blogImage

භාෂා දෙකක් භාවිත වෙන දරුවන්ගෙ එක් එක් භාශා වර්ධනය.

එදත් අදත් කවදත් කතාවෙන භාෂා දෙකක් ගෙදර කතා කරාම බබාට කතා කරන්න පරක්කු වෙනවද කියන කාරණය ගැන පර්යේශණ වලින් නිතර කියවෙන කාරණා ටිකක් ලියන්න හිතුනා.✍✍

 

1. භාෂා දෙකක් නිතර ඇසීමට ලැබීම , නිවසේ භාවිත වීම දරුවා ව්‍යාකූල තත්වයකට පත් නොකරයි . 😎😲කුඩා දරුවෙකුට භාෂා දෙකක් හෝ වැඩි ගණනක් එක වර ඉගෙන ගැනීමට හැක.🤭🤠

 

2. භාෂා දෙකක් භාවිතා වෙන ගෙදරක සිටින දරුවකුගේ කථන හා භාෂා හැකියාව වර්ධනය වීමට , එක භාෂාවක් පමණක් කතා කරන දරුවකුට වඩා වැඩි කාලයක් අවශ්‍ය විය හැක.🥺😶 ( සිංහල පමණක් පාවිච්චි වෙන නිවසක අවුරුදු තුනක දරුවකුගේ කතාව , සිංහල ඉංග්‍රීසි දෙකම පාවිච්චි කරන අවුරුදු තුනක දරුවකුගෙ කතාවට වඩා හොදින් තිබිය හැක)

 

3.භාෂා දෙකක් කතා කරන දරුවෙකුට ප්‍රමුඛත්වය දෙන එක භාෂාවක් තිබිය හැක (Dominant language). දරුවාට පහසු සහ කැමති භාශාව දරුවා විසින් තෝරගනු ලැබේ.👌 👌 එහිදි භාෂා දෙකක් කතා කරන දරුවාගේ ප්‍රමුඛතාවය දෙන භාෂා වර්ධනය ,තනි භාෂාවක් කතා කරන දරුවාගේ භාෂා වර්ධනයට සමාන නොවිය හැක. 😮‍💨

 

( සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම කතා කරන දරුවෙක් වැඩිපුර කතා කරන්නෙ සිංහල යැයි හිතන්න( Sinhala is the dominant language here) . එම දරුවාගේ වයසේම සිංහල පමණක් කතා කරන දරුවාගේ කථන හැකියාව තරමටම භාෂා දෙකම කතා කරන දරුවාගේ සිංහල කථනය හොද නොමැති වෙන්න පුලුවන් ) 😲😲

 

3. භාෂා දෙකක් භාවිත වෙන දරුවාගේ භාෂාත්මක දැනීම ,භාෂා දෙකට වෙනස් ⁣වෙන්න පුලුවන්.

 

( ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ සිදුවෙන දිවාසුරැකුම් ආයතනයක සිටින දරුවා එහිදි කතා කිරීමට අවශ්‍ය වචන , වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා අතර , ගෙදරදි සිංහල භාෂාවෙන් ගෙදර අයවලුන් සමග කතා කිරීමට ඉගෙන ගනී. ) 🤗🤗

 

අපේ බහුතරයක් වැඩිහිටියොත් passive bilingual අය. ඒ කියන්නෙ " මට ඉංග්‍රීසිත් පුලුවන්. දෙයක් කිව්වම ඕන දෙයක් තේරෙනවා ඒත් කතා කරන්න බැහැ "කියන අය.🥴🥴 අන්න ඒ වගේම කුඩා දරුවනුත් භාශා දෙකෙන්ම හොදට තේරෙන, ඒත් දේවල් ප්‍රකාශ කරන්න එක භාශාවක් වැඩිපුර පාවිච්චි කරන ( භාෂාව තේරැම් ගැනීමේ සහ කතා කිරීමේ පරතරයක් gap එකක් තියෙන ) බව පර්යේශණවල දත්ත වල තියෙනවා.🤔🤫

 

4. භාෂා දෙකක් භාවිත වෙන දරුවන්ගෙ එක් එක් භාශා වර්ධනය.

