blogImage

ක්ලාන්ත වීම

උදෑසන රැස්වීම් වේලාවේදී පාසල් දරුවන් ක්ලාන්ත වීම ඉතාම සුලබ සිදුවිමක්. සමහර දරුවන් වනාඩි 10 ක් 15 ක් ඇතුලත යථා තත්වයට පත් වුනත් සතියකට අවම වශයෙන් දරුවන් දෙතුන් දෙනෙක්වත් පාසල් නිල ඇඳුමෙන්ම රෝහල්ගත කරනවා. ඉතින් මේ විදිහට දරුවන් ක්ලාන්ත වෙන්නේ ඇයි...?

 

🔰උදේ ආහාරය...

උදෑසන ආහාරය ඉතාම වැදගත් යැයි අපි කොතෙක් කිව්වත් සමහර දරුවන් උදෑසන ආහාරය ගැන සැලකිලිමත් නැහැ.🌮 එහෙම නැත්නම් උදෑසන ආාහරය ලබා ගත්තත් එය ප්‍රමාණවත් පරිදි ලබා ගන්නේ නැහැ. මේ නිසා ටික වේලාවක් රැස්වීමේ සිට ගෙන සිටින විට රුධිරයේ සිනි මටට්ම අඩු වීම (hypocalcemia) නිසා ක්ලාන්ත තත්වයට පත් වෙනවා.💆‍♀️

 

🔰වැඩි වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම...🧍‍♀️

සමහර අවස්ථාවල උදෑසන රැස්වීමේදී දරුවන් එකම ඉරියව්වෙන් වැඩි වෙලාවක් සිට ගෙන සිටිනවා.සරලව කිව්වොත් පාසල් රැස්වීමේදී පාද නොසොල්වා සීරුවෙන් සිටගෙන සිටින්න වෙනවා.🧍‍♂️ මේ නිසා මොළයට රුධිරගමනාගමය අඩු වීම නිසා ක්ලාන්ත තත්වය ඇති වෙනවා.🙇‍♂️

 

🔰විජලනය...

අපේ සිරුරට ආාහරවලට වගේම ජලයටත් වැඩි තැනක් ලැබෙනවා. විජලන තත්වය නිසා බොහෝ අපහසුකම් ඇති වෙනවා. උදෑසන රැස්වීමේදී දරුවන් හිරු එළියට නිරාවරණය වෙන වේලාවත් වැඩියි. අධික ලෙස දහඩිය දැමීම නිසා විජලන තත්වය වගේම රුධිර පීඩනය අඩු වීම නිසා ක්ලාන්ත තත්වය ඇති වෙනවා.

උදෑසන රැස්වීමේදී ක්ලාන්ත තත්වය ඇතිවීමට ඉහත හේතු බලපනවා. ඊට අමතරව ක්ලාන්තය ඇති වීමට බලපාන තවත් හේතු තිබෙනවා.

 

🔰අධික ලෙස වෙහෙසට පත් වීම

හිරු එළියේ අධික ලෙසින් ක5ිඩ කරන විටත් ක්ලාන්තය ඇති වෙන්න පුලුවනි. විශේෂයෙන් අධික හිරු එලියේ ක්‍රිඩා කිරීම නිසා ක්ලාන්තය ඇති වෙනවා.

 

🔰තදබල වේදනාවක්...

තුවාලයකින් , පහරකින් ඇති වෙන ස්නායු උත්තේජනය (vaagal stimulation) නිසාත් ක්ලාන්තය ඇති වෙනවා.

 

🔰දැඩි මානසික ආවේග...

හදිසයේ ඇති වෙන අධික බිය, කම්පනය, ආවේග, ආතතිය නිසාත් අපේ ස්නායු උත්තේජනය වී ක්ලාන්තය ඇති වෙනන් පුළුවනි.

 

🔰වැඩිපුර කෙටි හුස්ම ගැනීම..

පෙනහලු පිරෙන්න හුස්ම හෙවත් දිගු හුස්ම ගැනීම ඉතා හොඳ ව්‍යායාමයක්. ඒ වගේම නිතරම කෙටි හුස්ම (hyperventilating & ) නිසාත් ක්ලාන්ත තත්වය ඇති වෙනවා.

 

🔰එක්වරම සිට ගැනීම...

අපි වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් පසුව එක් වරම නැගී සිටියොත් මොළයට රුධිර ගමනාගමනය අඩු වීම නිසා ක්ලාන්තය ඇති වෙනවා.

