blogImage

මී උණ රෝගය

මී උණ රෝගය ශ්‍රි ලංකාව ඇතුලු ඝර්ම කලාපීය රටවල සුලබව පැතිරී තිබෙන මාරාන්තික රෝග තත්වයක්.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 ශ්‍රි ලංකාවේ කුඹුරු ගොවිතැන් සිදු වෙන කාලවලදී මී උණ රෝග තත්වයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර වසරකට දළ වශයෙන් රෝගීන් 3000 සිට 5000 ක් අතර සංඛ්‍යාවක් වාර්තා වෙනවා. වැඩි රෝගීන් සංඛ්‍යාවක් උතුරු මැද සහ නිරිත දිග ප්‍රදේශවලින්. තද වැසි කාලයේදී ඇති වෙන ගංවතුර තත්වය නිසා රෝගයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. 

මෙම රෝගය වෙල් උණ, පතල් උණ ,මඩ උණ, යන නම් වලිනුත් හැඳින් වෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉රෝගය බෝ වෙන්නේ කොහොමද...?

මෙම රෝග කාරක බැක්ටීරියාව Leptospira යන නමින් හැඳින් වෙනවා. රෝගය වැළඳුන මීයන් හරක්, බල්ලන්, ඌරන් වැනි සතුන්ගේ මුත්‍රා මගින් මෙම බැක්ටීරියාව පරිසරයට එකතු වෙනවා. මෙම බැක්ටීරියාව කෘෂිකාර්මික වගුරු බිම්, ඇල,වල් සහ ගංගාවන්හි රැඳී තිබෙනවා. මෙම පරපෝෂිතයා දින 2 සිට 30 ක් ( සාමාන්‍යයෙන් දින 14 ක් ) වැනි කාලයක් රැඳී ඉන්න පුළුවනි.

 💁‍♂️💁‍♂️💁‍♂️

මිනිස් සමේ ඇති තුවාල වගේම ඇසට නොපෙනෙන ඉතා කුඩා තුවාල වලිනුත් කුඹුරු ආශ්‍රිත ගලා නොයන දිය කඩිති වල නෑමේදී ඇස්වල ඇති සියුම් පටක තුලින් වගේම මී මුත්‍රා මිශ්‍ර ජලය බීමට ගැනීමේදී හෝ එම ජලයෙන් කට සේදීමෙන් මෙම බැක්ටීරියාව ශරීර ගත වෙනවා

🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

මී උණ රෝග තත්වයට වැඩියෙන් වශයෙන් දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 30- කීර කොටු , කොහිල කොටු සහ පතල් ආශ්‍රිතව රැකියා කරන පුද්ගලයන්ගේ වීමත් විශේෂයක්. ක්‍රියාකරී පුද්ගලයන් වීමත් විශේෂයක්.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 පුරන් වූ කුඹුරකට බසින ගොවියෙකුට මී උණ වැළඳීමේ අවදානම වැඩියි. ඒ වගේම මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන්නෙත් නැහැ.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉 මී උණ රෝග ලක්ෂණ

මෙම බැක්ටීරියාව ශරීරගත වී දින කීපයක් යන විට උණ, තද බල මාංශ පේශි වේදනාව, සහ ඇස් රතු වීම දකින්න පුළුවන්. මීට අමතරව අප්‍රාණික බව, හිසරදය, වමනය, මුත්‍රා අඩු වීම, මුත්‍රා කහ පැහැ ගැනීම සහ මුත්‍රා සමග ලේ පිටවීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

බොහෝ රෝගීන් මෙය සාමාන්‍ය උණ රෝග තත්වයක් යැයි නොසලකා හරිනවා. ඒ නිසාම බැක්ටීරියාව තව දුරටත් සිරුරේ වර්ධනය වී කම්පනය, පෙනහළුවලට රුධිර වහනය (pulmonary haemorhage ) හෘද රෝග සංකුලතාවයන් සහ වකුගඩු අක්‍රිය වීම වැනි බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

 එවිට ජීවිත හානි අවදානම ඉහලයි.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

👉 වකුගඩුවට බලපෑමේ රෝග ලක්ෂණ

▪️මුත්‍රා පිටවීම අඩු වීම-

▪️Seream creatine මට්ටම ඉහළ යෑම

▪️රතු රුධිර සෛල මුත්‍රා මාර්ගයේ තැන්පත් වීම

💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️

👉 අක්මාවට හානි වීම

▪️අක්මාවේ බිලිරුබින් අධික ලෙස එකතු වීම නිසා නිසා සිරුර කහ වීම ( jaundice)

▪️අක්මාව තුළ නිපදවන AsT (aspartate aminotransferase) සහ ALT, (alanine transaninase )එන්සයිම පැවැතිය යුතු මට්ටටමට වඩා තුන් ගුණයකින් ඉහල යෑම

▪️ රතු රුධිර සෛල විශාල ප්‍රමාණයකින් විනාශ වීම හෝ බිඳ වැටීම නිසා ඇති වෙන hemolysis රෝග තත්වය

💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️

👉 පෙනහළුවලට ඇති වෙන බලපෑම

▪️සිරුරේ සංතෘප්ත ඔක්සිජන් පහළ බැසීම නිසා කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග තත්වයන් ඇති වීම

▪️පෙනහළුවලට රුධිරය එකතු වීම

💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️

👉 හෘදය වස්තුවට බලපෑම නිසා ඇති වෙන රෝග තත්වයන්

▪️පපුවේ වේදනාව

▪️නාඩි වැටීමේ වෙනස්කම්

▪️හදවතේ ගැස්ම වැඩි වීම

▪️හදවතේ පටක වලට ඇති වෙන බලපෑම

💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️

👉 රුධිරවහනය පිළිබඳ ගැටලු

▪️රුධිර වහනය සිදු විම

▪️රුධිර පට්ටිකා මට්ම අඩු වීම

💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️

👉 රෝග තත්වය තහවුරු කර ගැනීමට සිදු කරන පරීක්ෂණ ලෙෂ පළමු දින 05 ඇතුලත ඡක්ඍ පරීක්ෂණය සහ ඉන්පසු ප්‍රතිදේහ පිලිබඳ පරීක්ෂණය ( MAT, ELSA ) සිදු කරනවා. මීට අමතරව රෝහල්ගත වී සිටින කාලය තුළ පහත සඳහන් පරීක්ෂණ සිදු කරනවා.