 

මෙය සම්පූර්ණයෙන්ම අපි දෙන ප්‍රමාණයට සිදුවෙන්නෙ. ඒ කියන්නෙ දරුවාට ඇහෙන ඉංග්‍රීසි ප්‍රමාණය 80%, සිංහල ප්‍රමාණය 20% නම් දරුවාගේ භාෂාව වර්ධනය වෙන්නෙත් ඒ ආකාරයෙන්ම තමා.🙇🙇‍♀දරුවා අදාල භාෂාවට අනාවරණය වෙන කාලයට සහ ඒ ඒ භාෂා්ව වැඩිහිටියන් විසින් පාවිච්චි කරන ආකාරයට තමා දරුවා ග්‍රහණය කරන්නෙ.👂👂ඒ කියන්නෙ ප්‍රමාණය සහ ගුණාත්මකතාවය බලපානවා ( Quality and the Quantity matter for the development of both languages )

 

5.වෙනත් රටක සිටියදී ( Immigrants ⁣) ඔබගේ මව් භාෂාව භාවිත කිරීමට අධෛර්යමත් නොවන්න. 👈

 

දරුවාගේ ඉදිරි ගමන පහසුවට යැයි නිවසේ අයත් අනිත් භාෂාව පමණක්ම කතා කිරීමෙන්, ⁣අනිත් භාෂාවේ වර්ධනයට ඔබට එතරම්ම උදව්වක් ලබා දිය නොහැකි බවට දත්ත වලින් පෙන්නුම් කරයි.😮😮 දරුවා හා ගැටෙන අනෙකුත් පරිසරයෙන් දරුවාට එම භාශාවට නිරන්තරෙයන් අනාවරණය (exposure ) වීමට ඉඩ ලැබෙනු ඇත. 4 කරුනේ සඳහන් කරාක් මෙන් ඔබ මව්බසට දරුවා අනාවරණය වෙන කාලය අඩු කරොත් එහි වර්ධනය අඩු වෙන්න පුලුවන්.😮 පර්යේශණ වලින් පෙන්වන ආකාරයට වෙන රටක සිටියදිත් මව් භාෂාවත් හැකි දරුවන්ගෙ මානුෂිය සබඳතා බැදීම් ඉතා හොද මට්ටමින් පවතින්න පුලුවන්. 🤩🤩

 

-------------------

 

ඉහත කරුණුත් සමගම දරුවෙකුගෙ භාෂා දෙකක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවට තව නොයෙකුත් සාධක තියෙනවා.😮

 

ගෙදරක ඉන්න පිරිස : අඩු පිරිසක් ඉන්න ගෙදරක දරුවාට වැඩි වෙලාවක් අවධානය දී කතා කිරීමට වඩා , වැඩි පිරිසක් සිටින නිවසක දරුවකුට කතා කිරීමට අඩු වෙලාවක් ලැබුනත් භාෂා වර්ධනය වැඩි වෙන්න පුලුවන්.👬👬

 

ඒ වගේම ගෙදරක නිවැසියන් කතා කරන වචන වල සරලකම,සංකීර්ණ කම , පාවිච්චි කරන වාක්‍ය රටා වල ව්‍යාකරණ රීති වල වෙනස්කම් වගේ දේවලුත් දරුවකුගෙ කථනයට බලපාන සාධක.😊😊

 

මවත් පියාත් දෙදනාම ඉංග්‍රීසිත් සිංහලත් කතා කරත් ⁣,දෙමව්පියන් දෙදෙනාම නිතර කතා කරන්නෙ සිංහල නම් ,බොහෝ විට දරුවාත් සිංහලම තමන්ගෙ ඩොමිනන්ට්( ප්‍රධාන) භාෂාව විදිහට පාවිච්චි කරන්න හුරු වෙන්න පුලුවන්. 👀👀

 

ඒ වගේම වෙනත් රටක සිටින ලාංකික දෙමාපියන් දෙදෙනකු නම්, එක් කෙනකු පමණක් සිංහල පාවිච්චි කරන අවස්ථාවක දරුවා බොහෝවිටක තෝරගන්නේ දරුවා ඉන්න සමාජය පාවිච්චි කරන භාෂාව. (ඒ Community එකේ භාෂාව)😧

 

ගෙදරක වැඩිමහල් සහෝදරයන් සිටිනවානම් එතනදිත් මේ භාෂා දෙකක් කතා කරන දරුවන්ගෙ භාෂා වර්ධනයට යහපත් බලපෑමක් සිද්ධ වෙනවා.🤷‍♂

 

ඒ වගේම පාසල් හෝ පෙරපාසල් යන වයසේ දරුවන් නම් ඒ කමියුනුටි එකේ භාෂාව ගෙදරදිත් කතා කරන්න පෙළඹෙනවා වගේ ගෙදර ඉන්න අයවත් එයාගේ භාෂාවටම හරවගන්න උත්තසහ කරනවා 😊 . ( මේක දකින්න පුලුවන් ඉංග්‍රීසි මාධ්‍යය පෙරපාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ඉන්න බබාලා ළඟ . එයාලා ගෙදර ඇවිල්ලත් ගෙදර අය එක්කත් ඉංග්‍රීසියෙන්ම කතා කරන්න බලනවා.🙋‍♀ ( එතනදි බබාගේ කමියුනිටි එක වෙන්නෙ ඒ පෙරපාසල් හෝ දිවාසුරැකුම් ආයතනය සහ සේවක පිරිස)

 

* කුඩා දරුවන්ට භාෂාවන් හරි ලේසියෙන් ග්‍රහණය කරගන්න පුලුවන්.

