blogImage

සමට ඇති වෙන බැක්ටීරියා ආසාදන

සමට ඇති වෙන බැක්ටීරියා ආසාදන...

අපේ සිරුරේ ප්‍රධානතම අවයවය විදිට සැලකෙන සම නිසා අපේ සිරුරට අලංකාරයක් සහ ආරක්ෂාවක් ලැබෙනවා. 

ඒ වගේම උෂ්ණත්වය පාලනය කිරීම , බාහිර පරිසරයෙන් සිදු වෙන හානි වලක්වාලීම වැනි කටයුතු සඳහාත් සමෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.

 👉අපේ සම චර්මය සහ අපිචර්මය විදිහට කොටස් දෙකකින් යුක්තයි.

සමේ මතුපිට ස්ථරය අපිචර්මය යනුවෙන් හැඳින්වෙන අතරම සම යටින් ඇත්තේ චර්මයයි.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 රුධිරවාහිනී සහ ස්නායු චර්මයට සම්බන්ධ අතර මෙම ස්ථරය මගින් සමට පෝෂණය සහ සංවේදනය ලබා දෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

📌 සමට ඇති වෙන බැක්ටීරියා ආසාදන...

👉සමේ අභ්‍යන්තර සහ බාහිර ස්ථරයේ විවිධ බැක්ටීරියාවන් තිබුනත් ඒවා අපිචර්මය නිසා සම මතුපිටට ආසාදනයන් ඇති කරන්නේ නැහැ. අපිචර්මයෙන් ඒවා ආරක්ෂා කරනවා. නමුත් අපිචර්මයට හානි වුනොත් මේ බැක්ටීරියා හානියට පත් සම හරහා ඇතුල් වෙනවා

 👉කුඩා දරුවන්ගේ මුඛය ආශ්‍රිත වගේම වැඩිහිටියන්ගේ ශරීරයේ ඕනෑම තැනක සමේ ආසාදන ඇති වෙන්න පුළුවනි. අපේ නියපොතුවලින් සිදු වෙන සිරීමකින් පවා සම තුවාල වුනොත් ඒ හානි වුන අපිචර්මය ඔස්සේ බැක්ටීරියාවන් සමට ඇතුලු වීමට ඉඩ තිබෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

📌 සමේ බැක්ටීරියා ආසාදනක් හඳුනා ගන්නේ කොහොමද...?

🤔🤔🤔

සමේ බැක්ටීරියා ආසාදනයන් විවිධ විදිහට දකින්න ලැබෙනවා. සමේ ආසාදන ඇති වීමට වයස් භේදයක්, ස්ත්‍රී පුරුෂ බව බලපාන්නේ නැහැ. 

ඕනෑම වයසක අයට සමේ ආසාදන ඇති වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ශරීරයේ ඕනෑම තැනක සමේ ආසාදන ඇති වෙන්නත් පුළුවනි.

🔹සමේ බැක්ටීරියා ආසාදනයක රෝග ලක්ෂණ

▪️ සම කැසීම

▪️රතු වීම

▪️කහ පාට සැරව පිරුන ගෙඩි විදිහට සමෙන් මතු වී පෙනීම

▪️වේදනාව සමග කුද්දටි ඉදිමීම සහ උණ

📌 සමේ බැක්ටීරියා ආසාදන ඇති වෙන්නේ ඇයි....?

🤔🤔🤔🤔🤔

සමේ බැක්ටීරියා ආසාදන ඇති වීමට විවිධ හේතු බලපානවා.

▪️ නිදන්ගත රෝග තත්වයන් ඇති විට - විශේෂයෙන් දියවැඩියා රෝගීන්

▪️ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇති පුද්ගලයින්.

▪️ අවයව බද්ධ කරන ලද රෝගීන්- මෙම රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නිසා බැක්ටීරියා සමග සටන් කිරීමේ හැකියාවක් නැහැ.

▪️දිගුකාලීනව ඖෂධීය ප්‍රතිකාර ලබන රෝගීන්

👉ඔබතුමිය සඳහන් කළ අන්දමට සමේ ඇති වෙන බැක්ටීරියා ආසාදන ශරීරයේ ඕනෑම තැනක ඇති වෙනවා නම් එවැනි රෝග ලක්ෂණ  ඇති වෙන අවස්ථාවන් ගැනත් ...යම් සඳහනක් කලොත්...?

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

ඔව්. අපේ පාද ආශ්‍රිතව බැක්ටීරියා ආසාදන ඇති වෙන්න පුළුවනි. විශේෂයෙන් අපි දිය මැඩියෝ කෑම  යනුවෙන් හඳුන්වන්නේ සමේ ඇති වෙන ආසාදන තත්වයක්. 

සාමාන්‍යයෙන් එවැනි සතෙකුගේ බලපෑමක් නැහැ. මේ ආසාදන තත්වයන් ඇති වීමට බැක්ටීරියා වගේම පුස් තත්වයන්ද බලපානවා.වැසි දිනවලින් පසුව බහුලව දක්නට ලැබෙන මෙම ආසාදනත්වයේදී ඇඟිලි අතර කරුවල හිල් විදී ගිය ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඇඟිලි කරු පැසවා සැරව පිරීම නිසා ඇඟිලි එකිනෙකට ඇලී තිබෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉නියපොතු ආශ්‍රිතව ඇති වෙන බැක්ටීරියා ආසාදන...

