blogImage

🔺ක්ෂය රෝගය

🔺ක්ෂය රෝගය

 

Mycobacterium tuberculosis නම් බැක්ටීරියාව ආසාධනය මඟින් වැළඳේ.

ප්‍රධාන වශයෙන් පෙනහළු ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්වයක් වුව ද මොළය, සුෂුම්නාව, වකුගඩු, අස්ථි ආදී ඕනෑම අවයවයක් තුළ ඇතිවිය හැක.

රෝගී පුද්ගලයෙකුගේ ප්‍රාශ්වාස වාතය සමඟ පිටවන බැක්ටීරියා ආශ්වාස වීමෙන් රෝගය ආසාධනය වේ.

බැක්ටීරියාව ආසාධනය වන සියල්ලන්ටම රෝගය වැළඳීම සිදු නොවන අතර ප්‍රතිශක්තිය හීන පුද්ගලයන් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් 1/4ක් පමණ ආසාධිතයන් වේ.

වසරකට රෝගීන් මිලියන 10ක් පමණ වාර්තා වන අතර ඒ රෝගීන් අතරින් මිලියන 1.6ක් පමණ මරණයට පත්වේ. මෙය කොවිඩ් රෝගයට පසුව ආසාධිත රෝගයක් ලෙස වසරකට වාර්තා වන වැඩිම මරණ ප්‍රමාණයයි.

එසේ වුවද නියමිත පරිදි නිසි කාලසීමාවක් ප්‍රතිකාර ලබාගැනීමෙන් නිට්ටාවටම මේ රෝගයසුවකර ගත හැක.

නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් දීර්ඝ කාලීන ශ්වසන රෝග, පෙනහළු පිළිකා, ශරීරයේ වෙනත් අවයව ද රෝගයේ බලපෑමට ලක්වීම, මරණය පවා සිදුවිය හැක.

 

🔺රෝග ලක්ෂණ

 

🔸දීර්ඝ කාලීනව පවතින කැස්ස

🔸ශරීරය කෙට්ටු වීම, ආහාර අරුචිය

🔸කැස්ස සමඟ රුධිරය පිටවීම

🔸රාත්‍රී කාලයේ දහඩිය දැමීම

🔸සවස් කාලයට උණ ඇතිවීම

🔸පපුවේ වේදනාව, මහන්සි ගතිය

 

🔺රෝගය හඳුනා ගැනීම සහ ප්‍රතිකාර

 

රෝග ලක්ෂණ මඟින් සායනිකව යොමුකරන රෝගීන්ගේ ශ්ලේෂ්මල පරීක්ෂාව, පපු ප්‍රදේශයේ X-ray පරීක්ෂාව, Mantoux පරීක්ෂාව නම් සරල රසායනික පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනාගත හැක.

ඒ සඳහා ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි ළය රෝග සායන හා ක්ෂුද්‍ර පරීක්ෂණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.

ඒ මඟින් රෝගය හඳුනාගැනීම හා ප්‍රතිකාර ලබාදීම නොමිලේම නිසි අධීක්ෂණයක් යටතේ සිදුකෙරේ.

 

මාස 6ක් පමණ නිසියාකාරයෙන්ම ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවකරගත හැක. ඇතැම් විට විශේෂිත අවස්ථා වලදී ප්‍රතිකාර කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවේ.

නිසි පරිදි අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම නිසා ප්‍රතිජීවක ඖෂධ මඟින් රෝගය පාලනය කිරීම අපහසු තත්වයක් ඇතිවිය හැක. එසේ වුවහොත් ප්‍රතිකාර වෙනස් කිරීම සහ ප්‍රතිකාර කාල සීමාව දීර්ඝ කිරීමට සිදු වේ.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්ෂය රෝගය මර්දනය සඳහා විශාල පිරිවැයක් දරමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ නිසා ඔබත් ක්ෂය රෝගය වැළඳුන අයෙකු නම් නිසි ප්‍රතිකාර ලබාගැනීම ඔබගේ වගකීමකි. ඔබේ සමීපතමයින් ඒ සඳහා යොමු කිරීමද සිදු කළ යුතුය. ඔබ ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ඔබ පමණක් නොව ඔබේ සමීපතමයන් ද රෝගය වැළඳීමේ අවධානමට ලක්වනු ඇත.

 

සටහන:

Dr.Eranda Gunathilaka Eranda Gunathilaka

SHO Medicine

Mahiyanganaya Base Hospita

blog_image
blog_image