▪️ සම්පූර්ණ රුධිර වාර්තාව-(FBC)

▪️ESR වාර්තාව- Erythrocyte Sedimentation Rate

▪️වාර්තාව

▪️C-Reactive Protein (CRP)

▪️වකුගඩු පරීක්ෂණ Serum creatinine /urea, serum electrolytes

▪️අක්මා එන්සයිම පරීක්ෂණ ය-(AST/ALT)

▪️මුත්‍රා පරීක්ෂණය -(UFR)

Blood Picture

▪️පපුව ආශ්‍රිතව ලබා ගන්නා Chest Xray

▪️ප්‍රතිකාර ලෙෂ ඖෂධ සහ ප්‍රතිජීවක ලබා දෙනවා.

▪️ වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා මී උණ රෝගියාට ලබා දෙන පානීය දියර වර්ග සහ පිටවන මුත්‍රා මැනීමට උපදෙස් ලබා දෙනවා.

▪️රෝගීයාගේ වකුගඩුවලට හෝ අක්මාවට හානි සිදු වී ඇති බවට (AKl ) රෝග ලක්ෂණ ඇත්නම් (AKI ) අඩු ප්‍රෝටීන් සහිත ආහාර ලබා දෙන අතර පළතුරු, තැඹිලි, පොල් වතුර වැනි පොටෑසියම් බහුල ආහර සම්පූර්නයෙන්ම සීමා

කරනවා.

▪️බරපතල රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දෙනවා.

💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️

👉 මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට...

▪️කුඹුරු අවට පිරිසිදුව තබා ගැනීම

▪️වගා බිම් හෝ අවදානම් සහිත කටයුතුවල යෙදෙන විට අත් හා පා ආවරණ පැළඳීම

▪️ ජලය රැඳී ඇති ස්ථානවල ජලය බැසීමට සලස්වන්න.

▪️කුඹුරු මෙන්ම වතුරු පිරී ඇති ස්ථාන වලින් අත් පා මුහුණ සේදීමෙන් වලකින්න.

▪️නෑමට සහ බීමට ලබා ගන්නා ළිංසඳහා සත්ව මල මුත්‍රා ඇතුලු වීමට නොදී ඒවා

ආරක්ෂිතව තබා ගැනීමට ආරක්ෂිත බැම්මක් යොදා ගන්න

💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♂️💁‍♀️

👉මීයන් මර්ධනය කරන්න

▪️මී නාශක තබන්න මී උගුල් තැබීම සහ මී ගුල් විනාශ කරන්න

▪️මීයන් ආහරයට ගන්නා බස්සා, බකමුණා, කබරගොයා වැනි සතුන් විනාශ කිරීමෙන් වැලකීම. ඉනි හෝ පොල්පිති සිටවීමෙන් මෙවැනි තුන් කුඹුරු ආශ්‍රිතව ගැවසෙන විට මීයන් ඔවුන්ගේ ගොදුරු බවට පත් වීම

▪️ මීයන් විනාශ කිරීමට කෙම් ක්‍රම භාවිතා කරන්න.

💁‍♂️💁‍♂️💁‍♀️💁‍♀️

කුඹුරු, වගුරු බිම් ආශ්‍රිතව වැඩ කටයුතු වල නිරත වන්නේ නම් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙරාතුව Doxycycline 200 mg ඖෂධ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වීම. මෙම ඖෂධ ඔබට මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් නොමිලයේ ලබා ගත හැක.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♂️💁‍♂️💁‍♂️

👉 Doxycycline නුසුදුසු පුද්ගලයන් සිටිනවා

▪️වයස අවුරුදු 12 ට අඩු 

▪️දරුවන් ගර්භණී මවව්රු

▪️මව් කිරි දෙන මව්වරු

▪️පූර්ව ආසාත්මිකතාවයන් සහිත පුද්ගලයන්

▪️අක්මා සහ වකුගඩු රෝගීන්

💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️💁‍♂️💁‍♀️

ඔබට ඉහත රෝග ලක්ෂණ අත්නම් වහාම වෛද්‍යවරයෙකු හමු වෙන්න

රෝගීන් පිළිබඳව වාර්තා වෙනවා නම් හැකි ඉක්මනින් සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන්ට දැණුම් දෙන්න. ලබා ගැනීමට නුසුදුසු රෝග තත්වයක් තමන්ට වැළඳී ඇති දැයි සැක හැර දැන ගැනීමෙන් පසු ඖෂධ ලබා ගත යුතු නිසා අසල්වැසියන් සමග ඖෂධ හුවමාරු කර ගැනීමෙන් වැලකී තමන් විසින්ම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් ඖෂධ ලබා ගැනීම වැදගත්.

💁‍♂️💁‍♂️💁‍♀️💁‍♀️💁‍♂️💁‍♂️💁‍♀️💁‍♀️

✍️✍️✍️

වෛද්‍ය මධුෂානී වික්‍රමසිංහ ප්‍රේමසිරි,

කථිකාචාර්ය, 

ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශය , වෛද්‍ය පීඨය, 

කුලියාපිටිය

blog_image
blog_image