ස්නායු පිරවීමක් සිදුකර රෝගී දත ආරක්ෂා කරගන්න..
ස්නායු පිරවීමක් සිදුකර රෝගී දත ආරක්ෂා කරගන්න......
🦷🦷🦷
📍වේදනා දෙන දතක් ගලවා ඉවත් කිරීමට වඩා ඒ දත ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇතොත් එය ඉතාම සුබ ආරංචියක් විය හැකියි.☺️☺️
මීට දශක කීපයකට පෙරාතුව දිරා ගිය හෝ වේදනා දෙන දතක් ගලවා ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ☹️ නමුත් අද වන විට ස්නායු පිරවීමක් (Root Cannal Therapy / Nerve Filling) මඟින් ඔබේ දත රැක ගන්න හැකියාව තිබෙනවා.😎😎
📌දතක් ගලවා ඉවත් කිරීම අවාසියි....😒😒
📍අපේ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් දත් 32ක් අපට ලැබී තිබෙනවා.😃 ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ආහාර සපා ගැනීමට දත් උපකාරී වෙනවා.
📍මුහුණේ අලංකාර පෙනුමට දත් සියල්ලම මනා ලෙස පිහිටීම වැදගත්. 🥰
🤗🤗
මේ නිසා ස්වභාවික දතක් මුඛයෙන් ගලවා ඉවත් කිරීම රෝගියාට අවාසියි.😒
📌ස්නායු පිරවීමක් කියන්නේ කුමක්ද? ...🤔🤔
වේදනාව සහිත හෝ දිරාගිය දතක බැක්ටීරියා සහ ආසාදිත පටක ඉවත් කර විෂබීජ නැති අන්දමින් දත පවත්වා ලබාගැනීම සඳහා සිදු කරන විශේෂිත පිරවුමක් ස්නායු පිරවීමක් යනුවෙන් හැඳින්වෙනවා.🦷😎
📌දතක ස්නායු පිරවීමේදී මේ ගැන සිතිම අත්‍යවශ්‍යයි....🤗🤗
🦷ඔබට වේදනා ගෙන දෙන දතක් ගලවා ඉවත් කිරීම වෙනුවට ස්නායු පිරවීමක් සිදු කිරීමට ඔබ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියහොත් සමහර විට දන්ත ශල්‍ය වෛද්‍යවරයා ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.😒😒
නමුත් ඔබ එතැනින් නවතින්න එපා තවත් වෛද්‍යවරයෙකුගෙන් ඒ ගැන විමසා දැනගන්න.😁😁
📌ස්නායු පිරවීමක් සිදු නොකළ හැකි අවස්ථා තිබෙනවාද? 🤔
🦷ඉතාම කලාතුරකින් එවැනි අවස්ථා තිබෙනවා. අපි ඒ ගැන සඳහන් කරනවානම්...😞
📍හදිසි අනතුරක් වැනි අවස්ථාවකදී දත සිරස් අතට පුපුරා තිබීම.😟
📍 දත විදුරු මසට යට කොටස දක්වා දිරාපත් වීම.😟
📍හණු අස්ථිය දිය වී තිබීම.😟
📌දතක් දිරා පත් වීමට පෙරාතුව ආරක්ෂා කර ගත යුතු බව රෝගියාට තීරණය කර ගත හැකි අවස්ථා තිබෙනවාද....? 🤔
🦷බොහෝ රෝගීන් වෛද්‍යවරයා හමුවට පැමිණෙන්නේ දතක් වේදනා දෙන තත්ත්වයට පත් වූ විටයි. 😕😕
නමුත් ඊට පෙරාතුව රෝගියාටම දත ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය දැක්විය යුතු අවස්ථා තිබෙනවා..😎
📍සීතල හෝ උණුසුම් දෙයක් අනුභව කරන විට දත හිරි වැටීම 🥶
📍 දත කළු පැහැ හෝ අවපැහැ වීම.😓
📍විදුරුමස තද කරන විට වේදනාව😢
📍යමක් හපන විට ඇති වේදනාව😖
📌ස්නායු පිරවීමක් සිදු කිරීමේදී ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.....😀
🦷දතක් ස්නායු පිරවීමක් වෙනුවෙන් ඔබ යොමු වෙනවා නම් ඒ සඳහා සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වගේම මෙම ක්‍රියාවලිය වෙනුවෙන් පහසුකම් සහිත දන්ත ශල්‍යාගාරයක් වෙත යොමු වීම වැදගත්👍
🦷එවැනි ආරක්ෂිත පියවරක් යටතේ ස්නායු පිරවීම සිදු නොවුණහොත් රෝගියා විවිධ අපහසුතාවයන්ට පත් වීමට ඉඩ තිබෙනවා.😢
📌ස්නායු පිරවීම සඳහා අදියර කිහිපයක් තිබෙනවාද?🤔🤔🤔
📍ඔව්, ☺️🤗
මෙය අදියර තුනක් යටතේ සිදු වෙනවා.
