blogImage

නියපොතු හැපීමේ පුරුද්ද ලෙඩක්ද?

නියපොතු හැපීමේ පුරුද්ද ලෙඩක්ද?

 

😱😱😱😱

 

 

👉 ඇයි නියපොතු හපන්නේ ? මේක ලෙඩක්ද?

 

ඔබට හමුවෙලා ඇති තදින් නියපොතු හපන පුරුද්ද සහිත පුද්ගලයන් ,

 

සමහර අය කොච්චර නියපොතු හපනවද කියනවනම් මුළු නියපොත්තෙන් බාගෙකටත් වඩා කාලා.

😏😏😏

 

👉ඉතිං, මේ පුරුද්ද ලෙඩක්ද ?

 

💁‍♀️💁‍♀️💁‍♀️

 

ඇත්තටම මෙය රෝගී තත්ත්වයකට වඩා මුඛය ආශ්‍රිත ක්‍රියාකාරකම් හා බැඳුණු පුරුද්දක් ලෙස සලකනවා. ( An Oral Parafunctional Habit)

 

👇👇👇

 

දත්මිටිකෑම , පෑන්, පැන්සල් හැපීම, ඇඟිලි ඉරීම වගේ පුරුදුත් මේ යටතට ගැනෙනවා

 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

අන්තර්ජාතික රෝග වර්ගීකරණයට අනුව ( International Classification of Disease ) අනුව “නියපොතු හැපීම” විශේෂිත චර්යා හා හැඟීම් සම්බන්ධ ආබාධ කාණ්ඩයට ඇතුල් කර තිබෙනවා. ( Other specified Behavioral and emotional disorder)

 

👉 ඇයි නියපොතු හපන්න හිතෙන්නෙ?

 

💁‍♂️💁‍♂️💁‍♂️

 

මේ සඳහා නිශ්චිතවම හේතුවක් නොමැති වුණත් හේතු කිහිපයක් බලපාන්න පුළුවන්.

 

👇👇👇👇

 

1. පවුලේ සාධක ( Family Factors)

 

දෙමාපියන් නියපොතු හැපීම සිදු කරනවා නම් ළමයින් මුලින් ඔවුන් අනුකරණය කිරීම තුළින් මේ පුරුද්ද ඇති කරගන්නවා සමහර පවුල්වල අයට ජානමය නැඹුරුවක් තියෙනවා. නි‍යපොතු හැපීමේ ආශාව පිළිබඳවම.

 

ළමයි ලැබෙන්න කලින් දෙමව්පියන් නියපොතු හැපීමේ පුරුද්ද අත්හැරියත් ළමයින්ට ඒ පුරුද්ද ඇති වෙන්න පුළුවන්.

 

2. මනෝ විද්‍යාත්මක හේතු ( Psychological Factors)

 

සාමාන්‍යයෙන් අමාරු වැඩක් කරන්න ගිහිල්ලා ඒක බැරිවුණාම සමහර අය නියපොතු කනවා.

 

👇👇👇👇👇

 

ඇත්තටම කලබලගතිය, දුක, නොරිස්සුම් ස්වභාවය , ආතතිය වගේ හැඟීම් පිටකිරීමේ ක්‍රමයක් ලෙසට සමහර අය නියපොතු හැපීම සිදු කරනවා.

 

මෙහෙම කෙනෙක්ව බලෙන්ම අපි නියපොතු හපන එක නතර කළොත් ඒ පුද්ගලයා තව තවත් කලබලයට හා ආතතියට පත් වෙන්න පුළුවන්.

 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 නියපොතු හැපීම හා සම්බන්ධ මානසික රෝග තියෙනවාද?

 

මුලින් සඳහන් කළා වගේ නියපොතු හැපීම විතරක් මානසික රෝගී තත්ත්වයක් ලෙසට සලකන්නේ නැහැ.

නමුත් මානසික රෝග තත්ත්වවලදි නියපොතු හැපීම කියන් දේ සම්බන්ධ වෙලා තියෙනවා.

 

බොහෝ පුද්ගලයන් නියපොතු හැපීම පටන් ගන්නෙ කුඩා කාලයේදී . ටිකෙන් ටික වැඩිවියට පත් වීමේදි මේ පුරුද්ද වැඩි වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

වයස අවුරුදු 12ත් 18ත් අතර එහෙම නැත්නම් Teenagersලා අතර මේ පුරුද්ද වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

 

ඉතිං සමහර ළමයින්ගේ හා නව යොවුන්වියේ පසුවන දරුවන්ගේ මානසික රෝගාබාධත් සමඟ නියපොතු හැපීම සම්බන්ධව පවතිනවා. පහත රෝගී තත්ත්ව තමයි ඒ,

👇👇👇

 

💁‍♀️ ADHD( Attention Deficit Hyperactive Disorder)-

74%

💁‍♀️OCD ( Obsessive Compulsive Disorder ) 11%

💁‍♂️Enuresis 15%

💁‍♀️Seperation anxiety Disorder – 20%

💁‍♂️Mental Retardation – 9%

💁‍♀️Tourette Syndrome

 

👉 නියපොතු හැපීමේ අතුරු ආබාධ

 

1. නියපොතු කොටවීම

දිගු කාලයක් තදින් නියපොතු හැපීමේ පුරුද්ද නිසා නැවත

වැඩෙන්නෙ නැතිවෙන විදිහටම නියපොත්ත අග කොටස

ගෙවීයාමට ලක්වෙන්න පුළුවන්.

 

2. නියපොත්ත ඒ අවටින් ලේ ගැලීම.

 

3. නියපොත්ත ආසාදනයට ලක්වීම ( Paronychia )

 

4. දත්වලට හානි වීම

 

5. විදුරුමස් තුවාල වීම හා ආසාදනය වීම

 

6. පනුරෝග වැළඳීමේ අවදානම වැඩිවීම

 

7. නියපොතු විකෘති වීම හා විරූපීවමෙන් දෑත් අවලස්සන වීම

 

8. සමාජීය වශයෙන් මේ පුරුද්ද නිසා ගැටළුවලට මුහුණ දීමට සිදුවීම.

 

👉 නියපොතු හැපීම පාලනය කරන්නෙ කොහොමද?

💁‍♀️💁‍♀️💁‍♀️

 

බොහෝ වෙලාවට මෙය තමාටම සිතා මතා පාලනය කළ හැකියි.

 

නමුත් එසේ තමාට පාලනය කළ නොහැකි ආකාරයට මේ පුරුද්ද බරපතල නම් පහත ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න පුලුවන්.

 

1. නියපොතු මත ඔලිව් තෙල් ආලේප කිරීම මේ මඟින් නියපොතු මෘදු කරන අතර හැපීමට අපහසු බවක් ඇති කරයි.

 

2. නියපොතු ක්‍රමවත්ව කපා අලංකාරව පවත්වා ගැනීම ( Manicuring the nails )

 

3. ග්ලවුස් භාවිත කිරීම

 

4. නියපොතු හැපීම වෙනුවට චුයින්ගම් හැපීම වැනි පුරුද්දකට මාරු වීම.

 

5. නිතරම ක්‍රියාකාරකම්වල යෙදීමෙන් දෑත් කාර්යබහුලව තබා ගැනීම.

උදා- ක්‍රීඩා කිරීම

සංගීතය

 

මීට අමතරය ඉතා තදින් පුරුද්දට ඇබ්බැහි වීම නිසා පාලනය කර ගත නොහැකි අය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

blog_image
blog_image