blogImage

කාඩියක් ටෙම්පොනාඩේ කියන මාරාන්තික තත්වය.

ඊයෙ මගේ වාට්ටුවට රෝගීන් යොමු කරන දිනය .හවස 5 ට විතර S.Rගෙන් (ජේශ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරයාගෙන්)හදිසි ඇමතුමක්.වයස 40 වියේ පසුවන  පිරිමි  රෝගිකුගේ හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා වම් කෝෂිකාව පුපුරලා. රුධිර  පීඩනය 40 ත් 60 ත් අතර.

කාඩියක් ටෙම්පොනාඩේ  කියන මාරාන්තික තත්වය.

නිර්වින්දනය කරන විට රෝගියා ගේ හදවත නවතින්න පුලුවන් .ඕපන් කරන්නද සර් කියලා ඇහුවා.වෙන මොනවා කරන්නද ,හරියන්නේ නම් නැති  වෙයි,ගන්න ඔපරේෂන් එකට කියලා කීවා.

මම පිටත් වුනා බත්තරමුල්ලේ කොස්වත්ත හංදියෙන් ඕසෙට ට්‍රැපික්.කෝකටත් හෙඩ්ස් ලයිට්ස්  ඕන් කරගත්තා .කොහොම හොස්පිටල් එකට ගියාද දන්නේ නෑ.😃බෙන්ස් ලෑන්ඩ්රෝවර් නෙවෙයි .හොන්ඩා වෙසල් 2014 තාමත් පාගපුවාම සින් ගාලා යනවා ,නුමුත් විටින් විට් කාර්මික දෝෂ 😃.Poor fellow .

ඩ්‍රයිවත්  විශ්‍රාම යන්න ඉන්නෙ වයස 63  යි.ඔපර්‍රේෂන් කාමරේට යන කොට දේහධාරී පුද්ගලයකු ඔපරේෂන්  මේසය මත , වෛද්‍යවරුන් 4 දෙනකු පමණ ඔහු වටකරගෙන නිර්වින්දනය කරන්න රෝගියා පිළිවෙළ කරනවා.මට  මතක්  වුනේ

" ගලිවර් හා ලිලිපුටියන්ස්". කොච්චර හදිසි හෘද ශල්‍යකර්මයකදී වුනත් පැයක් හමාරක් ගතවෙනවා නිර්වින්දනයට විතරක් .කොහොම හරි නිදහස් අධ්‍යාපනය ලබලා බැනුම් අහන වෛද්‍යවරුන් කීපදෙනෙක් රෝගියාව නිර්වින්දනය කරන අතරේ අපි ලෑස්ති වුනා නිර්වින්දනය නැතිව හරි පපුව විවෘත  කරන්න, හෘදය නැවතුනොත් හදිසියේ චැප්ටර් ක්ලෝස්.

මේ අතර තුර මම නීතිමය කටයුතු සඳහාත් ලෑස්ති වුනා.රෝගියාගේ තත්ත්වය බරපතලයි රෝගියාගේ ජීවිතය නැතිවීමට තිබෙන සම්භාවිතාව ඉතා වැඩියි කියලා සියලු විස්තර රෝගියාගේ පාර්ශවයට කියලා ශල්‍යකර්මයට කැමැත්ත ගන්න උපදෙස් දුන්නා.වැඩේ වැරදුනොත් ලෝකෙ තියෙන පට්ටම පට්ට කුනුහරුප අහන්න වෙන්නේ මට නැත්නම් .එකෝ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණයෙන්ම දිනය හා වෙලව දාලා ලියන්න කීවා.ඇන්ජිඕග්‍රෑම් පරීක්ෂණය හදිසි තත්වය හා රෝගියාගේ අස්ථාවර භාවය නිසා කළේ නෑ කියලා ලියන්න කීවා.ටිකක් සැරෙන් කිව්වා රිපොර්ට් එක නැත්නම් ශල්‍යකර්මය කරන්නේ නෑ කියලා .කාඩියෝලොජි එස් ආර් මහත්තයා මගෙත් එක්ක අමනාප වුනාද කියලා හිතුනා.මට ලෙඩා බයිපාස් කරන්න වෙන්නේ කිරීටක ධමනි අතගාලා  බලලා.එහෙමත් මම කරලා තියෙනවා පිහියෙන් ඇනලා ආ රෝගීන්ට .මාධ,ය උසාවියෙන් කියන්න පුලුවන් ,ඇන්ජිඕග්‍රෑම් නැතුව බයිපාස් කරලා ලෙඩා මැරුවා කියලා .ඔය මිනීමරුවා අල්ලපියව් කිව්වොත් මහලු මා මොන ඒරොප්පේ යන්නද?.

