blogImage

කනේ ඇති වෙන කලාඳුරු

කනේ ඇති වෙන කලාඳුරු

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

කණේ කැසීමක් ඇති වුනාම අපට කිසිම ඉවසීමක් නැහැ. අතට අහුවෙන හැට්ට කටුව, කොණ්ඩ කටුව එහෙමත් නැත්නම් කොට්න් බඩ් (Cotton bud) එකක් යොදා ගෙන කන කසනවා. කනේ කැසීම් ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

👇👇👇👇👇👇👇

👉කනේ ඇති කලාදුරු

👉කනට වතුර ගියාම ඇති වෙන පුස් හා දිලීර

👉කනට කෘමි සතුන් ඇතුලු වීම

👉සෙම සහ පීනස

👉දිය වැඩියා තත්වය

👉සමේ ආසාදන

🤷‍♂️

මේ සියල්ලට අමතරව පුරුද්දට මෙන් කන කසන පුද්ගලයන් සිටිනවා.

ඒ නිසා කන කැසීමකදී ඊට බලපාන හේතුව කුමක්දැයි වෛද්‍යවරයා විසින් හඳුනා ගන්නවා.

📌 කලාඳුරු (ear vax ) කියන්නේ...

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

මිනිස් කන හඳුනා ගැනීමේ පහසුව සඳහා අපට කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. 

එනම් 

👉බාහිර කන 

👉මැද කන  

👉ඇතුළු කන 

වශයෙන් සඳහන් කරන්න පුළුවනි. අපේ කනේ බාහිර ශ්‍රවණ නාලය කාටිලේජ සහ අස්ථි වලින් සෑදි සමෙන් ආවරණය වී තිබෙනවා.👂🏻 

කලාඳුරු නිපදවීම කාටිලේජ කොටසින් සිදු වෙනවා. සාමාන්‍යයෙන් කලාඳුරු සමෙන් ගැලවෙන සෛල සමග ඉබේම එළියට එනවා.

📌 කලාඳුරු නිසා අපට ලැබෙන වාසි කීපයක් තිබෙනවා.

👉 කන් බෙරය හා කනෙහි සංවේදී කොටස් ආරක්ෂා කිරීම

👉කනට දුවිලි වැනි බාහිර අපද්‍රව්‍යන් ඇතුලු වීම වලක්වා ගැනීම

👉දිලීර සහ බැක්ටීරියා විනාශ කිරීම

👉කෘමි සතුන් ඇතුලු වීමෙන් ආරක්ෂා කිරීම

👉කන් බෙර හා කනේ අභ්‍යන්තර අවයව ආරක්ෂාවට

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

කනට ඉබේම පිරිසිදු වීමේ (self cleansing organ) හැකියාවක් තිබෙනවා. ඒ නිසා කන සුද්ධ කිරීමක් අවශ්‍ය නැහැ. මේ හැකියාව ජෛව විද්‍යාත්මක තත්වයක් . අපිට නොදැනෙන අන්දමින් හැදෙන කලාඳුරු අපට නොදැනෙන අන්දමින් ඉවත් වෙනවා. අනවශ්‍ය කලාදුරු කනෙන් පිටතට පැමිණෙනවා. 🤗🤗🤗

මේ තත්වය 90% කට පමණ පොදුයි. නමුත් 10% ක් වැනි පිරිසකගේ කලාදුරු වලට ස්වභාවිකට එලියට පැමිණීමට නොහැකිව කන තුළ එකතු වී බාහිර ශ්‍රවණ නාලය තද වී ඇතුලට වර්ධනය වීමට පුළුවනි. එවැනි පුද්ගලයන්ගේ කලාදුරු ඉවත් කිරීම අවශ්‍යයි. නමුත් ඒ සඳහා කොට්න් බඩ්, කටු වැනි දේ කන තුළට ඇතුලු කළාම කලාදුරු තවත් ඇතුලට තල්ලු වෙනවා. ඒ විතරක් නොවෙයි. මේ ඇතුලු කරන විවිධ කටුවලට කන තුවාල වී ආසාදනය වීමට වගේම ඇතුලත තුනී පටලයටත් හානි සිදු වෙන්නත් පුලුවන්.☹️☹️☹️🚫☹️☹️

