වීම සිදුවන බැවින් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයා දැනුවත් කර අධි රුධිර පීඩන ඖෂධ ලබාගැනීම සම්බන්ධ ව නිවැරදිව වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

🚩ඇතිවිය හැකි සංකූලතා.

 

👉රුධිර පීඩනය අඩුවීම

👉මාංශ පේශි වේදනාව

👉ඔක්කාරය

👉වමනය

👉හිසේ කැක්කුම

👉 පපුවේ වේදනාව

👉කොන්දේ වේදනාව

 

📌 වකුගඩු බද්ධ කිරීම සිදු කරන තුරු වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන රෝගීන් සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණය ඉතා වටිනා ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එය නිසි වේලාවට නියමිත පරිදි සිදු කරගැනීමෙන් අපහසුතා අවම කර ගනිමින් වකුගඩු රෝගයට ප්‍රතිකාර කළ හැකිය.

 

✍️ සටහන

 

Madhuka Piyumal

MO Dialysis

DGH Nuwaraeliya

blog_image
blog_image