blogImage

📌අනේ ඩොක්ටර් දුව A/L ලියනවා හෙම්බිරිස්සාවයි කැස්සයි හැදිලා මේ දවස් ටිකේ හරියට පාඩම් කරගන්නවත් බැ

📌අනේ ඩොක්ටර් දුව A/L ලියනවා හෙම්බිරිස්සාවයි කැස්සයි හැදිලා මේ දවස් ටිකේ හරියට පාඩම් කරගන්නවත් බැහැ.

 

ඉක්මනට අඩු වෙන්න බෙහෙත් ටිකක් දෙන්න.

 

මේ විදියට අහිංසක ඉල්ලීමක් කළේ මේ දවස්වල A/L ලියන දරැවෙක්ගෙ අම්මා කෙනෙක්.

 

👇👇👇👇

 

සීතල දුරුත්ත එක්ක දිගටම පවතින වැහිබර කාලගුණය නිසාම මේ දවස්වල ශ්වසන රෝග එහෙමත් නැත්නම් හෙම්බිරිස්සා උණ ටිකක් බහුලව තිබෙනවා.

😒😞

 

ඉතිං උසස් පෙළ විභාගෙ පැවැත්වෙන කාලයේදී ඒ විභාගයට පෙනී සිටින දරුවන්ට උණ රෝගය හැදුණොත් කරදර වැඩියි.

😒😒😒

 

කවුරු කොහොම කිව්වත් උසස්පෙළ විභාගය කියන්නෙ ජීවිතේ ඉතාම වැදගත් කඩයිමක් නිසා දරුවො ටික උණ හෙම්බිරිස්සාවෙන් ආරක්ෂා කර ගන්න පුංචි දැනුම්වත් කිරීමක් කරන්න හිතුවා.

💁‍♂️💁‍♂️💁‍♂️

 

මේ කියන්න යන දේවල් ගොඩාක් අය දන්න දේවල්, නමුත් කතාවක් තියෙනවානෙ හදිස්සියට කොරොස් කටෙත් අත දා ගන්න බෑ කියලා.

🤷‍♂️🤷‍♂️🤷‍♂️

 

ඒ නිසා A/L ලියන ළමයෙක් ඉන්න පවුලක හ‍ැමෝම ඉන්නෙ ටෙන්ෂන් එකේ නිසා සමහර විට මේ සරල දේවල් වුණත් අමතක කරන්න පුළුවන්.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද?

 

අපේ ශ්වසන මාර්ගයේ ඇතිවන ආසාදනයක් තමයි අපි හෙම්බිරිස්සාව කියලා කියන්නෙ.😱

 

ගොඩක් වෙලාවට මේ ආසාදන ඇති කරන්නෙ වෛරස්. 😱

 

මේ දවස්වල නම් ,

▫️Rhinovirus

▫️Influenza

▫️Adenovirus

වගේ ඒවට අමතරව සමහර විට Corona Virus ආසාදනත් පැතිරෙනවා වෙන්න පුළුවන්.

😧

 

👉 මොනවාද රෝග ලක්ෂණ

 

▪️නාසයෙන් හොටු දියර ගැලීම

▪️කිවිසුම් යාම

▪️උගුරේ වේදනාව

▪️කැස්ස

▪️උණ

 

👉 හෙම්බිරිස්සාව හදාගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?

💁‍♀️💁‍♀️💁‍♀️

 

01. මුඛ ආවරණ පැළඳීම.

👇👇👇

 

ගොඩාක් වෛරස් කෙනෙක්ගෙන් කෙනෙක්ට පැතිරෙන්නෙ ශ්වසන බිඳිති හරහා. ඉතිං මුඛ ආවරණ පළඳින කොට ඒ වෛරස් ශරීරගත වීමේ අවදානම 50%ක් වගේ අඩු වෙනවා.

😱

 

විශේෂයෙන් බස් රථයක කෝච්චියේ වගේ පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමේදී මේක වැදගත්.

 

විභාගෙ ලියන වෙලාවට අපහසු නම් මාස්ක් එක ගලවලා තිබ්බට කමක් නෑ.

💁‍♀️

 

02. නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න.

👇👇👇

 

වෛරස් යම් මතුපිටක තිබිලා ඒ ‍තැන ඇල්ලුවොත් අපේ ඇඟටත් ඇතුල්වෙන්න චාන්ස් එකක් තියෙනවා.

😱

මේ නිසා බස් එකේ ගිහිල්ලා ආවට පස්සෙ සබන් දාලා අත් සෝදගන්න.

 

පුළුවන් කමක් තියෙනවා නම් හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කළා නම් හොඳයි

💁‍♀️

 

03. වැස්සට තෙමෙන්න එපා.