 

* ස්පීච් ඩිලේ එකක් නැත්තම් කථනයේ ප්‍රමාදයක් හෝ ආබාධිත තත්වයක් ගැන රෝග විනිශ්චයක් ලැබුනොත් ඔබේ දරුවාගේ කථන හා

චිකිත්සකවරයාට අනිවාර්යෙන්ම භාෂා දෙකක් භාවිත කිරීම ගැන සඳහන් කරන්න අමතක කරන්න එපා.🩺🤥 චිකිත්සකවරයා මේ පිළ්බඳව කල යුතු දේ ගැන ඔබව හොදින් දැනුවත් කරාවි.👌👌

 

සිංහල ,ඉංග්‍රීසි වලට විතරක් නෙවේ ලෝකේ හැම තැනම මේ ගැටලුව තියෙනවා. ඉතින් පර්යේශණ නිරන්තරෙයන් සිද්ද වෙනවා Blingual Speech and and Language Development යටතේ ඔබට කරුණු ඕන තරම් සොයාගන්න පුළුවන් .👌👌

 

❤❤❤❤❤

 

( ඕන තැනක ශෙයා කරන්න. අහන්න අවශ්‍ය නැහැ. මිනිස්සු මේ දේවල් ගැන දැනුවත් නැති නිසා දැනුවත් වෙන්නම මේ ලිව්වෙ පැය ගාණක් මහන්සි වෙලා .🥱🤤 පහල තියෙන පර්යේශණත් කියවලා බලන්න. අවශ්‍ය කෙනක් ඉන්නවනම් තවත් ලිස්ට් එකකුත් දෙන්න පුලුවන් ).👋👋👋

 

References

 

1. Hoff E. Language development in bilingual children. In: Bavin EL, Naigles L, editors. The Cambridge Handbook of Child Language. Cambridge, UK: Cambridge University Press; In press. [Google Scholar]

 

2. McCabe A, Tamis-LeMonda C, Bornstein MH, et al. Multilingual children: beyond myths and towards best practices. SRCD Social Policy Report. 2013;27(4):1–21. [Google Scholar]

 

3. Genesee F, Nicoladis E. Bilingual first language acquisition. In: Hoff E, Shatz M, editors. Blackwell Handbook of Language Development. West Sussex, UK: Wiley-Blackwell; 2007. pp. 324–342. [Google Scholar]

 

4. Lanza E. Bilingual first language acquisition: a discourse perspective on language contact in parent-child interaction. In: Cenoz J, Genesee F, editors. Trends in bilingual acquisition. Amsterdam, the Netherlands: John Benjamins Publishing Co; 2001. pp. 95–106. [Google Scholar]

 

5. Hoff E, Core C, Place S, Rumiche R, Señor M, Parra M. Dual language exposure and early bilingual development. J Child Lang. 2012;39(1):1–27. [PMC free article] [PubMed] [Google Scholar]

 

6.. De Houwer A. Parental language input patterns and children’s bilingual use. Appl Psycholinguist. 2007;28:411–422. [Google Scholar]

 

7.. Goodz N. Parental language mixing in bilingual families. Infant Ment Health J. 1989;10:25–44. [Google Scholar]

 

8. Place S, Hoff E. Properties of dual language exposure that influence

2-year-olds’ bilingual proficiency. Child Dev. 2011;82(6):1834–1849. [PMC free article] [PubMed] [Google Scholar]

 

9. Hoff E, Welsh S, Place S, Ribot KM. Properties of dual language input that shape bilingual development and properties of environments that shape dual language input. In: Grüter T, Paradis J, editors. Input and Experience in Bilingual Development. Amsterdam, the Netherlands: John Benjamins Publishing Co; 2013. [Google Scholar]

 

10.. Gathercole VCM, Thomas EM. Bilingual first-language development: dominant language take-over, threatened minority language take-up. Biling Lang Cogn. 2009;12(2):213–237. [Google Scholar]

 

11. Paradis J, Kirova A. English second language learners in preschool: profile effects in their English abilities and the role of home language environment. Int J Behav Dev. 2014;38(4):342–349. [Google Scholar]

 

✍✍✍

Thakshila Nuwanthi

කථන හා භාෂා චිකිත්සකවරියක් විසින් සැකසුනු ලිපියකි

blog_image
blog_image