blogImage

අවයව දන්දීම

ජීවිතයත් හරි පුදුමාකාරයි,ජීවිතේ කොයිතරම් අස්ථීරද කියලා ඇත්තටම දැනුනේ දැඩි සත්කාර ඒකකයේ වැඩ කරන්න පටන් ගත්තට පස්සෙ,

 

මගේම වයසෙ , සමහරවිට මටත් බාල අය මේ ලෝකෙ අතෑරලා යන්නේ අපි කොයිතරම් උත්හස කරත් නවත්ව ගන්න බැරි විදියටයි.

😪

 

📌️ඒ අය අතරින් සමහරු තවත් අහිංසක ජීවිත ගොඩකට පිහිට වෙලයි මේ ලොකෙන් සමුගන්නෙ

 

📌එයාලාගෙ අවයව අසරණ රෝගීන්ට දන්දීලයි එහෙම ඒ ජීවිත වලට පිහ්ට වෙන්නෙ

 

📌️ඉතිං අපි මේ ලෝකෙට ආවෙත් හිස් අතින් වගේම යන්නෙත් හිස් අතින් තමයි. 💯

 

📌️ඒ යන ගමනේ අවසානය පස් පිඩක් විදිහට පොලෝ තලයට හරි, සුළං රැල්ලක් සමග වාතලයට හරි

එකතු වෙන එක විතරයි. ☘️

 

📌️හැබැයි ඊට වඩා අර්ථවත් විදිහට අපේ ගමනේ අවසානය නිමා කරන්න පුළුවන්නම් කොයි තරම් වටිනවද….😊

 

📌️ඔවු, අපි හැමෝටම පුළුවන් අපි යද්දි තව කෙනෙක් ජීවත් කරවන්න. 🌼

 

සමහර විට එක ජීවිතයක් නොමෙයි. ජීවිත ගණනාවකට හුස්ම ගේන්න අපිට පුලුවන්. 🥰

 

☘️ඒ අවයව දන්දීම මගින්☘️

 

📌️ඉතිං අවයව දන්දීම සඳහා කැමැත්තෙන් ඔබ ඉන්නවානම් ඔබට ඇති ගැටළු වලට පිළිතුරු වගේම, අවයව පරිත්‍යාග කරන්නෙකු වෙන්නෙ කොහොමද කියල අපි කියන්නම්. ✔️💯

 

මුලින්ම බලමු මේ ක්‍රියාවලිය සඳහා සුදුසුකම් 🙋‍♀️

 

📌️වයස කීයද…⁉️️

ලංකාවේ දැනට පවතින නීතිය අනුව ඔබට අවයව පරිත්‍යාග කිරීමට අවම වයස 👉21 විය යුතුය.

අනාගතේදී මේ සීමාව වෙනස් වන්නත් පුළුවන්.

උපරිම වයස් සීමාවක් නැහැ. නමුත් වයස්ගත වීමේදී අපේ අවයව ක්‍රියාකාරීත්වය දුර්වල වෙන නිසා වයස 75 ට වැඩි පුද්ගලයින් එතරම් සුදුසු නැහැ.🚫

 

📌️අවයව පරිත්‍යාග කල හැක්කේ කුමන අවස්ථාවේදීද…⁉️️

ඔබට අවයව පරිත්‍යාග කළ හැක්කේ, ඔබ දැඩිසත්කාර ඒකකයේදී පළපුරුදු වෛද්‍ය මණ්ඩලයක් මගින් මොළය මිය ගිය බව හඳුනාගත් විට පමණි.✔️

 

මොළයේ මියයාම කියන්නෙ 🧠 මොළයට දැඩි හානි සිදුවීම නිසා, තවදුරටත් ශ්වසනය පවත්වා ගැනීමට නොහැකි වීමයි.

ශ්වසනය පවත්වාගෙන යාමට දැඩිසත්කාර ඒකකයේ යන්ත්‍ර අවශ්‍ය වෙනවා. ✔️

දැඩිසත්කාර ඒකකයේ විශේෂ වෛද්‍ය මණ්ඩලය මගින් පමණක් මොළය මිය ගිය බව හඳුනාගනු ලැබේ.

