blogImage

මොකක්ද මේ අලුතින් කතාවෙන කොවිඩ් වර්ගය ? 🤔🤔🤔

මේ දවස්වල වැස්ස , සීතල එක්ක උණ , හෙම්බිරිස්සාව නැති කෙනෙක් හොයා ගන්න  බැරි තරම් 🤧🤧

කොහොමත් අවුරුද්දෙ මේ කාලෙට ශ්වසන රෝගවල වැඩිවීමක් තියෙනවා.

💁‍♂️💁‍♂️

⭕ ඔය අතරෙ තමයි ආපහු කොවිඩ් වැඩි වීමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කරන්නෙ.

 මේ අතරිනුත් ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සැළකිය යුතු අන්දමින් වැඩි වෙලා තියෙනවා..

🤷‍♂🤷‍♂️🤷‍♂️

පසුගිය මාසෙදි ලෝකයේ කොවිඩ් රෝගීන්  ප්‍රමාණය 52%ක් වැඩි වෙලා තියෙද්දි ඉන්දියාවෙ විතරක්  මේ වන විට රෝගීන් 3000 කට වැඩි ප්‍රමාණයක් අලුතින් හොයාගෙන තියෙනවා.

😣😣

📌 මොකක්ද මේ අලුතින් කතාවෙන කොවිඩ් වර්ගය ? 

🤔🤔🤔

මේ අලුත් කොවිඩ් ප්‍රභේදය නම්  J.N.I උප ප්‍රභේදය . 

සාමාන්‍යයෙන් වෛරස්වල ගුණාංගයක් තමයි, එහි ජාන සංයුතිය වෙනස් කර ගනිමින් නිතරම අලුත් ප්‍රභේද හා උප ප්‍රභේද ඇති කර ගැනීම. 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

එහෙම කරන්න හේතුව තමයි  ස්වභාවික පරිසරයේ නොනැසී පැවතීමට  , හැඩ ගැසීමට වෛරස්වල හැකියාව.

💁‍♂️💁‍♂️

මේ හේතුව නිසා කොවිඩ් වෛරසයට අදාළවත්  විවිධ අලුත් ප්‍රභේද ඇති වෙනවා.

මේ ආකාරයට ඇති වුණ අලුත්  ප්‍රභේදයේ නම J.N.I 

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

📌  මේ ප්‍රභේදය දරුණු ද? 

😱😱😱

දැනට ඇති දත්ත අනුව මේ ප්‍රභේදය දරුණු නැහැ . 

මේ මඟින් ඇති  කරන්නෙ සුළු ශ්වසන ආබාධ තත්ත්වයක් නමුත් මෙය දිගින් දිගටම ව්‍යාප්ත වුණොත් මේ මඟින් දරුණු ප්‍රභේදයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා..

🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

📌  ලංකාවට බලපෑම කොහොමද ?

🤔🤔🤔🤔🤔🤔

ලංකාවේ රෝහල්වල දැනට සාමාන්‍යයෙන් කොවිඩ් පරීක්ෂාව රෝගින් සඳහා සිදු කරන්නේ නැහැ 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

ඒ නිසා ලංකාවෙත් මෙය ව්‍යාප්ත  වී නැති බවට හෝ  ඇති බවට සාධක නැහැ.🤷‍♂️

නමුත් සුළු වශයෙන් හෝ මෙම ප්‍රභේදය  ලංකාවෙත් තියෙනවා කියලා අනුමාන කරන්න පුළුවන් .💁‍♀️

📌 මොනාද රෝග ලක්ෂණ 

🤔🤔🤔🤔🤔

🤷‍♂️🤷‍♂️🤷‍♂️

සාමාන්‍ය ශ්වසන රෝගයක ලක්ෂණම තමයි.

▪️ උගුරේ අමාරුව 

▪️සෙම්ප්‍රතිශ්‍යාව 

▪️කැස්ස

▪️උණ

▪️හුස්ම ගැනීමේ අපහසුව.

📌 ඔබ කළ යුත්තේ කුමක්ද?

🤔🤔🤔🤔🤔🤔

අවධානමට වඩා සූදානම හොඳ නිසා..ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු  අනුගමනය කරන්න.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ශ්වසන ආබාධ පවතී නම්,

▪️මුඛ ආවරණ පළඳින්න.

▪️නිතර දෑත් සෝදන්න.

▪️සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයන්න.

▪️වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අවසාන වශයෙන් ලියමි.

බොහෝ දෙනෙක්ට 

සිතෙන දෙයක් නම් මේ කොවිඩ් ඉවරයක් නැද්ද? 

බොරුවට බය කරනවද මන්දා, අලුත් වෛරස් කිය කිය.. ?

එසේ සිතීම සාධාරණය.

මේ පිළිබඳ අනවශ්‍ය බියක් හෝ කලබලයක්  ඇති කර ගත යුතු නැත.

නිතරම අලුත් වෛරස් පැමිණීම දැන් හරියට කොටියා ගමට එනවා කියමින් කෑ ගසමින් ගිය කොලු ගැටයාගේ කතාව වගේ වෙලා හමාරයි.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

කොටියා ආවත් නැතත් දුවන එක ඇඟට ගුණය.

මන්ද  ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සම්පත් හිඟය හා ගැටළු නිසා   වැරදිලාවත් වසංගත තත්ත්වයක් මතු වුවහොත් බලා සිටීම හැර කරන්නට දෙයක් නැත.

🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

එම නිසා රෝගය බෝ වීම හා පැතිරීම අවම  වන අයුරින්  ක්‍රියා කිරීම කාට කාටත් යහපතට හොඳයි.

✍️✍️✍️✍️✍️✍️

Dr. Thilina Munasinghe

Medical Officer in Respiratory Medicine ,

DGH Nawalapitiya

blog_image
blog_image