blogImage

ශ්‍රී ලංකාව තුළ පණු රෝග

පණුවන් යනුවෙන් අප ව්‍යවහාර කරන්නේ බඩවැල් ඇතුළත ජීවත් වෙන පරපෝෂිත විශේෂයක්. 🐛

ශ්‍රී ලංකාව තුළ පණු රෝග ඇති කරන පණු වර්ග කීපයක්ම සිටිනවා

 ▪️වට පණුවා ( round worm

 ▪️කොකු පණුවා ( Hook worm )

 ▪️ කිරි පණුවා ( C pin worm ) 

 ▪️කස පණුවා ( whip worm ) 

මෙම පණුවන් බඩවැල් තුළ බිත්තර දැමීම සිදු කරනවා.

 එම බිත්තර මළපහ සමග පරිසරයට ජලයට එකතු වෙනවා.  එසේ එකතු වෙන බිත්තර වැරදි ආහාර හා සෞඛ්‍ය පුරුදු නිසා දරුවන්ගේ මුඛය හරහා සිරුරට ඇතුළු වීම මගින් ඔවුන්ට පණු අමාරු  වැළදෙනවා.

😱😱😱😱😱

⭕වෛද්‍යතුමියෙනි, පණු රෝගවලින් ආරක්ෂා වීමට අපට ලැබෙන ප්‍රධාන උපදෙසක් තිබෙනවා. වැසිකිලි යාමෙන් පසුව හොඳින් අත් සෝදන්න. මේක පරම්පරා ගණනාවක්ම අපට ලැබෙන උපදෙසක්. සැබැවින්ම වැසිකිලි යෑමෙන් පසුව අත් සේදීමෙන් අපට පණු රෝග වෙනුවෙන් එවැනි ආරක්ෂාවක් ලැබෙනවාද?

පණුවන් බඩවැල්වල බිත්තර දැමූ පසු ඒවා මලපහ සමග පිටවෙනවා. සමහර අවස්ථාවලදී දරුවන්ගේ අත්වල මල පහ තැවරි ඒවා මුඛය ඔස්සේ ආහාර සමග ශරීරයට එකතු වෙනවා. 

ඒ වගේම වැසිකිලි යෑමෙන් පසුව අත් හොඳින් සෝදා නොගත් විටද පණු බිත්තර ශරීරගත වීම සිදු වෙන්න පුළුවන්.

😱😱😱😱

එතැනින් අවසාන නැහැ. මේ පණු බිත්තර එළිමහන් ස්ථානවල තිබී ජලයට එකතු වීමට පුළුවන්. පානය කරන ජලය මගින් පණු බිත්තර ශරීරයට ඇතුලු වෙනවා.

ඒ වගේම මේ විදිහට එළිමහනේ තිබෙන පණු බිත්තර අපි ආහාරයට ගන්නා අමු එලවලු පලා වර්ග වලින් වගේම පළතුරු වලින් අපේ ශරීරයට එකතු වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

⭕වෛද්‍යතුමියෙනි. පණු රෝග වලින් ආරක්ෂා වීමට වීමට පාවහන් පැළදීමට ලබා දෙන උපදෙස් ගැනත් යම් පැහැදිලි කිරීමක් සිදු වුනොත්..?

කොකු පණුවා බඩවැල්වල සිටියදී බිත්තර දාන අතරම බොහෝ විට වතු සහ වෙරළ ආශ්‍රිතව ජිවත් වෙන දරුවන් එළිමහනේ මලපහ කරනවා. කොකු පණු බිත්තර අවට පරිසරයේදී පුපුරනවා. ඒ නිසා එළිමහනට එන කුඩා කීට පණුවන්ට මිනිස් සම විදගෙන ඇතුළට යන්න පුළුවනි.

😱😱😱😱😱

 වෛද්‍යවරුන් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට පාවහන් නොමැතිව ඇවිදින්න එපා යැයි උපදෙස් ලබා දෙන්නෙත් ඒ නිසයි. 

💁‍♀️💁‍♀️💁‍♀️

පරිසරය තුළ තිබෙන කොකු පණු කීටයන් සම විදගෙන ශරීර අභ්‍යන්තරයට ගොස් පසුව බඩවැල් දක්වා යෑම සිදු වෙනවා. 