👇👇👇

 

සීතල කාලගුණ තත්ත්ව වලදී වෛරස් බාහිර ආචරණයේ ප්‍රතිරෝධීතාව වැඩි වෙනවා.

😱

ඒ නිසා වෛරස් විනාශ කිරීම අපහසු වෙනවා. ආර්ද්‍රතාවය අඩු පරිසරවලදී නාසයේ සෙම් පටලය වියළෙන නිසා වෛරස්වලට පහසුවෙන් ශරීරයට ඇතුළ්වෙන් පුළුවන් .

😱

මේ හේතු නිසා වැස්සට නොතෙමී ඉන්න එක හොඳයි.

වැරදිලාවත් තෙමුණොත් ඉක්මනින් ඇඳුම් මාරු කරගන්න.උණුසුම් පානයක් ( තේ එකක් , සුප් එකක්) පානය කරන්න.

💁‍♀️💁‍♀️💁‍♀️

 

04. ප්‍රතිශක්තීකරණය වැඩි කරගන්න.

👇👇👇

 

අව්වක් වැටෙන වෙලාවට පොඩ්ඩක් එළියට පහලියට බැහැලා පාඩම් කරන්න.

විටමින් D අපේ ප්‍රතිශක්තීකරණයට වැදගත්.

😃

 

ඒ කාලෙ ඉඳන් අපේ අම්ම්ලා අපට ලබා දෙන වෙනිවැල්ගැට , කොත්තමල්ලි, පස්පංගුව වගේ ස්වභාවික දෙයකින් ප්‍රතිශක්තීකරණය වැඩි කරගන්න එකත් ගොඩක් හොඳයි.

😃😃

 

👉 හෙම්බිරිස්සාව හැදුණොත් මොනවද කරන්න ඕනි.

💁‍♂️💁‍♂️💁‍♂️

 

වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

💯

 

ගොඩක් වෙලාවට හෙම්බිරිස්සාව උණ දවස් 3-4 යද්දි ස්වභාවිකවම සනීප වෙනවා.නමුත් ඒ ගතවන දින තුන හතර ටිකක් අමාරු වෙනවා.

😢

විභාගෙ ලියන දරුවන්ට මේ දින 3-4 වුණත් ගොඩක් වැදගත් නිසා හැදුන ගමන් බේත් ටිකක් ගන්න එක හොඳයි. එහෙම කලින්ම වෛද්‍ය උපදෙස් ලබා ගත්තම පහත වාසි ටික ලැබෙනවා.

😃😃

👇👇

 

01. බැක්ටීරියා ආසාදනයන් දක්වා වැඩිවීම වළක්වා ගන්න පුළුවන් .

 

සමහර වෙලාවට වෛරස් ආසාදන බැක්ටීරියා ආසාදන සමඟින් අමාරු තත්ත්වයන් දක්වා වැඩි වෙන්න පුළුවන්.

😱

නමුත් මුලදීම නිසි ඖෂධ මඟින් පාලනය වීමෙන් මේක වළක්ව‍ා ගන්න පුළුවන්.

 

02. ඩෙංගු උණ වැනි වෙනත් තත්ත්ව හඳුනා ගන්න පුළුවන්.

 

හෙම්බිරිස්සා උණ එක්කම මේ කාලයේදි ඩෙංගු උණ වගේ වෙනත් රෝගත් තියෙන නිසා කල් වේලා ඇතිව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඒවා හඳුනාගන්න පුළුවන්.

😃

 

03. පුළුවන් විදියට විවෙිකය ලබා ගන්න.

 

ප්‍රායෝගිකව විභාගෙ ලියන දරුවන්ට මේක ටිකක් අමාරුයි තමයි. නමුත් පුළුවන් විදියට විවේකයෙන් ඉන්න. විවේකය මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතියට වෛරස් ආසාදනයට එරෙහිව සටන් කිරීම පහසු වෙනවා.‍

🤷‍♂️🤷‍♂️

 

අවසාන වශයෙන් ...........,

මේ කියපු දේවල් සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක් දන්න ඒවා.

 

නමුත් අපි ඒ දේවල් වැදගත් කියලා හිතෙන්නෙ නැහැ.

🤷‍♂️

 

මම දන්නවා මේ පාර A/L ලින දරුවො නම් මේවා ෆේස්බුක් එකේ බල බල ඉන්නෙ නැහැ කියලා.

😇😇

 

නමුත් ඔයා දන්න කවුරු හරි දරුවන් A/L ලියනවා නම් පවුලේ අයට මේ කිව්ව දේවල් ගැන අවධානෙන් හිටියොත් සාර්ථකව විභාගයට මුහුණ දෙන්න උදව්වයෙි කියලා හිතනවා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

✍️✍️✍️✍️

Dr. Kasun Bandara ,

Acting Medical Superintendent,

BH Welimada

blog_image
blog_image