ක්ලාන්තය ඇති වීමට තවත් හේතු තිබෙනවා. ඒ අතරම අපි ක්ලාන්තය වලක්වා ගන්නේ කොහොමද කියා සාකච්ඡා කරමු.

 

🔰උදේ ආහාරය හොඳින් ලබා දෙන්න..

බොහෝ මව්පියන් දරුවා කඩිමුඩියේ පාසල් එවනවා. උඩින් පල්ලෙන් ආහාරයක් කවා එව්වත් එයින් දරුවාගේ කුෂ පිරෙන්නේ නැහැ. මෙය ඉතා නරක පුරුද්දක්. ඒ නිසා ක්ලාන්තය පමණක් නොව තවත් අතුරු රෝග තත්වයන් ඇති වෙනවා.

ඉගෙනුම් දුබලතා, ෂතක ශක්තිය අඩු විම, අවධානය පිලිබඳ ගැටළු පමණක් නොව සමහර විට වලිප්පු තත්වය දක්වාම උදේ ආාහරය නොලබා පැමිණීමේ අතුරු සංකුලතාවයන් බලපානන් පුලුවනි.

 

🔰ප්‍රේමදාස තියරිය උගන්වන්න...

අද කාලයේ ජීවත්වෙන වැඩිහිටියන්ට ප්‍රේමදාස මහතාගේ කථන ඉරියව්ව ගැන දැක පුරුද්ද තිබුනත් දරුවන්ට ඒ ගැන කිසිම අදහසක් නැහැ.දිවංගත ප්‍රේමදාස මහතා දක්ෂ තථිිකයෙක්.පැය ගණනාවක් වුනත් එක දිගට සිය දේශනය පවත්වනවා. මේ අනස්ථාවලදී එතුමාග් ඉරියව්වක් තිබුණා.

පාදවල ඇඟිළි පොළව මත තබා තිබියදී විළුඹෙන් ඉහලට මදක් වරින් වර එසවෙනවා.ඒ වගේම වරින් වර දණහිස් මදක් ඉදිරියට නවා නැවත දිග හරින්නත මෙය වරින් වර කරන්න. මේ අපක්‍රමය මගින් පාදවල එකතු වන රුධිරය ඉහළට තල්ලු කිරීම සිදු වෙනවා. ඒ නිසා ක්ලාන්තය වලක්වා ගැනීමට පුලුවනි.

 

🔰නිතරම ජලය පානය කරන්න..

බොහෝ ගුරුභවතුන් පාඩමට අවධානය යොමු නොවන නිසා දරුවාට වතුර පානය කිරීමට අවශ්‍යතාවය ඇති වුනත් ඊට ඉඩක් නොදෙන අවස්තාවන්ද තිබෙනවා.👩‍🏫

ඒ වගේම ගැහැණු දරුවන් වැසිකිලි යැමේ ගැටලු නිසා ජලය පානය කිරීමට කැමැත්තක් දක්වන්නේම නැහැ.🙅

විශේෂයෙන් අධික උණුසුම් කාලවලදී දරුවන්ට ජලය පානය කිරීමට අවස්ථාවක් ලබා දීම අවශ්‍යයි.

 

ඒ නිසා මව්පියන් විසින් දරුවාට පාසලට ගෙන යෑමට ප්‍රමාණවත් ධාරිතාවක් ඇති බෝතලයක් ලබා දීම වගේම රැගෙන යන වතුර ප්‍රමාණයවත් පානය කරනවා දැයි බලන්න. මව්පියන් දරුවාගේ කෑම පෙටිටිය ගැන සැලකිලිමත් වුනත් වතුර බෝතලය ගැන එතරම් සැලකිල්ලක් නැහැ. බොහෝ විට දරුවා වතුර බෝතලය ගෙන යෑමට පවා මැලි වෙනවා.

එහෙමනම් යාළුවෙක්ගෙන් වතුර ටිකක් ඉල්ලා ගන්න කිව්වත් මව්පියන් වශයෙන් ඔබ දරුවාගේ කෑම පෙට්ටිය ගැන වගේම වතුර බෝතලයටත් වැඩි උනන්දුවක් ලබා දීම වැදගත්. එවිට ඔබේ දරුවා උදෑසන රැස්වීමට ක්ලාන්ත ගතියකින් තොරව අවධානය දක්වනු ඇත.

 

✒️✒️✒️

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

ශික්ෂණ රෝහල

කුරුණෑගල

blog_image
blog_image