blogImage

උස වැඩි කරවන බෙහෙත්

උස වැඩි කරවන බෙහෙත්

අපේ ලංකාවේ සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකුගේ උස කීයද ඇහවොත් දන්නවාද? 🤔 

වැඩිහිටි ලාංකික පිරිමියෙක් සාමාන්‍යයෙන් 165cm ඒ කියන්නෙ දළ වශයෙන් අඩි පහයි අඟල් පහක් විතර උසයි.

💁‍♀️💁‍♀️💁‍♀️

හැබැයි ලංකාවේ ගොඩක් කොල්ලො අඩි හයක් වගේ උස යනවනම් ශෝක්නේ කියලා හිතනවා.😍

📌  අපේ උස තීරණය වන්නේ කොහොමද?

🤔🤔🤔🤔🤔

80%ක් අපේ උස තීරණය වන්නේ ජාන මඟින්. 

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

අපේ උස තීරණය කර ජාන කිහිපයක් තියෙනවා.ඒවායේ බලපෑම මත තමයි උස තීරණය වන්නේ.☝️

අපි දන්නවා ජාන අපිට ලැබෙන්නෙ අපේ දෙමව්පියන්ගෙන් කියලා.💁‍♂️

📌 ඒ කියන්නෙ අපි උස යන්නෙත් අම්මලා තාත්තලා ගානටමද?

🤔🤔🤔🤔🤔

ඒක හැම තිස්සෙම එහෙම වෙන්නෑ. අපිට උරුම වෙන ජාන ‍අපේ දෙමාපියන්ගෙ පරම්පරා කිහිපයක් ඔස්සේ පැවතගෙන එන ජාන.

ඉතින් සමහරවිට තාත්තා කොට උනාට තාත්තගෙ පරම්පරාවෙ අය උස නම්, සමහර විට පුතා උස යනවා.

ඒ වගේම ඒ ඒ ජාන අපේ පිහිටන විදිය අනුවත් අපේ උස වෙනස් වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ජාන 80%ක් වගේනෙ බලපාන්නෙ ඉතින් ඉතිරි 20% අනුව සමහර දරුවන් දෙමාපියන්ට වඩා උස වෙන්න පුළුවන්.

🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

📌 උස ගිහිල්ලා ඉවර වෙන්නෙ කොයි කාලෙද?

🤔🤔🤔🤔🤔🤔🤔

අපි පුංචිම කාලෙ අපි බලාගෙන ඉද්දි උස යනවා වගේ තේරෙනවා.ඊට පස්සෙ ටික ටික උස යන වේගෙ අඩු වෙලා තවත් උස යන්නෙ නැති වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ඉතින් මේකට බලපාන්නෙ අපේ දිග අස්ථි කෙළවරේ තියෙන කොටසක්. මේකට අපි Epiphyseal plates නැත්නම්  growth plates  කියලා කියනවා.

🤷‍♂️🤷‍♂️

අස්ථිවල මේ කොටස මගින් තමයි අස්ථියේ දිග වැඩි කිරීමට දායක වෙන්නෙ.ඒ නිසා තමයි අපි උස යන්නෙ.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

📌 කවදද මේක නවතින්නෙ?

🤔🤔🤔🤔🤔🤔🤔

ඒ ඒ අස්ථියට මේ වර්ධනය නවතින කාලයක් තිබෙනවා.නමුත් සළකා බැලුවොත් අපේ නව යොවුන් වියට පත් වීම සම්පූර්ණ වුණාම මේක නවතිනවා.

▪️ගැහැනු ළමයින්ට වයස 13-15 දී වගේ 

▪️පිරිමි ළමයින්ට වයස 15-17 දී වගේ

හැබැයි මේ වයසට පස්සෙත් කෙනෙක් තවත් අඟල් කිහිපයක් උස යන්න පුළුවන්.😃😃😃

📌 උස යන්නෙ නැති එක ලෙඩක්ද?

🤔🤔🤔🤔🤔🤔

මිටි වීම , ඒ කියන්නෙ උස අඩු වීම හැම තිස්සෙම ලෙඩක් නෙවෙයි.ඒ ඒ වයසට පැවතිය යුතු සාමාන්‍ය උසක් තියෙනවා. සමහර අය ඒ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි.

නමුත් සමහර රෝග නිසාත් උස යන එකට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

සමහර ජාන ආශ්‍රිත රෝග සඳහා උදාහරණ ලෙසට

👉Turner Syndrome 

👉Down Syndrome

👉Noonan Syndrome

👉වර්ධන හෝර්මෝනය අඩුවීම නිසාත් උස අඩු වෙන්න පුළුවන්

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

📌 උස යන්න බෙහෙත් නැද්ද?

🤔🤔🤔🤔🤔🤔

ගොඩක් අයගෙ දැවෙන ප්‍රශ්නෙ තමයි මේක.උත්තරේ තමයි බෙහෙත් තියෙනවා.හැබැයි ලෙඩක් තියෙනවානම් තමයි ඒ බෙහෙත් දෙන්නෙ.🤷‍♂️

ඒ කියන්නෙ පුංචි දරුවන්ගේ වර්ධන හෝර්මෝන හිඟතාවය සහිත රෝගයකින් පෙළෙනවා නම් එයට ප්‍රතිකාර ලෙසට වර්ධන හෝර්මොනය ලබා දීමෙන් උස වැඩි කරගන්න පුළුවන්.

🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

 මේකට හොඳම උදාහරණය තමයි සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී.😍

📌 වැඩිහිටි අපි ඉන්ජෙක්ෂන් ගැහුවොත් උස යනවද?

🤔🤔🤔🤔🤔

දුකින් වුණත් කියන්න වෙන්නෙ  නැහැ කියලා. මොකද කලින් කිව්ව දිගු අස්ථිවල වර්ධක කොටස් හා වෙලා ඉවර නිසා ආයෙ උස යන්නෙ නැහැ.😢

📌 තරුණයන්ට උස යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

🤔🤔🤔🤔

තියෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️ 

ඒක ශල්‍ය කර්මයක්. ඒකට අපි  කියන්නෙ Limb lengthening Surgery කියලා.

👉 මේක පියවර කිහිපයක් ඔස්සේ මාස 6ක් තුළදී  ‍අපේ පාදයේ අස්ථිවල දිග වැඩි කරවන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් අඟල් 6කින් විතර උස වැඩි කරගන්න පුළුවන්. මේ ගැන විස්තර කැමති අයට අන්තර්ජාලයෙන් හොයලා බලන්න පුළුවන්.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

📌 ව්‍යායාම කරලා උස යන්න බැරිද?

🤔🤔🤔🤔🤔🤔🤔

උස යන්න පුළුවන් ව්‍යායාමයක් තවමත් පරීක්ෂණ කරලා තහවුරු කරලා නෑ.

වයස අවුරුදු 30ට වැඩි කෙනෙක්ට උස යන්න කරන්න පුළුවන් දෙයක් නැතිම තරමයි.☹️

හැබැයි තවමත් නව යොවුන් වියේ පසුවන ළමයින්ට,

▪️සුවදායික ප්‍රමාණවත් නින්ද

▪️උසට සරිලන බර පවත්වාගෙන යාම

▪️ක්‍රියාශීලීව ව්‍යයාමවල තිරත වීම.

▪️සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම.

මඟින් වර්ධක හෝර්මෝන ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමක පවත්වා ගනිමින් උස යන්න ට්‍රයි කරන්න පුළුවන්

blog_image
blog_image