නරක් වුණ චිකන් කෑවා නම් මොකද වෙන්නෙ,
දැන් ඇත්තටම ඔය නරක් වුණ චිකන් කෑවා නම් මොකද වෙන්නෙ,
🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️
Fb එකේ Share වෙන පෝස්ට් එකක් නිසා මල්ලි මගෙන් ඇහුවා .
මේ දවස්වල මතුවුණ News එකක් නිසාම නෙවෙයි නමුත් ලංකාවේ කෑම කඩවල් වල ඇත්තම තත්ත්වෙ ගොඩක් වෙලාවට මේ වගේම නිසා.කවුරු කවුරුත් මේ ගැන දැන ගන්න එක හොඳයි.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️
🍗 චිකන් හෝ වෙනත් ඕනෑම ආහාරයක් මඟින් අපිට ආහාර විෂ වීමක් එහෙමත් නැත්නම් Food Poisoning එකක් ඇති වෙන්න පුළුවන්.
😣😣😣😣
නමුත් චිකන්වලින් Food Poisoning වෙන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.😓
මොකද චිකන් නරක් වෙනකොට ඒ තුළ Salmonella Campylobacter වගේ විවිධ බැක්ටීරියා අඩංගු වී තිබීමේ ඉඩකඩ වැඩියි.
😱😱😱😱
🤔🤔🤔🤔
📌ආහාර විෂ වීමක් කියන්නෙ මොකක්ද?
💁♀️💁♀️💁♀️💁♀️💁♀️
බැක්ටීරියා හා ඒවායේ විෂ ද්‍රව්‍ය හෝ විවිධ වෛරස් රසායනික ද්‍රව්‍ය , පැරසයිටාවන් මගින් දූෂිත වූ ආහාර මෙන්ම ජලය පාරිභෝජනය නිසා ඇතිවන ලෙඩක් තමයි ආහාර විෂ වීමක් කියන්නෙ.☝️☝️
📌 ආහාර විෂ වීමකදි අපට දැනෙන ලක්ෂණ මොනවාද?
🤔🤔🤔🤔🤔🤔🤔
▪️බඩේ අමාරුව- විටින් විට බඩේ මැද හා උඩ කොටස්වල දැනෙන තදබල වේදනාව
▪️වමනය, ඔක්කාරය
▪️බඩ එළිය යාම - ඇතැම් අවස්ථාවලදී ලේ හෝ සෙම මිශ්‍රව බුරුල්ව මලපහ වැඩි වාර ගණනක් පිටවීමට ඉඩ ඇත.
▪️හිසරදය, ක්ලාන්ත ගතිය
▪️බඩ පිපුම
▪️උණ රෝගය
මේ රෝග ලක්ෂණ මතුවීමේ කාලය, එහි දරුණු බව ඒ ඒ බැක්ටීරියා හා ආසාදිත ප්‍රභේද මත වෙනස් වෙයි.
🤷♂️🤷♂️🤷♂️🤷♂️
⭕ ඔබ කළ යුත්තේ කුමක්ද?
ගොඩක් වෙලාවට මේ තත්ත්වය ඔබේ ප්‍රතිශක්තිකරණය තුළින්ම පාලනය වෙනවා. 10%ක් වගේ දෙනාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්න අවශ්‍ය වෙනවා
💁♀️💁♀️
නමුත් ,
▪️රෝග ලක්ෂණ ඉතා දරුණු නම්
▪️කුඩා දරුවන්ට වැළඳී ඇත්නම්
▪️වයෝවෘද්ධ හා රෝගී අයෙක්ට වැළඳී ඇති විටදී
👉වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා උචිතය.
⭕නිවසේදී කළ යුතු දේවල්
👇👇👇👇👇👇👇
👉හොඳින් දියර වර්ග පානය කරන්න.
👉ආහාර විෂවීම නිසා ඔබේ ශරීරයෙන් ජලය විශාල
වශයෙන් පිටවීම නිසා ඔබව විජලනයට ලක්වෙන්න පුළුවන්
මේ නිසා හැකි තරම් දියර වර්ග පානය කරන්න.
👉හොඳම පානය තමයි ජීවනී.💁♂️
👉මීට අමතරව කැඳ , සුප්, ස්වභාවික පළතුරු යුෂ ආදියත් හොඳයි.
👉 කිරි , කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩිපුර ආහාරයට ගැනීමෙන් වළකින්න.
පාසලක හෝ නිවාස කිහිපයක හෝ පවුල් කිහිපයකට බලපා ඇති තත්ත්වයක් නම් ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලය (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් (PHI) හට දන්වන්න.
💁♂️💁♂️💁♂️💁♂️💁♂️
📌 ආහාර විෂ වීම වළක්වාගන්නේ කොහොමද?
💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️
මේ දවස්වල චිකන් ගැන වැඩිපුර කතා කරන නිසා චිකන් ගැන කියන්නම්කෝ...
💁♀️
👉ගබඩා කිරීමේදී.........
ශීතකරණයක් පතුලේ හොඳින් වැසූ ආරක්ෂිත භාජනයක ගබඩා කරන්න.
චිකන් වල යුෂ අනෙක් ආහාර ද්‍රව්‍යවල ගැටීම වළකින ආකාරයට ගබඩා කිරීම වැදගත්...☝️
👉පිළියෙල කිරීමේදී...
පිළියෙල කිරීමට පෙර සබන් දමා තත්ත්පර 20ක් දෑත් සොදන්න.
මේක නම් හැම ආහාරයක්ම පිළියෙල කිරීමට පෙර සිදු කරන්න.
👉ගලා යන ජලයෙන් සෝදා හරින්න.
💁♂️ පිසීමේදී සෙල්සියස් අංශක 74 උෂ්ණත්වයේදීවත් උයා ගන්න.
💁♀️ පිසූ ආහාර නැවත පාරිභෝජනයට ගන්නේ නම්, පැය 2ක් ඇතුළත එය ශීතකරණයේ තබන්න.
✍️සටහන
Dr.Chinthaka Wijesekara
Medical officer
Microbiology unit
DGH Nuwaraeliya
💻 මූලාශ්‍රය- www.cdc.gov, Chicken and Food
poisoning
Medscape, Food poisoning, Treatment,
Management
✍️✍️✍️✍️✍️
Dr. Chinthaka Wijesekara
Medical Officer,
Microbiology Unit,
DGH-Nuwara Eliya