💁‍♀️💁‍♀️💁‍♀️

⭕දරුවෙකුට කොකු පණු ( Hook worm ) රෝගය ඇති වුනොත් අපි දැන ගන්නේ කොහොමද...?

🤔🤔🤔🤔

අපේ ශරීරයේ තිබෙන ලෙඩ රෝග බොහෝ විට බාහිර ශරීර ලක්ෂණවලින් පෙන්නුම් කරනවා. 

කොකු පණු රෝගය වැළඳුන දරුවෙකුගේ මෙවැනි ලක්ෂණ දකින්න ලැබෙනවා.

සාමාන්‍යයෙන් අපි වචනයට කියනවා වගේ කොකු පණුවා මුදුවක ස්වරූපය ගන්නවා. මොවුන් බඩවැල් වල එල්ලී රුධිරය උරා බොනවා. කොකු පණු ගහණය වැඩි වුනාම ඔවුන් උරා බොන රුධිරය ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා දරුවන් රක්ත හීනතාවයට පත් වෙනවා. 😱😱😱😱

රක්ත හීනතාවයට පත් වීම නිසා දරුවා සුදුමැලි විම, මලානික වීම වැනි බාහිර ලක්ෂණ පෙන්නුම් කරනවා.

වට පණු රෝගයේදී බොහෝ විට දරුවන් උදරයේ වේදනාව ගැන සඳහන් කරනවා. ඒ වගේම ආහාර අරුචිය ඇති වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

කිරි පණු රෝග තත්වයේදී ගුද මාර්ගයේ කැසීම ප්‍රධානම ලක්ෂණයක් කිරි පණුවන් බිත්තර දාන්නේ ගුද මාර්ගයෙන් පිටතට ඇවිත්. ඒ නිසා මේ පණුවන් බිත්තර දාන ප්‍රදේශය කසනවා. මේ බිත්තර දරුවාගේ ඇඟිලිවල තැවරී ශරීරගත වුනාම කිරි පණුවන්ගේ බෝ වීම තවත් වැඩි වී ගුද මාර්ගයේ කැසීම ඉතාම පීඩාකාරී විදිහට සිදු වෙනවා. බොහෝ විට රාත්‍රි කාලයේදී දරුවන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව මෙම පණුවත් කැරලි වශයෙන් දකින්න පුළුවනි.

😱😱😱😱😱😱

අපේ අම්මලා එවැනි අවස්ථාවන්හිදී ගුද මාර්ගයේ විවිධ දේවල් ආලේප කරනවා, පණුවන් එන්නේ බඩවැල් ඔස්සේ නිසා පිටින් යම් යම් ද් ආලේප කිරීම රෝගයට විසඳුමක් නොවෙයි.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

⭕දරුවෙකුට පණු රෝග ඇති බැව් හඳුනා ගන්නේ කොහොමද..? 

🤔🤔🤔🤔

වෛද්‍යවරයෙක් වෙත පැමිණෙන මව්පියන් දරුවාගේ රෝග ලක්ෂණ ගැන සඳහන් කරන විට පණු රෝග ගැන හඳුනා ගැනීමට පුළුවන්. 

උදාහරණයක් විදිහට කිව්වොත් රාත්‍රී කාලයේදී දරුවා ගුද මාර්ගය කසනවා නම්, සුවදායක නින්දක් නොමැතිව අපහසුවෙන් දඟලනවා නම් කිරි පණු රෝග තත්වයක් බවට තහවුරු කරන්න පුළුවනි.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ඊට අමතරව අවශ්‍ය වුනොත් අසූචි පරීක්ෂාවක් - Stool Full report – SFR

ලබා ගැනීමට උපදෙස් දෙනවා.

⭕දරුවා පසු වෙන්නේ පණු රෝගයක් බවට හඳුනා ගැනීමෙන් පසුව ලබා දෙන ප්‍රතිකාර මොනවාද..?