 ඒවායෙන් කනට විෂබීජ ඇතුලු වී කන් කුහරයටත් සැරව පිරෙන්න පුළුවනි. ඒ නිසා කලාඳුරු ස්වයංක්‍රිය ලෙසින් ඉවත් නොවන පුද්ගලයන් ඒවා වෛද්‍යවරයෙකු ලවා ඉවත් කර ගැනීම හෝ ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කිරීම අවශ්‍යයි.☝️☝️

⭕වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

කලාඳුරු සිර වී ඇත්නම් ඒවා මෘදු කිරීමට ග්ලිසරින් හෝ ඔලිව් තෙල් වැනි දෙයක් වෛදවරයා විසින් නිර්දේශ කරනවා.

 වෛද්‍ය උපදෙස් මත ලබා දෙන මාත්‍රාව අනුව බින්දු යෙදා කලාඳුරු මෘදු වූ පසුව (සතියකින් පමණ) කන සේදීම සිදු කරනවා. 

මීට පෙරාතුව යම් ආසාදන තත්වයක් නිසා කන් බෙරය සිදුරු වී ඇත්නම් කන සේදීම සුදුසු නැහැ. එවැනි ඉතිහාසයක් ඇත්නම් ඒ බැව් වෛද්‍යවරයාට නොසඟවා සඳහන් කරන්න. එවැනි අවස්ථාවකදී කන සේදීම වෙනුවට චූෂණ යන්ත්‍රයක් භාවිතා කිරීම සිදු වෙනවා. සමහර විට කලාඳුරු තද ලෙසින් බාහිර ශ්‍රවණ නාලයේ ඇලි තිබෙන විට නිර්වින්දන තත්වය යටතේ කලාඳුරු ඉවත් කිරීම සිදු වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

📌 ස්නනාය කරන විට කනට වතුර ගියොත්...?

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

අපි ස්නනාය කරන විට කනට වතුර යන අවස්ථා තිබෙනවා. මේවා අප ජීවිතයේදී ලබා ඇති සාමන්‍ය අත්දැකීම්. කන කියන්නේ වතුරට ප්‍රතිරෝධී (water resistence) අවයවයක්. 🤗🤗🤗

ඒ නිසා කනට වතුර ගියාට එය කන් බෙරය පසාර කර ගෙන ඇතුලට යන්නේ නැහැ. අනතුරක් සිදු වෙන්නෙත් නැහැ. නමුත් කනට වතුර ගියාම ඇති අපහසුව නිසා අපට කණ පිරිලා වගේ දැනෙනවා. ජල මාධ්‍යක් නිසා බාහිර ශ්‍රවණ තරංග ඇතුලට යන්නේ නැහැ.

🤗🤗🤗🤗🤗🤗

සාමාන්‍යයෙන් කනට වතුර ගියාම අපි අනිත් කනටත් වතුර දාලා හරවනවා. නමුත් මේ ගැන එතරම් කලබල විය යුතු නැහැ. අපහසුතාවයක් ඇත්නම් කපු රෙදිවලින් සාදා ගත් පහන් තිරයක් කන ඇතුලට යවන්න. ඒ වගේම කලාඳුරු ස්වභාවිකව ඉවත් නොවන පුද්ගලයන්ට මේ තත්වය වේදනාකාරි වෙනවා. එවැනි අයට නම් පහන් තිරයකින් වතුර ඉවත් කරන්න අපහසුයි. එවැනි අවස්ථා වලදී වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

☝️☝️☝️

✍️✍️✍️✍️✍️✍️✍️

උගුර,කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්. සෙල්වරත්නම්

blog_image
blog_image