 

📌️රෝගී තත්වයක් පවතින අයෙකුට අවයව පරිත්‍යාග කළ හැකිද…⁉️️

ඔබට අවයව පරිත්‍යාග කළ හැකියි. 💁මොළයේ මියයාමකදී ඔබේ අවයව බද්ධ කිරීමට සුදුසු

තත්වයක තිබේදැයි, වෛද්‍යවරු පරික්ෂා කොට තීරණය කරනු ලබයි. 🧑‍⚕️

 

📌️ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීමෙන් පසු මෘත ශරීරයේ විකෘති වීමක් සිදු විය හැකිද…🙄⁉️️

ඔබේ අවයව විශේෂ ශල්‍ය කණ්ඩායමක් මගින් ශල්‍යාගාරයේ සැත්කමකින් ලබාගන්නා නිසා මෘත ශරීරයට හානියක් නොවේ. 💁 ඉන්ද්‍රිය පරිත්‍යාගයෙන් පසු මෘත ශරීරය නැවත භාර දීමට ප්‍රමාදයක් සිදු වන්නේ නැත.

අවමංගල්‍ය කටයුතුද ඔබේ ආගම / විශ්වාස මත කිසිදු වෙනසක් සිදු නොකොට පැවැත්විය හැකිය.😊

 

📌️මොළය මියගියත් අවයව ඉවත් කිරීමේදී වේදනාවක් දැනෙයිද…🙄⁉️️

නැහැ.🙅 මොළය මිය ගිය පසු කිසිදු වේදනාවක් හෝ සංවේදනයක් දැනෙන්නේ නැත.

 

📌️මාගේ අවයව බද්ධ කළ රෝගියාගේ විස්තර මාගේ පවුලේ අයට දැනගත හැකිද…⁉️️

ඉතා සංවේදී කාරණාවක් බැවින් ආචාරධර්ම වලට පටහැනි වන අයුරින් නම් ආදී විස්තර හෙලිදරවු කිරීම සිදු නොකරයි.😊

 

ඔබ අවයව පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි විය යුත්තේ කෙසේද.

 

📌️අප පහතින් ලබාදී ඇති අයදුම්පත බාගත (Download) කර, මුද්‍රණය කර, ඔබගේ විස්තර

සම්පූර්ණ කර, සාක්ෂි කරුවන්ගේ විස්තර හා අත්සන් සම්පූර්ණ කර, මේ ලිපිනයට තැපෑලෙන් එවන්න.

 

👉 සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

තල්පත්පිටිය

නුගේගොඩ

 

සිංහල අයදුම්පත්‍රය

 

https://sjgh.health.gov.lk/up/donor/consent-form-sinhala.pdf

 

English Application

 

https://sjgh.health.gov.lk/up/donor/consent-form-english.pdf

 

📌️ එසේ නොමැතිනම් ඩිජිටල් ලෙස පිරවූ අයදුම්පත්‍රය හෝ එහි පිටපතක ඡායාරූපයක් පහත ඊමේල් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.

 

Email - otu@sjghsrilanka.lk

 

Whatapp - 94770 344 344

 

📌️ලියාපිංචියෙන් පසුව සිදුවන්නේ කුමක්ද…⁉️️

 

ඔබට ජාතික ඉන්ද්‍රියන් දන්දීමේ කාඩ්පතක් ලැබෙනු ඇත. ✔️

 

📌️ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ තොරතුරු ගබඩා වනු ඇත. ✔️

 

📌️රෝහලකදී මොළයේ මරණයක් සිදුවූ පසු රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔබගේ ලියාපදිංචිය පරික්ෂා

කරනු ඇත. ✔️

 

📌️ලියාපදිංචිය තහවුරු වූ පසු ඔබගේ සමීපතම ඥාතියා සම්බන්ධ කරගෙන ඔවුන්ගේ කැමැත්ත ඇතිව ක්‍රියාවලිය ආරම්භ වනු ඇත. ✔️

 

👥ඉතිං නිකම්ම පොළවට පස් නොවී ජීවිතය ඉල්ලා හඬන හදවතකට හුස්මක් ගෙන එන්න අවයව පරිත්‍යාගශීලියකුවන්න

blog_image
blog_image