👇👇👇👇👇

අපි පණු රෝගයට ප්‍රතිකාර කිරීමේදී පණු රෝගවලින් දරුවා ආරක්ෂා කර ගැනීමට මව්පියන්ට උපදෙස් දෙනවා. ඒ නිසා සෑම දෙමව්පියෙක්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

• වැසිකිළි භාවිතා කිරීමෙන් පසුව දරුවාගේ සහ මව්පියන්ගේ අත් හොඳින් අත් සෝදන්න.

• ඔබ එළවළු , පළතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ඒවා හොඳින් සෝදන්න.

 👉ආහාර පිසින්න පෙරාතුව අත් සෝදා ගැනීම වැදගත්. ඒ වගේම පණු බිත්තර මැස්සන් මගින් ආහාරවලට එකතු වීමට පුළුවන්. නිතරම ආහාරපාන වසා තබන්න.

• නිවසෙන් බැහැරව ඇවිදින විට පාවහන් පැළඳ සිටීමත් අවශ්‍යයි. සමහර විට පසේ ජීවත් වෙන පණුවන් ඔබට නොදැනීම සිරුරට ඇතුලු වීමට පුළුවනි.

• වැසි කාලයේදී සහ ගං වතුර නිසා පණු බිත්තර ජලයට එකතු වීමට ඉඩ තිබෙනවා. වතුර උණුකර නිවා පානය කරන්න.

• කුඩා දරුවන්ගේ අපිරිසිදු අත්වලින් පණු බිත්තර ශරීරගත වීමට පුළුවන්.

👉 ඒ නිසා දරුවන්ගේ අත්, පිරිසිදුව තබන්න. නියපොතු කෙටි වන සේ කපන්න.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

දරුවන්ට පණු බෙහෙත් ලබා දෙන කාල සීමාව ගැනත් දැණුවත් කරනවා නම්..

දරුවෙකුගේ වයස අවුරුද්ද සම්පූර්ණ වූ තැන පටන් පණු බෙහෙත් ලබා දීම අවශ්‍යයි. පණු බෙහෙත් ලබා දිය යුතු කාල අන්තරය දරුවා ජීවත් වෙන ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. 

නිසි සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි නොමැති අඩු සනීපාරක්ෂිත කලාප ලෙස ගැනෙන මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල දරුවන්ට මාස හයකට වරක් පණු බෙහෙත් ලබා දීම නිර්දේශ කරනවා.

 සෙසු පළාත්වල දරුවන්ට අවුරුද්දකට වතාවක් පණු බෙහෙත් ලබා දීම ප්‍රමාණවත්.

💁‍♀️💁‍♀️💁‍♀️

ගැබිණි මව්වරුන්ට ඔවුන්ගේ ගර්භණීත්වය කාලයේදී එක් වරක් පණු බෙහෙත් ලබා ගැනීමට උපදෙස් දෙනවා.

⭕පණු බෙහත් ලබා දීමේදී වෛද්‍ය අනුමැතිය ලත් ඖෂධ තිබෙනවාද..?

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

විවිධ වෙළඳනාමවලින් බොහෝ බෙහෙත් තිබුනත් බහුලව භාවිතා වෙන අනුමත බෙහෙත් වර්ග වල ඖෂධීය නාම වන්නේ

• Pyrantal Pemoate

වයස අවුරුදු 2 ට යඩා අඩු දරුවන්ට ලබා දීම

• මේබැන්ඩසෝල් (Mebendazole)

වයස අවුරුදු 2 ට වැඩි මෙය ලබා දෙන්නේ එක් මාත්‍රාවකින් වීමත් පහසුවක්.

මේවාට අමතරව බහුලව භාවිතා නොවන ඖෂධ නාමත් තිබෙනවා.

⭕ පණු බෙහෙත් ලබා දුන් පසුව දරුවා නෑවීම්,තෙල්, ඇඹුල් ආහාරයට ලබා දෙන්නේ නැහැ. මෙහි විද්‍යාත්මක සත්‍යක් තිබෙනවාද? ....

🤔🤔🤔

👉නැහැ. එය සම්පූර්ණ මිථ්‍යාවක්. පණු බෙහෙත් ලබා දෙන්නේ බඩවැල්වල සිටින පණුවන් විනාශ වීමට නිසා ආහාරවලින් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

▪️පණු බෙහෙත් දීමෙන් පුරුදට යනවා කියන අදහසක් මව්පියන් තුළ තිබෙනවා..ඒ ගැනත් යම් පැහැදිලි කිරීමක්..