නමුත් හදිසි අනතුරකින් සිදු වුන හානියක් නිසා ඇති වුන තත්ත්වයක් නම් එක් අවස්ථාවකදී ම ස්නායු පිරවීම සිදු කරනවා.
අපි මුලින්ම රෝගියාගේ දතේ එක්ස්රේ ඡායාරූපයක් ලබා ගන්නවා.එහිදී දත ආසාදනය වී ඇති අන්දම සහ එහි පැතිරීම ගැන හඳුනා ගන්න පුළුවනි.🤗
ඒ හැර ආසාදිත වුණ දතක් නම් වාර තුනක්වත් ඒ සඳහා රෝගියාට පැමිණීමට සිදු වෙනවා.
♦️ස්නායු පිරවීමේදී වේදනාවක් ඇති වෙනවාද ?
බොහෝ රෝගීන් ස්නායු පිරවීම වේදනා සහිත යැයි සිතනවා.😢😢😢😢 නමුත් එහි කිසිදු ලෙසකින් වේදනාවක් ගෙන දෙන්නක් නොවේ.
අදාළ ස්ථානය නිර්වින්ද නික්ෂේපන (Injection) 💉හෝ දියර විදින මඟින් හිරි වැටීමට පත් කරනවා.ඒ නිසා මම මුලින් සඳහන් කළ පරිදි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වගේම පහසුකම් ඇති දන්ත ශල්‍යාගාරයක් තෝරා ගැනීම ඉතාම වැදගත්.😎
එසේ නොමැතිව සිදු වෙන ස්නායු පිරවීම ගැලවෙන්න,දත කැඩෙන්න වගේම නැවත ස්නායු පිරවීමකට යෑමේ අවස්ථා ඇති වෙනවා.
එවිට රෝගියාට ස්නායු පිරවීමක තිබෙන වටිනාකම ගැන පවා විශ්වාසය නැති වෙනවා.😣
📌ස්නායු පිරවීමකින් පසුව ඇති අපහසුතාවයන් ගැනත්....😕
🦷ස්නායු පිරවීමකින් පසුව සාමාන්‍ය වේදනාවක් තිබෙනවා . ඒ වගේම කම්මුල ප්‍රදේශය ඉදිමෙනවා.😞 වේදනාව සඳහා වෛද්‍යවරයා විසින් වේදනා නාශක ලබා දෙනවා. මේ තත්ත්වය දින දෙක තුනකින් සුවය ලබනවා.😎
නමුත් දිගටම මේ තත්ත්වය තිබෙනවා නම් ඔබ නැවත දන්ත වෛද්‍යවරයා හමු වීම අවශ්‍යයි. එවිට දත පිරිසිදු කිරීමෙන් පසුව විශේධිත ඖෂධ යොදනවා. එයින් වේදනාව ගැන තිබෙන පැමිණිලි අවසානයි.🤩🤩
📌 ස්නායු පිරවීමක් සිදු කරන ලද දත දිරාපත් වෙන්න පුළුවනිද?🤔🤔🤔
🦷ස්නායු පුරවන ලද දත අජීවියි.අපේ මුඛයේ තිබෙන අනිත් දත් සජීවියි. ඒනිසා ඒ දත් නිතරම සජලනයෙන් යුක්ත වුණත් ස්නායු පුරවන ලද දත විජලන තත්ත්වයට පත් වීමට වැඩි ඉඩක් තිබෙනවා.🙂
ඒ වගේම දැඩි යමක් හපන්න අපහසුයි.😣
මේ තත්ත්වයට විසඳුමක්.....
ස්නායු පුරවන ලද දත ආරක්ෂා කර ගැනීමට අපි ආරක්ෂිත කොපුවක් (Crown) එකක් යොදනවා 🤩. ස්නායු පුරවන ලද දතක ශක්තිය මේ නිසා ආරක්ෂා වෙනවා. ඊට අමතරව රෝගියා විසින් සාමාන්‍ය දන්ත සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන පුරුදු පවත්වා ගැනීමත් අවශ්‍යයි.🤗🤗🤗
ඒ පුරුදු තමයි 👇👇👇👇👇
📍යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම.😁
📍හොඳන් දත් මැදීම සහ මුඛ සෝදන දියරයක් පාවිච්චි කිරීම.😁
✍️ සටහන
නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී සමන්ත කුමාර කිතලවආරච්චි ,
මුඛ පිළිකා පර්යේෂණ ආයතනය,
සකුවි දන්ත රෝහල ,කුරුණෑගල
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය