blogImage

බිලිඳාගේ පෙකනිවැල පැසවීම

බිලිඳාගේ පෙකනිවැල පැසවීම

ගර්භාෂගත කළළය සහ මව අතර සම්බන්ධතාවය කළලයේ පෙකනිවැල මගින් ගොඩ නැගෙනවා. මව් කුස සිටින දරුවා පෙකනිවැල මගින් තමාගේ වර්ධනයට අවශ්‍ය සියළු පෝෂණ කොටස් මවගේ රුධිරවාහිනී ඔස්සේ ලබා ගන්නවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 ඒ වගේම දරු කළළයේ අපද්‍රව්‍ය පෙකනිවැල ඔස්සේ මවගේ රුධිරයට එකතු වී බැහැර කිරීම සිදු වෙනවා.

දරුවා උපත ලැබුනාට පසුව මවගේ වැදෑමහ සහ දරුවා අතර ඇති සම්බන්ධතාවය අනවශ්‍යය. 

🤷‍♀️🤷‍♀️🤷‍♀️

මෙය cord clamp හෙවත් පෙකනිවැල කැපීම යනුවෙන් සිදු වෙනවා. පෙකනිය සමග ස්නායු සම්බන්ධතාවයක් නැති නිසා කැපුමෙන් පසුව වේදනාවක් ඇති වෙන්නේ නැහැ.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

නව ජන්ම දරුවාගේ පෙකනිය මත පෙකනි වැලේ කොටසක් කබා එය ක්ලිප් clapper එකකින් වසා තබනවා. මෙය දින 4 සිට 5 ක් අතර කාලයේදී වියලී ගොස් හැලෙනවා. පෙකනිය පිරිසිදුව තබා නොගතහොත් බාහිරව ඇතුලු වෙන විෂබීජ නිසා එම ස්ථානය පැසවන්න පුලුවන්. 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

නව ජන්ම දරුවන් අතර මේ තත්වය බහුලව සිදු වෙනවා.නමුත් නිසි ක්‍රමවේදයකට දරුවාගේ පෙකනිය රැක බලා ගැනීම නිසා මේ තත්වයෙන් දරුවා රැක බලා ගැනීම අපහසුවක් නොවෙයි.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

👉පෙකනිය පැසවා ඇති බැව් දන ගන්නේ කොහොමද...?

▫️පෙකනියෙන් සැරව මෙන් ශ්‍රාවයන් පිට වීම

▫️පෙකනියෙන් ගන්ධයන් දැනීම

▫️පෙකනිය අවට රතු වීම සහ ඉදිමීම

▫️නැපි මාරු කරන විට දරුවාට වේදනා දැනීම නිසා හඬන්න පුළුවනි.

👉විෂබීජ ඇතුලට ගිය විට..

පෙකනිය සමේ තැනක් වුනත් 

විෂබීජ ඇතුළු වී ආසාදනය වීමට පුළුවන්. එවැනි අවස්ථාවකදී මුලින් සඳහන් කළ බාහිරව පෙනෙන තත්වයන්ට අමතරව සමහර දරුවන් තුළ පහත ලක්ෂණ ඇති විය හැකියි.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

▫️දරුවාට උන ඇති වීම

▫️ වමනය

▫️කිරි බීම අඩුයි

▫️නිදිමත ගතියකින් පසු වීම

දරුවාගේ පෙකනිය පැසවා ඇති බවට සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂

👉 පෙකනිය වැටුනාට පසුවත්..

බිළිඳෙකුගේ පෙකනිය දින හතර පහකින් වැටී යනවා. සමහර විට පෙකනිය වැටුන තැන ලේ බින්දු වශයෙන් දකින්න ලැබෙනවා. 

මෙවැනි අවස්ථා වලදී මව්පියන් කලබලයට පත් වුනත් එය බිය වීමට කරුණක් නොවෙයි. නමුත් ඒ තත්වය දිගටම පවතිනවා නම් පමණක් වෛද්‍යවරයෙකුට දරුවා පෙන්වීම වඩාත් සුදුසුයි.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉පෙකනියෙන් රුධිරය ගැලීම සමහර විට රෝග තත්වයක් වීමටත් පුලුවනි...

සෑම බිළිඳෙකුටම නොවුනත් සමහර විට බිලිඳු දරුවාගේ සිරුරේ පවතින රෝග තත්වයන් නිසා මේ අන්දමින් පෙකනිවැල වැටුන තැනින් රුධිරය කාන්දු වීමට පුළුවනි. උදාහරණ විදිහට  හිමෝෆීලියා වැනි රුධිරය කැටි ගැසීම සම්බන්ධ ගැටලු වගේම විටමින් K ඌනතාවය නිසාත් මේ තත්වය ඇති විය හැකියි. එවිට විටමින් ලබා දීම සිදු කරනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉ගැනියුලෝමා- Granuloma

බිළිඳාගේ උපතෙන් දින කීපයකින් පසුව පෙකනිවැල වැටී පසුව ක්‍රමයෙන් පෙකනිය වියැලෙනවා. සමහර විට එතැන ශ්‍රාවයන් තිබෙන්න පුළුවනි. තවත් විටෙක එම ස්ථානයේ රෝස පැහැති මස් දළුවක් වැනි ස්වභාවයක් දකින්න ලැබෙනවා. 