👉එය මිථ්‍යාවක්, පණු බෙහෙත් නොදී සිටියොත් පණුවන්ගේ ගහණය වැඩි වෙනවා. එවිට දරුවා මම මුලින් සඳහන් කළ අපහසුතාවයන්ට පත් වෙනවා. 

ඒ වගේම වට පණුවන්ගේ ගහණය වැඩි වුනොත් බඩවැල් අවහිර වීමට පුළුවනි.

⭕ වෛද්‍යතුමියෙනි, පණු බෙහෙත් බොන විට පවුලේ සියළු දෙනාටම එක්වර ලබා ගැනීම සුදුසුබව කියන්නේ ඇයි..?

🤔🤔🤔🤔

පවුලේ එක් අයෙකුට තිබුනොත් අනෙක් අයට ද රෝගය පහසුවෙන් බෝ වෙන්න පුළුවන්

💁‍♀️💁‍♀️💁‍♀️

 කිරි පණු රෝග තත්වයේදී ගුද මාර්ග අවට කැසීම නිසා ඒ සමග පණුවන් පොඩ් වී පණු බිත්තර යට ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ නියපොතු අතර තැවරීම නිසා තැවරීම නිසා තවත් අයෙකුට පහසුවෙන් බෝ වෙන්න පුලුවනි.

ඒ නිසා නැවත නැවත ආසාදනය වීමට පුළුවනි. කිරි පණුවන් වෙනුවෙන් පණු බෙහෙත් බොන විට අවස්ථා දෙකකදී ලබා ගැනීම වැදගත් මුල් මාත්‍රාව අවසානයෙන් තවත් සතියකට පසුව නැවත කිරි පණුවන් වෙනුවෙන් බෙහෙත් බීම වැදගත්. ඒ ගැන ඇති දැනුවත් වීම නිසා පවුලේ සියලු දෙනාම එක දවසක පණු බෙහෙත් ලබා ගැනීම ගැනත් ඔවුන් වෛද්‍යවරයාගෙන් විමසා සිටිනවා.

තමාගේ මෙන්ම පවුලේ සියළුම දෙනාගේ සනීපාරක්ෂාව ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වීම වඩාත් වැදගත්. ඒ වගේම

• පවුලේ සාමාජිකයන් අතර ඇඳුම් හුවමාරු කර ගන්න එපා. 

• ඇඳ ඇතිරිලි, පොරවන රෙදි ,තුවා , කොට්ට සහ මෙට්ට නිතරම පිරිසිදුව තබා ගන්න.

• ඇඳුම් සහ ඇතිරිලි උණුවතුරෙන් තම්බා ගන්න

⭕ පණු බෙහෙත් දෙන විටත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යද..?

🤔🤔🤔

පණු බෙහෙත් වෙනුවෙන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීම වඩාත් සුදුසුයි. 

ඒ වගේම පණු බෙහෙත් ලබා ගත් දිනය සටහන් කර තබා ගන්න. එසේ නොමැති වුනොත් ඔබ අනවශ්‍ය අන්දමින් පණු බෙහෙත් බීමට යොමු වීමට ඉඩ තිබෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

සමහර අවස්ථාවල වෙනත් රෝගයකට ඖෂධ ලබා ගැනීමට ගිය විටත් දරුවාට පණු බෙහෙත් ලබා දී තිබේදැයි ඔබෙන් විමසා සිටිය විට ඒ ගැන තහවුරුව කීමේ හැකියාව ඔබ සතුව තිබීම වැදගත්. ඒ නිසා පවුලේ සියලු දෙනාම පණු බෙහෙත් ලබා ගත් දිනය සටහන් කර තබා ගැනීම ඉතාම වැදගත්.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

✍️✍️✍️✍️

මහාචාර්ය මනෝරි ගමගේ,

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,

දකුණු කොළඹ ශික්ෂණ රෝහල,

සාකච්ඡා මෙහෙයවීම  පුන්‍යා චාන්දනී ද සිල්වා

blog_image
blog_image