නියපොතු වලට බැක්ටීරියා ආසාදනය වුනොත් ඒවා බාහිරව නියපොතුවල සිදු වෙන වෙනස්කම් මගින් අපට හඳුනා ගැනීමට පුළුවනි.බැක්ටීරියා සහ දිලීර ආසාදන නිසා ඇති වෙන තත්වයන්හිදී නියපොතු දුර්වරණ වීම සහ කළු පැහැයෙන් දකින්න පුළුවනි. සමහර අවස්ථාවලදී සිදු වෙන බැක්ටීරියා ආසාදන තත්වයන්හිදී නියපොතු කොළ පැහැති වර්ණයකින් යුක්ත වෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉 හිස සහ රැවුල යන ස්ථානයන්හි ඇති වුනොත්...?

ඉස්හොරි ගැන සඳහන් කරන විට අපේ මතකයට නැගෙන්නේ අපි හිස කසන විට කැදැලි කැදැලි වශයෙන් ගැලවී යන සුදු හෝ වෙනත් පැහැයක් ඇති කුඩු විශේෂයක්. ඒ වගේම රැවුල ආශ්‍රිතවත් ඉස්හොරි තත්වය ඇති වෙනවා. ඉස්හොරි නිසා කැසීම සහ ඒ නිසා ඇති වුන තුවාල නිසා දැඩි අපහසුතාවයන් ඇති වෙනවා. සමහර විට හිසේ කැසීම නිසා ඇති වෙන තුවාල පැසවා සැරව බිබිලි ඇති වෙන්න පුළුවනි. 

සාමාන්‍ය ජීවිතයේදී ඇඳුමක් අඳින්න පවා මේ තත්වය පිඩාකාරී අත්දැකීමක් වුන බොහෝ පිරිස් අප අතරත් සිටිනවා.

👉 සමේ ආසාදන සඳහා ප්‍රතිකාර ලබා ගැනීම..

බොහෝ අය සමේ ආසාදනයක් ඇති විට ඒ සඳහා ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කරනවා. ප්‍රමාදය නිසා ආසාදන තත්වය තව දුරටත් පැතිරෙනවා.

👉 සමේ ආසාදන සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද..?

සමේ ආසාදන තත්වයන් මුලින්ම හඳුනා ගැනීම ප්‍රතිකාර කිරීම සඳහා ඉතාම පහසු තත්වයක්. 

ඒ නිසා සමේ ඇති වෙන ආසාදන තත්වයන් සඳහා ප්‍රතිකාර ගැනීම හෙටට කල් තැබීම වෙනුවට අදම ඒ සඳහා යොමු වීම වැදගත්. එවිට ආසාද තත්වය ව්‍යාප්ත වී නොමැති නිසා ඉතා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පුලුවනි.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉 ඔබේ සමේ ආසාදන තත්වය, පැතිරීම අනුව වෛද්‍යවරයා විසින් ලබා දෙන ප්‍රතිකාර පිළිබඳව තීරණය කරනවා.

• සමේ ආලේපනයට ලබා දෙන ප්‍රතිජීවක ආලේපන මගින් පමණක් සුළ ආසාදන සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා.

• මුඛ මාර්ගයෙන් ලබා දෙන ඖෂධ

• ආසාදනයේ පැතිරීම විශාල නම් ප්‍රතිජීවක නික්ෂේපනය කිරීම ( injection ) 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

සමේ ඇති ආසාදනයකදී ඔබ විසින් නොකල යුතු දේ ගැනත් වැටහිමක් ලබා ගැනීම වැදගත්.

▪️ආසාදන වුන තුවාලය නිතර ස්පර්ශ කරන්න එපා.

▪️ශාරීරික පිරිසිදු බව ඉතා වැදගත්. 

නමුත් සමේ ආසාදන ඇති වීම ඔබ ස්නනාය කරනවා නම් සිරුර පිරිසිදු කිරීමට බුරුසු, ලණු හෝ ගල් වැනි දේ භාවිතා කරන්න එපා. ඒ නිසාත් විෂබීජ සම පුරා පැතිරෙන්න පුළුවනි.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉ඔබ දියවැඩියා දියවැඩියා රෝගියෙක් නම්...

දියවැඩියා රෝගින් පාද ගැන සැලකිලිමත් වීම වැදගත්., නියපොතු හා ඇඟිලිකරු ආසාදන, ස්නායු වලට රුධිරය සපයන ඉතා කුඩා ලේ නහර අවහිර වීමෙන් කකුල්වල සම තුනී වීම නිසා සමේ ආසාදනයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළයි.

🤷‍♂️🤷‍♂️

මේ අන්දමින් නිතර නිතර සමේ ආසාදනය වීමට බලපාන වෙනත් රෝග තත්වයකින් ඔබ පසුවෙනවා විය හැකියි. ඒ නිසා සමේ ආසාදනයන්ට වගේම රෝග තත්වය පාලනය කර ගැනීම, ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

✍️✍️✍️✍️

විශේෂඥ වෛද්‍ය (චර්ම රෝග ) සංජීවනී ෆොන්සේකා මහත්මිය,

වෛද්‍ය පීඨය,

පේරාදෙණිය විශ්ව විද්‍යාලය

blog_image
blog_image