blogImage

“යුක්තිය” මෙහෙයුම

සති කිහිපය පුරාවට ලංකාවේ ප්‍රවෘත්තිවල ප්‍රධානතම මාතෘකාව තමයි “යුක්තිය” මෙහෙයුම

💁‍♀️💁‍♀️💁‍♀️

 

ලංකාවේ මත්ද්‍රව්‍ය මැඬලීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙහෙයුම පටන් ගත්ත දිනයේ සිට පොලිසිය වගේම කාර්යබහුල වීමට සිදුවන පිරිසක් තමයි අධිකරණ වෛද්‍ය නිළධාරීන් කියන්නේ .

ලංකාවේ මාධ්‍ය හරහා අත්අඩංගුවට ගැනීම් , වැටලීම් වගේ දේවල් පෙන්නුවාට එතනින් එහාට වෙන දේ ගැන කාටවත් අවබෝධයක් නැහැ.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

ඉතිං වෛද්‍ය විද්‍යාව හා නීතිය සම්බන්ධව මේ කාරණාව ගැන හරියට දැනගෙන ඉන්න එක අද කාලේ කාට කාටත් වටින නිසා මේ පිළිබඳ ස‍ටහනක් තබන්නට සිතුවා .

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නීතිය කුමක්ද?

 

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින විට හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකයක් පවතින විට සාක්ෂි නොමැතිව , වරෙන්තු නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

Drug dependant persons treatment and rehabilitation පනත 2007 ට අනුව පොලිසියට මේ බලතල හිමි වී ඇත

🤷‍♂️

 

 

👉 මෙසේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මොකද වෙන්නේ ?

🤔🤔🤔

 

සාමාන්‍ය ක්‍රමය නම් ,

 

▪️ මත්ද්‍රව්‍ය පාවිච්චි කර (consumed) ඇත්ද

▪️මත් වී (under influence) ඇත් ද ,

 

යන වග පැහැදිලි කර ගැනීම සදහා රජයේ වෛද්‍යවරයෙක් වෙත අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමයක් මගින් අත්අඩංගුවට පත් පුද්ගලයා ඉදිරිපත් කරනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

පුද්ගලයා පරීක්ෂා කිරීම අධිකරණ වෛද්‍ය සේවාව සහිත රජයේ රෝහලකදී අධිකරණ වෛද්‍ය නිළධාරී(JMO ) වරයෙකු විසින් සිදු කරයි

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි පරීක්ෂා කරන්නේ කොහොමද ?

🤔🤔🤔🤔🤔🤔🤔

 

මේ සදහා මුලින්ම අදාළ සිද්ධියේ සිදුවීම ඒ සම්බන්ධ ඉතිහාසය ආදී කරුණු සැලකිල්ලට ගන්නවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

ඉන්පසු පුද්ගලය‍ාගේ කායික පරීක්ෂාවන් සිදු කරනවා

අවසානයේදී රසායනික පරීක්ෂාවන් සිදු කරනවා.

💁‍♂️💁‍♂️💁‍♂️

 

මෙහිදී සුලබවම මුත්‍රාවල ඇබ්බැහි කාරක මත්ද්‍රව්‍ය අඩංගු වී ඇත්දැයි පරීක්ෂණ කට්ටලයක් මගින් පරීක්ෂා කර බලයි .

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

කලාතුරකින් අවශ්‍යවූ විටක දී රුධිරගත මත්ද්‍රව්‍ය ප්‍රමාණය පරීක්ෂා කිරීම සිදු කරනවා .

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

මේ කරුණු සියල්ල සලකා බලා සැකකරු ,

▪️මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්ද

▪️මත් වී ඇත් ද

 

යන කරුණු විශ්ලේෂ්‍ණය කරමින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් පිළියෙළ කරනව‍ා.

💁‍♂️💁‍♂️💁‍♂️

මේ වාර්තාව හා පොලිස් වාර්ථාව සැලකිල්ලට ගෙන සැකකරු උදෙසා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා .

 

👉 මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති රියදුරන් සදහා සිදුවන ක්‍රියාවලිය කුමක්ද ?

