📌 පාකින්සන් රෝගය
ඔබත් සමග ජීවත් වෙන වැඩිහිටියෙකුගේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දකිනවා නම් ඒ ගැන නොසලකා සිටින්න එපා.
දැන් ඔබට යම් ගැටලුවක් ඇති. අපි වැඩිහිටියෙකුගේ හැසිරීමේ දකින වෙනස්කම් මොනවාද..?
■ වෙනදා බොහොම ක්‍රියාශීලීව තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගත් නමුදු දැන් පෙර පැවැති ක්‍රියාශීලීත්වය නැති වීම හෙවත් බෙහෙවින් මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබීම
■ අතක වෙව්ලීම
මේ වගේ වෙනසක් දක්නට ලැබෙනවා නම් එය පාකින්සන් රෝගයේ පෙර නිමිත්තක් විදිහට සලකන්න පුළුවනි.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️
📌 පාකින්සන් රෝගය ඇති වීමට හේතු මොනවාද...?
🤔🤔🤔🤔
ඇත්තටම කිව්වොත් පාකින්සන් රෝග තත්වයට බලපාන හේතු මේ මේ යැයි නිශ්චිත ලෙසින්ම කියන්න අපහසුයි.
🤷♂️🤷♂️
ඒ වුනත් බොහෝ විට වයසට යෑමත් සමග මේ රෝග තත්වය ඇති වීමට යම් ඉඩක් තිබෙනවා.
💁♀️💁♀️💁♀️
📌 එයින් අදහස් කරන්නේ පාකින්සන් රෝග තත්වය ජෛව ක්‍රියාකාරීත්වයේ වෙනසක් ලෙසින් ඇති වෙන බවක්ද...?
🤔🤔🤔🤔
ඔව් වයසත් සමග මිනිස් මොළයේ නිපදවන ඩොපමින් (Dopamine) නැමැති රසායන සංඝටකය අඩු වෙනවා. (ඩොපමින් නිපදවන සෛල ප්‍රමාණය නිසා) මේ තත්වය පාකින්සන් රෝගය ඇති වීමට වීමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්න පුළුවනි.
📌 මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට ඩොපමින් මේ තරම් වැදගත් ඇයි..?
🤔🤔🤔🤔🤔🤔
අපේ සිරුරේ ස්නායු සහ මාංශපේශි සමායෝජන ඉරියව් නිසි පරිදි පවත්වා ගෙන යෑමට ඩොපමින් ඉතා වැදගත් වෙනවා. 👉යම් ලෙසකින් ඩොපමින් සංයුතියේ අඩු වීමක් සිදු වුනොත් සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමේ අපහසුතාවයක් ඇති වීමට ඉඩක් තිබෙනවා.
😱😱😱😱
📌 අපි පාකින්සන් රෝගියෙකු හඳුනා ගන්නේ කොහොමද..?
🤔🤔🤔🤔🤔🤔
වෛද්‍යවරයෙකු විසින් පාකින්සන් යැයි තහවුරු කරන තෙක් යම් පුද්ගලයෙකුගේ පහත දැක්වෙන වෙනස්කම් බොහෝ විට පාකින්සන් රෝගියෙකු බවට අනුමාන කිරීමට බලපාන හේතු සාදක විදිහට පෙන්වා දෙන්න පුළුවනි.
👇👇👇👇
1.රෝගියාට ඇවිදීමේ අපහසුතාවය
2.වෙව්ලීම සහ තමන්ට අවශ්‍ය පරිදි සිරුර හසුරුවා ගැනීමේ අපහසුතාවය
3.රෝගියාගේ සිරුරේ දක්නට ලැබෙන මන්දගාමිත්වය ( Slowness)
4. සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමේ අපහසුතාවය
👉 ඒ විතරක් නොවෙයි, පාකින්සන් රෝගියෙකුගේ ඇවිදීමේ යම් වෙනස්කම් දකින්නත් පුළුවනි.
🤷♂️🤷♂️🤷♂️
👉ඒ අන්දමින් ඇවිදින විට දකින විශේෂ ලක්ෂණ ගැනත් යම් සඳහනක් කලොත්..
■ ළඟ ළඟ අඩි තබා ඇවිදීම
■ කුදු වී ඇවිදීම
■ ඇවිදගෙන යන විට ක්‍රමයෙන් වේගය වැඩි වීම.