මෙය ග්‍රැනියුලෝමා යනුවෙන් හැඳින්වෙනවා. නමුත් වියලී නොයනවා නම් ඒ වෙනුවෙන් අල්බේත් කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. මේ තත්වය අපහසුවක් නම් ඔබගේ වෛද්‍යවරයාට පෙන්වා ඒ වෙනුවෙන් වූ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

👉 හර්නියා umbillical hernia

අලුත උපන් බිළිඳාගේ උදර බිත්තියේ පෙකනිය ඇති ප්‍රදේශය තරමක් දුර්වල නිසා හඬන විට උදර අභ්‍යන්තරයේ පීඩනය වැඩි නිසා පෙකනිය ප්‍රදේශය ඉදිරියට පිම්බී එන ස්වභාවයක් දකින්න ලැබෙනවා. එයින් දරුවාට කිසිම වේදනාවක් නැහැ. සමහර විට මේ තත්වය කුඩා ගැටිත්තක් ලෙසින් පිටතින් දකින්නත් පුළුවනි. සමහර අවස්ථාවලදී මේ තත්වය දරුවාට අවුරුදු දෙකක් පමණ වෙන විට ඉබේම නැති වෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

නමුත් මේ හර්නියා තත්වය සමග පහත රෝග ලක්ෂණ ඇත්නම්...

• බිළිඳාගේ පෙකනිය ප්‍රදේශයේ දක්නට ලැබෙන පිම්බී එන ප්‍රදේශය අත තබන විට වේදනාකාරී බවක් හඟවනවා නම්

•මේ නෙරා ගිය ස්වභාවය අඩු

නොවී පවතිනවා නම්

• බිලිඳාට නොනවත්වාම වමනය යනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂

👉 පෙකනිය ආසාදනය නොවී පවත්වා ගැනීමට නම්

▪️පෙකනිය නිතර සෝදන්න එපා. පිරිසිදු කිරීමේදී තෙත පුළුන් කැබැල්ලකින් අවට පිසින්න

▪️පෙකනිය ස්වභාවිකව වැටෙන තෙක් දරුවා නාවන විට හිස නාවා එයින් පසුව සිරුර තෙමා ගත් රෙදි කැබැල්ලකින් පිසින්න. දරුවා වතුර බේසම් වල බහා නාවන්න එපා. එවිට පෙකනියට වතුර ඇතුලු වීමට පුලුවනි.

▪️පෙකනිය ඉක්මනින් වියලා ගැනීමට යැයි සිතා විවිධ දේ ආලේප කිරීම සුදුසු නැහැ.

▪️එබැවින් නිතර පෙකනියේ කැපුම් තුවල තැන වියලිව තබන්න. දරුවා මුත්‍රා කරන සෑම අවස්ථාවකදීම නැපි මාරු කරන්න. විශේෂයෙන් පිරිමි දරුවන්ගේ මුත්‍රා ඉහළට විදින විට මෙය ආසාදනය වීමට පුළුවන්

▪️පෙකනිය වියලීමට වාතාශ්‍රය අවශ්‍ය නිසා පෙකනිය වැසෙන සේ නැපිය අන්දවා තබන්න එපා.

👉ජන්ම පිටගැස්මෙන් ආරක්ෂාව තිබුනත්...

මේ වෙන විට මව ලබා ගත් ජන්ම පිටගැස්ම එන්නතේ ප්‍රතිශක්තිය දරුවාට තිබෙන නිසා පිටගැස්ම රෝගයෙන් යම් ආරක්ෂාවක් තිබෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 ඒ වගේම අතීතයේදී මෙන් පෙකනිය කැපීම සඳහා අනාරක්ෂිත උපකරණ භාවිතා කිරීම සිදු වෙන්නේත් නැහැ.වෛද්‍ය පිළිවෙත් අනුව දරුවාට ආරක්ෂාව ලබා දුන්නත් බොහෝ මව්වරුන්ගේ නොදැනුවත්කම සහ අනාරක්ෂිත පිළාවෙත් නිසා දරුවාගේ පෙකනිය ආසාදනය වීමේ අවදානමක් ඇති වෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 ඒ නිසා නිතරම පෙකනිය වියළිව තබා ගන්න.ඒ හැර වෙනත් දේ ආලේප කිරීම, අනායාසයෙන් පෙකනිවැල ඇද ඉවත් කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය නැහැ. සති තුනක් පමණ කාලයක් ගෙවීමෙන් පසුවත් පෙකනිය වැටී නැත්නම් පමණක් වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර වෙත යොමු වෙන්න.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

✍️✍️✍️✍️✍️✍️

මහාචාර්ය මනෝරි ගමගේ,

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,

දකුණු කොළඹ ශික්ෂණ රෝහල,

සාකච්ඡාව මෙහෙයවීම -පුන්‍යා චාන්දනී ද සිල්වා

blog_image
blog_image