ලෙඩා බේරගන්නත් ඕනෑ.ඒක ප්‍රමුඛතාවය.නුමුත්,විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විදියට ඉන් මතුවෙන නීතිමය හැල හැප්පීම් වලට ලෑස්ති වෙන්නත් ඕනෑ.විශ්‍රාම යන්න  ඔන්න මෙන්න මම හොද චේතනාවෙන් රෝගියකුට ප්‍රතිකාර කොට  උසාවි  යන්නේ ඇයි?වෛද්‍යවරුන් වන අප සමාජ මාධ්‍ය වල 🐕 ගානට  වැටෙන්නේ ඇයි?.

කෙසේ නුමුත්,රොගියාගේ පුපුරා ගිය වම් කෝෂිකාව අලුත්වැඩියා කොට ,ලේ කැටිත්තකින් සම්පුර්ණයෙන්ම අවහිර වෙලා මාවිල් ආරුව වැහුවා වගේ තිබූ දකුණු කිරීටක ධමනිය බයිපාස් කලා.වම්  කිරීටක ධමනි අතගාලා බල්ලා ඒවායේ අවහිරතා නැති බවට  මා නිගමනය කළා.ඔහු ජීවත් වුනොත් කොරොනරි ඇන්ජිඕග්‍රැම් කරලා මගේ නිගමනයේ සත්‍ය අසත්‍යතාව  බලාගන්න පුලුවන් .

හෘද වස්තුවේ වම්කෝෂිකාවේ කොටසක් රුධිර සැපයීම අඩාලවීම නිසා මැරී දියවී ගොස් පරිහර්ද ආවරණය තුලට රුධිරය වෑස්සෙමින් තිබුණා .එසේ එකතුවන ලේ කැටිවලින් හෘද වස්තුව තෙරපී එය අකර්මණ්‍ය වී රෝගියා ඉක්මනින්  මිය යන්න තිබුනා .මේ වගේ ඉතා හදිසි අවස්ථා වලදී පරීක්ෂණ කිසිවක් නැතිව තමයි ශල්‍ය වෛද්‍යවරුන් ශල්‍යකර්ම කරන්නේ .මේවාට කියන්නේ ජීවිතය බේරා ගැනීම උදෙසා කරන  Salvage Operations කියලා .හරියන්නත් පුලුවන් .වරදින්නත්  පුලුවන් .නඩු නෑ මාධ්‍ය වල මොන චෝදනා කළත්.Salvage Operations වලට විශෙෂඥ වෛද්‍යවරයකු අවශ්‍යම  නෑ.කණිෂ්ඨ වෛද්‍යවරයකුට  වුනත්  ජේෂ්ඨ  ශල්‍යවෛද්‍යවරයාගේ උපදෙස් මත කරන්න පුළුවන් .මම traffic  එකේ හිර වුනා නම් මට VIP සැල්කීම් නෑනේ.මම පාරේදි ඩ්‍රයිවර්.🤣

අනික් කරුන මෙය ඉතා දුර්ලභ රෝගී තත්වයක් .රෝගියා බොහෝ  විට මියයනවා.මමත් මේ සම්බන්ධයෙන් දැන සිටියත්,මගේ සේවාකාලය තුල මෙවැනි ශල්‍යකර්මයක් කළ ප්‍රථම අවස්ථාව .ශ්‍රි ලංකාවේත් ප්‍රථම ශල්‍යකර්මය.

මේ කොටන අතර තුරේ ලෙඩාගේ තත්වය ඉතා  සතුටුදායක බව දැනගන්න ලැබුණා .

මේ පෝස්ට් එක  පුරසාරමට නොවේ.වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කරන අතලොස්සක ගේ දැනගැනීම සදහා පමණි .වෛද්‍යවරුන් නීතිමය ගැටලු වලින් බේරීමේ චේතනාවෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන්න ගියොත් එහි අනිටු විපාක රෝගී ප්‍රතිකාර වලට හරස් වනු ඇත .

විශේෂයෙන් වෛද්‍ය දිමුතු ගුණසේන නිර්වින්දන වෛද්‍යතුමා,මගේ ජේෂ්ඨ ලේඛකාධිකාරීන්ට හා වෛද්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාටම මගේ ස්තූතිය .This is not a one man Show.

Diagnosis  ÷ The left ventricular free wall rupture following posterior inferior myocardial infarctions, causing Cardiac temponade.

උපුටා ගැනීම 

විශේෂඥ වෛද්‍ය ගාමිණි රණසිංහ වෛද්‍යතුමාගේ මුහුණු පොතෙනි

blog_image
blog_image