blogImage

දණහිස් සන්ධිය බද්ධ කිරීම

දණහිස් සන්ධිය බද්ධ කිරීම දිවයිනේ ප්‍රධාන රෝහල් වල සිදුකරන ඉතා වටිනා ප්‍රධාන පෙළේ ශල්‍යකර්මයකි.

මුලින්ම දණහිස් සන්ධිය බද්ධ කිරීමට තුඩු දෙන රෝගී තත්ව ගැන දැන ගනිමු.

 

🔸ඔස්ටියෝ ආතරයිටීස්

🔸අනතුරු නිසා දණහිසට සිදුවන ආබාධ

🔸රුමටොයිඩ් ආතරයිටීස් රෝගය

🔸ආසාදන තත්ව මඟින් සන්ධියට වන බලපෑම

🔸Avascular Necrosis නම් තත්වය

🔸අනෙකුත් සන්ධි ආශ්‍රිත ප්‍රදාහමය තත්ව (Inflammatory Arthropathy)

 

🔺දණහිස් සන්ධිය බද්ධ කිරීමට ඔබ සූදානම් වන්නේ කෙසේද?

 

විකලාංග සායනයේදී ඔබගේ වෛද්‍යවරයා ඔබට දණහිස් සන්ධි බද්ධ කිරීම අවශ්‍ය බව තීරණය කිරීමෙන් පසු මෙම ක්‍රියාවලිය ආරමිභ වේ.ඔස්ටියෝආතරයිටීස් රෝගීන් සඳහා වයස 55 න් පසුව සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකට යොමුවීම සිදුවේ.

මුලින්ම විකලාංග සායනයේදී ඔබට මේ ශල්‍යකර්මය සඳහා නියමිත දිනයක් ලැබෙනු ඇත.

ශල්‍යකර්මයට ප්‍රථම MRSA පරීක්ෂණය සඳහා සාම්පල ලබා ගැනීම සිදුවේ.

MRSA පරීක්ෂණය ප්‍රතිඵල මත එය Negative නම් ශල්‍යකර්මයට දින නියම කරගනී.

එම පරීක්ෂණය Positive නම් Decolanization වීමට සිදුවේ.

(මේ සඳහා Chlorhexadine නම් විෂබීජ නාශක සමඟින් දින 3ක් ස්නානය කළ යුතුයි)

එසේ Decolanization වීමෙන් පසු නැවත සිදුකරන MRSA පරීක්ෂණය Negative නම් ශල්‍යකර්මයට දින ලබාදේ.

 

ශල්‍යකර්මය සිදු කිරීමට දින 2-3කට පෙර ඔබ රෝහල් ගත විය යුතුයි. (වෛද්‍ය නියමයට අනුකූලව)

 

එහිදී ඔබගේ මූලික රුධිර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

(FBC,S.Cr,B Urea,S.E,FBS ආදී ලෙස)

මීට අමතරව ECG පටි ලබාගැනීම සිදුකරයි.

 

මෙහිදී ඔබ ශල්‍යකර්මයට අවශ්‍ය නිර්වින්දනය සඳහා සුදුසුද නැද්ද යන වග නිර්වින්දන වෛද්‍ය කණ්ඩායම මඟින් පරීක්ෂණ කරනු ලැබේ.

 

එමෙන්ම ඔබගේ වෛද්‍යවරයා විසින් මේ ශල්‍යකර්මය, එහිදී ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු 

 

සටහන:

Dr.Tharindu Dilan Nadeesha

Medical Officer

Orthopaedic Unit

DGH Vavuniya

blog_image
blog_image