blogImage

ලාදුරු

ලාදුරු කියන නම ඇහුවත් තරමක් බිය වන ස්වරූපයක් අපි කාටත් තියෙනවා.

👉මොකද, චිත්‍රපටි, ටෙලිනාටය ‍ආදියේ පෙන්වන අන්දමට ලාදුරු රෝගීන් වෙන් කරලා ගම් නගර පවා අතහැරලා දාලා තියනවා.

 

👉ඊට අමතරව මුළු ඇඟම සුදු රෙදි පටිවලින් ඔතාගෙන මූණ හංගගෙන කතා කරන අය අපිට දකින්න ලැබිලා තියෙන්නෙ.

 

ගොඩක් අය ලාදුරු කියන රෝගය දැනට අපි අතර නැති තුරන් වෙලා ගිය රෝගයක් විදිහට තමයි හිතාගෙන ඉන්නේ.

 

🛑ලාදුරු ලංකාවෙන් තුරන් වෙලාද?

 

👉ලාදුරු රෝගය 1995 දී පමණ ලංකාවෙන් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය කළේ. ජනගහනයෙන් 10000 කට එක් රෝගියෙක් පමණ හමුවන මට්ටමට ලංකාව ළඟා වූ නිසා.

 

👉මෑත අවුරුදු කිහිපයකදීම ක්‍රමයෙන් ලාදුරු රෝගීන්ගේ වැඩි වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනවා.

 

👉සාමාන්‍යයෙන් පසුගිය වසර කිහිපය තුළදී වසරකට ආසන්න වශයෙන් රෝගීන් 1000 පමණ අලුතෙන් හමුවෙනවා. මෙයින් 10% විතර කුඩා ළමුන් වීම විශේෂත්වයකි.

 

🛑ලාදුරු මොනවගේ ලෙඩක්ද?

 

👉ලාදුරු කියන්නේ බැක්ටීරියාවකින් ඇතිවෙන සමට හා ස්නායු වලට දිගුකාලීන බලපාන රෝගයක්.

 

🛑👉මයික්‍රෝබැක්ටීරියම් ලෙප්‍රේ (Microbactirium leprae) කියන බැක්ටීරියාව තමයි මේ ලෙඩේ හදන්නේ.🛑

 

🛑රෝග ලක්ෂණ මොනවා ද?

 

1. සමේ මතුවන පැල්ලම්.

 

ප්‍රධාන ලක්ෂණය තමයි සමේ මතුවන පැල්ලම්, මේ පැල්ලම් වල වේදනාවක් දැනෙන්නේ නැහැ. ඊට අමතරව ඒ පැල්ලම් මත සංවේදනය දැනීම ඉතා අඩුයි.

 

සමහර වෙලාවට සාමාන්‍ය හමේ වර්ණයට වඩා ලා පැහැති හෝ තද පැහැති යන ආකාර දෙකෙන්ම මේ පැල්ලම් මතුවෙනවා. පැල්ලම් සහිත හම රතු පැහැති වෙනවා.

 

🛑විශේෂ අවධානයට 👉 මේ ලප කැළැල් බොහෝ විට අළුහම් වලට සමාන වන නිසා ගොඩක් දෙනා මේ පැල්ලම් අළුහන් යැයි සිතා නොසලකා සිටිනවා.🛑

 

අළුහම් වලින් වෙන් කර හඳුනාගත හැකි වන්නේ , මේ පැල්ලම් මත කටුවකින් වැනි දෙයකින් සෙමින් අනින විටදී සමේ අනෙක් ස්ථානවල මෙන් අපට දැනෙන්නේ නැහැ.

 

2. ස්නායු වලට සිදුවන බලපෑම

 

මූලිකව පර්යන්ත ස්නායු පද්ධතියට මෙයින් බලපෑම් ඇතිවෙනවා. මේ නිසා අත් සහ පාදවල සංවේදනය හෙවත් දැනීම අඩුවෙනවා. ඊට අමතරව මාංශ පේශී දුර්වල වීම හා ක්ෂය වී යාම දක්නට ලැබෙනවා.

 

🛑ලාදුරු බෝවෙනවාද?

 

ඔව් 🛑🛑මේ නිසා තමයි අපි ලාදුරු ගැන දනුවත් වෙලා ඉක්මනින් ප්‍රතිකාර ගන්න අවශ්‍යම.

 

👉රෝගියෙක්ගේ නාසය , මුඛය, හරහා ශ්වසන බිඳිති වගේ දේවල් වලින් මේවා තව කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙනවා. මේ විදිහට සම්ප්‍රේෂණය වීමට රෝගියෙක් දිගුකාලීනව සමීපව ආශ්‍රය කළ යුතුය.

 

🛑ලාදුරු වලට බෙහෙත් නැද්ද?

 

👉මේක ඉතාම වැදගත්, ඉස්සර වගේ නෙවෙයි. ලාදුරුවලට ඖෂධ නියම ආකාරයෙන් අරගෙන සම්පූර්ණයෙන්ම සුව වෙන්න පුළුවන්.

 

👉 වැදගත්ම දේ තමයි, සංකූලතා මතුවෙන්න කලින් මුලදීම රෝගය හඳුනාගන්න එක.

 

👉ඔබටත් සමේ ලපයක් පිළිබඳ සැකයක් තිබේ නම් ළඟම රජයේ රෝහලේ සම පිළිබඳ රෝගය සඳහා වූ සායනයට යන්න.

 

😊නැත්නම් ඒ ලප කැලැල් වල ඡායාරූපයක් 075 4088604 යන අංකයට whatsapp කරන්න

blog_image
blog_image