blogImage

HE IS AN UNSUNG HERO

සාමාන්‍යයෙන් අපේ රටේ අගය කල යුතු මිනිසුන්ව අගය කෙරන්නෙ හරිම අඩුවෙන්. මම අද මේ ලිපිය ලියන්නෙ අන්න ඒ වගේ විශිෂ්ඨ වෛද්‍යවරයෙක් ගැන ඇගයීමක් කරන්න. ඇත්තෙන්ම අපි අගය කලයුතු මිනිසුන්ව නිර්ලෝභීවම අගය කල යුතුයි. ඔහු මට මුණගැහිල තියෙන්නෙ එකම එක වතාවක් වුනත් ඒ අසාමාන්‍ය නිහතමානී කමට මම අදටත් ගොඩක් ගරුකරනව.

 

ඔහු වෛද්‍ය Pushpike de Silva. සේවය කරන්නෙ කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවට අනුයුක්තව. ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවයේ සියලුම කටයුතු සිදුවන පරිඝනක දත්ත පද්ධතිය නිර්මාණය වෙන්නෙ ඔහුගෙ අතින්. රජයේ බොහොමයක් ආයතනවල දැනටත් තියනවනෙ මිලියන ගනන් වියදම් කරලත් තවමත් අක්‍රීයව තියන පරිගණක දත්ත පද්ධති. ඒත් ඔහු විසින් නිර්මාණය කල ජාතික රුධිර පාරවිලයන සේවයේ දත්ත පද්ධතිය මේ වනවිට ඉතා සාර්ථකව භාවිතා වෙනවා.

 

සියලුම ලේ දන්දීමේ කඳවුරු වල රුධිරය එකතු කිරීම, ඒ එකතු කල රුධිරය සකස් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම වගේම රෝහල් වලදී රෝගීන්ට නිකුත් කිරීම ආදී සියල්ලම වෙන්නෙ මේ දත්ත පද්ධතිය හරහා. දැනට ලංකාවේ 100 කට අධික ලේ බැංකු මේ පද්ධතිය හරහා ජාලගත වී තිබීම නිසා ඒ හරහා වසරකට මිලියන ගණනක ඉතිරියක් රජයට සිදුවෙනව.

 

ඔබ දන්නවද? ඒ වෙනකොටත් අති විශාල මුදලක් වැය කරලත් අසාර්ථක මෘදුකාංගයක හිරවෙලා හිටපු ජාතික රුධිර පාරවිලයන සේවය වෙනුවෙන් මේ සාර්ථක දත්ත පද්ධතිය නිර්මාණය කිරීම වෙනුවෙන් හෝ, නඩත්තු කිරිම වෙනුවෙන් මේ වෛද්‍යවරයා එක රුපියලක්වත් අය කිරීමක් කරල නැහැ. ඒ විතරක් නෙවෙයි.දත්ත පද්ධතියෙ ගැටලුවක් ආවම ලේ බැංකු 100 කින් විතර එන ඇමතුම් වලට පැය 24 පුරාවටම ඉතාම කාරුණිකව පිළිතුරු දීල ඔහුම තමයි ඒ ප්‍රශ්න විසඳන්නෙත්.

 

මේ හරහා ඔහු රුපියල් මිලියන ගණනක් රජයට ඉතිරි කරල දුන්නත් එයට නිසි ඇගයීමක් නොලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්. තම උපන් රටට නිහඬව කල මේ විශිෂ්ඨ සේවය වෙනුවෙන් පුද්ගලයෙකුට ලබාදිය හැකි විශිෂ්ටතම සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය යුතුයි. ❤️❤️

 

අමුක ඩුමුක නැටුම් නැටවීම වෙනුවෙන් තම ගුවන් කාලය නිර්ලෝභීව යොදවන සමහර මාධ්‍ය ආයතන වලට මෙවැනි විරුවන්වද ඉඳහිට හෝ නෙත ගැටේවා 🙏🙏

 

සටහන: වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න

blog_image
blog_image