■ ඇවිදින විට සිදු වෙන අතේ පැද්දීම අඩුවිම
මන්දගාමිත්වය (Slowness) නිසාම පාකින්සන් රෝගීන්ගේ මුහුණෙන් හැඟීම් ( body language ) ප්‍රකාශ වෙන්නේ නැහැ. 😱😱😱😱
බොහෝ විට මේ රෝග ලක්ෂණ මූලිකව ඇති වෙනවා. එතැනින් නැවතෙන්නේ නැහැ. රෝගය පාලනයකින් පවත්වා නොගතහොත් කාලය සමග රෝග ලක්ෂණ වැඩි වෙනවා.සිරුරේ සමතුලිතතාවයද බිඳ වැටෙනවා.
😢😢😢😢😢
👉 කාලයත් සමග ඇති වෙන රෝග ලක්ෂණ ගැන සඳහන් කලොත්..
■ මතකය අඩු වීම
■ කල්පනාව අඩු වීම
📌 ඕනෑම රෝගයක් ඇති වීමට බලපාන හේතු තිබෙනවා. වෛද්‍යතුමියෙනි, පාකින්සන් රෝග තත්වයට බලපාන හේතු ගැනත් යම් සඳහනක් කලොත්..?
👇👇👇👇👇👇👇
පාකින්සන් රෝගයට ජානමය
පසුබිමක් සහ පාරිසරික හේතුන් බලපානවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි පාකින්සන් රෝගය වයසත් සමග ඇති වෙන බව කිව්වත් කලාතුරකින් අඩු වයස් කාණ්ඩයේ අයටත් පාකින්සන් රෝග තත්වය ඇති වෙන්න පුලුවනි.
😒😒😒😒😒
📌 පාකින්සන් රෝගය පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවනිද...?
🤔🤔🤔🤔🤔
පාකින්සන් රෝගයේ විවිධ ප්‍රභේදයන් තිබෙනවා. කොහොම වුනත් සාමාන්‍ය පාකින්සන් රෝගියෙකු අපට රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන්ම හඳුනා ගන්න පුළුවන්.
💁♀️💁♀️💁♀️
පාකින්සන් රෝගය හඳුනා ගැනීම වෙනුවෙන් විශේෂිත රුධිර පරීක්ෂණ සහ ස්කෑන් වැනි පරීක්ෂණ නැහැ. අපේ රටේ මේ වෙනුවෙන් පහුකම් නොතිබුනත් Dopha Scan පරීක්ෂාවක් මගින් රෝග තත්වය ඉතා පහසුවෙන් නිශ්චය කර ගන්න පුළුවනි.
💁♀️💁♀️💁♀️💁♀️
රෝග ඉතිහාසය සහ රෝගියා පරීක්ෂා කිරීමෙන් පාකින්සන් රෝග තත්වය ගැන තීරණ ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබෙනවා.ඒ වගේම රෝගයේ ආරම්භක අවස්ථාවේදී දකින්න ලැබෙන්නේ සාමාන්‍ය අත වෙව්ලීම වැනි තත්වයක්. ඒ වෙනුවෙන් විශේෂ ඖෂධීය ප්‍රතිකාර මගින් වුනත් සුව කර ගැනීමට හැකියාව තිබෙනවා.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️
ඒ වගේම බොහෝ විට මේ රෝගය පැහැදිලිව හඳුනා ගැනීමට යම් කිසි ප්‍රමාදයක් සිදු වෙනවා. එම නිසා රෝගය නිශ්චය කිරීමේ යම් ප්‍රමාදයක් සිදු විය හැකියි. එම ප්‍රමාදය ගැටළුවක් ලෙස අප දකින්නේ නැත.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️
පාකින්සන් රෝග ලක්ෂණ
රෝගියා මුලින්ම පැමිණෙන්නේ අතක වේදනාව එහෙම නැත්නම් වෙව්ලම වැනි අපහසුතාවයන් වෙනුවෙනුයි. ඔවුන්ගේ රෝග ඉතිහාසය විමසන විට මීට කලින් පැවැති තවත් රෝග ලක්ෂණ පැමිණිලි කරනවා.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️
👉 එම රෝග ලක්ෂණ මොනවාද..?
■ බඩ වියලීම
■ ,අත් පා වේදනාව
■ ,ගඳ සුවඳ නොදැනීම
■ නින්ද ආශ්‍රිත ගැටළු වේ.
📌 පාකින්සන් රෝගියෙකු නින්ද ආශ්‍රිතව මුහුණ දෙන ගැටලු මොනවාද..?😢
👉රාත්‍රි කාලයේ නින්ද නොලැබීම සහ දිවා කාලයේදී නිදිමත ගතිය.
📌 පාකින්සන් රෝගය කාලය සමග වර්ධනය වෙනවා නම් ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා රෝග තත්වය උත්සන්න වීමට හැකියාවක් තිබෙනවාද..?