🤔🤔🤔🤔🤔

 

මුලින්ම මහාමාර්ගයේදී සැක සහිත රියදුරන් සදහා මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේ ද යන්න හදුනා ගැනීම උදෙසා පොලිසි‍ය විසින් සැකකරුගේ ප්‍ර්ශ්වාස වාතයේ මත්ද්‍රව්‍ය සංඝටක ඇතිදැයි බැලුමක් ආධාරයෙන් පරීක්ෂා කරනවා .

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

එම පරීක්ෂාවෙන් තහවුරු වන මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට ලක්ෂණ ඇති රියදුරන් රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා.

🤷‍♂️🤷‍♂️🤷‍♂️

 

මෙහිදී අදාළ සැකකාර රියදුරාගේ මුත්‍රාවල සාම්පල පරීක්ෂාකර මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කර ගැනීම සිදු කරනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

අවශ්‍ය වූ විට වැඩිපුර පරීක්ෂා කිරීම සදහා මුත්‍රා සාම්පල හා වෙනත් සාම්පල රජයේ රස පරීක්ෂාහෝ අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය වෙත යැවීම සිදු කරනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව (LIEF) අවශ්‍ය කරන අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කිරිම සිදු කරනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

 

 

👉මත්ද්‍රව්‍ය සම්බන්ධ දඩුවම් මොනවාද ?

🤔🤔🤔

 

මූලිකවම මත්ද්‍රව්‍ය සදහ‍ා වන දඩුවම්වල බරපතලකම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මත රද‍ා පවතී.

 

කුඩා ප්‍රමාණයක් ළග තබා ගත් විට දී ගරු අධිකරණයේ විනිසුරුතුමන්ගේ අභිමතය පරිදි සිරගත කිරීම හෝ දඩ මගින් දඩුවම් කිරීම සිදු කරයි.

 

ලංකාවේ උසාවිවල පවතින සම්පත් හිඟතාවය නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් සති හෝ මාස ගණනක් පූර්ව නඩු විභාග රඳවා තබා ගැනීමේ අවදානමක් පවතී.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

යම් වරදකරුවෙක්ට නියම කරන ලද දඩ මුදල ගෙවිය නොහැකි නම් මාස හයක් දක්වා සිරභාරයට ලක්වීමට සිදුවේ.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ඇතැම් මත්ද්‍රව්‍ය වැරදි සඳහා ඇප ලබා දිය නොහැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙසට අනිවාර්ය පුර්ව නඩු විභාගයක් සඳහා රඳවා තබා ගැනීම සිදු කරයි.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

මේ දිනවල සිදු කරන්නේ “ යුක්තිය” මෙහෙයුමට සමගාමී නිසා රිමාන්ඩ් බන්ධනාගාරවල දැඩි තදබදයක් ඇතැම් ස්ථානවල දක්නට ලැබේ.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 පුනරුත්තාපනය සඳහා යොමු කිරීම සිදුවන්නේ කොහොමද?

🤔🤔🤔🤔

 

දැනට ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථාන පවතිනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

ප්‍රසිද්ධම ස්ථාන දෙක වන්නේ කන්දකාඩු හා සේනපුර මධ්‍යස්ථාන දෙකයි.

🤷‍♂️🤷‍♂️🤷‍♂️

 

ගරු අධිකරණ විනිසුරුවරයා විසින් වෛද්‍ය වාර්තාව මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ කරුණු මත හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චූදිතයා සිදුකළ වැරදිවලට දඬුවමක් ලෙසට මේ පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙතට යොමු කිරීම සිදු කරනවා

 

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

👉 අවසාන වශයෙන් .......

 

මේ පිළිබඳව අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇතිකරගත යුතු වන්නේ නැහැ.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ඔබ වැඩ කරන්නේ නැත්නම් ඔබව නීතිය මඟින් ආරක්ෂා කරනු ඇත.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

✍️✍️✍️✍️✍️✍️✍️

වෛද්‍ය සුබුද්ධික ඉලුක්කුඹුර ,

අධිකරණ වෛද්‍ය විද්‍යා ලේඛකාධිකාරි

ජාතික රෝහල

මහනුවර

blog_image
blog_image