😣😣😣😣
පාකින්සන් රෝග තත්වයේදී බොහෝ පුද්ගලයන් ආරම්භක අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්නේ නැහැ. ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යම් කාලයක් ප්‍රමාද වෙනවා. නමුත් මේ ප්‍රමාදය රෝග තත්වයට ප්‍රතිකාර ආරම්භ කිරීමට කිසිසේත්ම බාධාවක් නොවෙයි.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️
මේ රෝගය නිට්ටාවටම සුව කරන ඖෂධීය ප්‍රතිකාර නැතැත් රෝග ලක්ෂණ ඉතාම හොඳින් පාලනය කරමින් රෝගියාට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දිය හැකි ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
💁♀️💁♀️💁♀️💁♀️
ඒ නිසා එබේ ඥාතියා ප්‍රමාද වී හෝ ප්‍රතිකාර ආරම්භ කරනවා නම් අනවශ්‍ය අන්දමින් බියක් ඇති කර ගත යුතු නැහැ.
😃
👉පාකින්සන් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර....
පාකින්සන් රෝග තත්වයට ඩොපමින් ඌනතාවය බලපානවා නම් මේ රෝගීන් වෙනුවෙන් “ඩොපමින් ” බාහිරව ලබා දීම අවශ්‍යයි.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️
පාකින්සන් රෝගීන්ට ලබා දිය හැකි වෙනත් ප්‍රතිකාර
පාකින්සන් රෝගය උත්සන්න වෙන විට ලබා දිය හැකි වෙනත් ඖෂධීය සහ ඖෂධීය නොවන ප්‍රතිකාර තිබෙනවා.
💁♀️💁♀️💁♀️💁♀️
අද වෙන විට ලෝකයේ දියුණු රටවල පාකින්සන් රෝග ප්‍රතිකාර වෙනුවෙන් පහසුකම් තිබෙනවා.
■ ගැඹුරු මස්තිෂ්ක උත්තේජනය- Deep brain stumilation
👉ශල්‍යකර්මයක් මගින් මොළය උත්තේජනය කරන ඉලෙක්ට්‍රෝඩයක් ඇතුලු කිරීම .
• Duodopa intestinal gel infusion
බාහිරව ග්‍රහණියට ඇතුළු කරන බටයක් තුලට Duodopa ඖෂධය අඛණ්ඩව ලබා දිම සිදු වේ.
■ ව්‍යායාම අත්‍යවශ්‍යයි.
පාකින්සන් රෝගින්ට නර්තනය හොඳ ශාරිරික ව්‍යායාමයක්.
ඒ වගේම, ඔබ අනාගතයේදී පාකින්සන් රෝගය වැළඳීමට නියමිත පුද්ගලයෙකු නම් ව්‍යායාම කිරීම මගින් පාකින්සන් රෝග ත්වයෙන් ආරක්ෂා වීමටත් හැකියාව තිබෙනවා.
😃😃😃😃
පාකින්සන් පමණක් නොව වියපත් වීම සමග ඇති වෙන තවත් රෝගී තත්වයන් ( ආඝාතය, ඩිමෙන්ෂියා )තිබෙනවා. යහපත් ජීවන රටාව මගින් මෙම රෝගී තත්වයන්ටද ඇති කරන බලපෑම අවම කර ගත හැකියි.
😃😃😃
■ පාකින්සන් රෝගි තත්වයේ මුල් අවස්තාවේදී රෝගය හඳුනා ගතහොත් භෞත චිකිත්සකවරයෙකුගේ උපකාරය සහිතව සිදු කරන ව්‍යායාම ප්‍රයෝජනවත් වෙනවා.
■ බොහෝ පාකින්සන් රෝගීන් සමාජය සමග සම්බන්ධතාවයන් පැවැත්වීමට උනන්දු නැහැ.
නමුත් සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට රෝගි තත්වය කිසිසේත්ම බාධාවක් නොවෙයි. සමාජ සම්බන්ධතාවයන් නිසා ඔබේ මානසික සතුට ඇති වෙනවා.
😃😃😃😃
සතුට නිසා ස්වභාවික ලෙසින්ම ඩොපමින් උත්තේජනය වීමක් සිදු වෙන අතර එය පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට වගේම ශාරීරික ලෙසින් බොහෝ රෝග තත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඉතාම වැදගත්.
😃😃😃😃😃
✍️✍️✍️✍️✍️✍️
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි ගොඩේවිතාන,
දිස්ත්‍රික් රෝහල ,
කුරුණෑගල